Friday, April 2, 2010

Widgets

අත්ත උඩ කුරුල්ලො කීයක් ඉතුරුද?



මේක ඇවිල්ල lateral thinking ප්‍රශ්නයක්. මතක ඇතිනෙ කාලෙකට ඉස්සෙල්ල අපේ උදිත සහෝදරයා මෙහෙම ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා. 
මම මේ ප්‍රශ්නෙ උපුටා ගත්තේ "Sri Lanka Engineering News" Feb 2010 කලාපයෙන්. (Institution of Engineers - Sri Lanka (IESL) මගින් මාසිකව නිකුත් කරන පුවත්පතකි.) ඕකෙ තියෙනව පොඩි පොඩි වගේම ලොකු ලොකු ප්‍රෙහෙලිකා. මේකත් එහෙම එකක්.
හුඟක් අය මේක දන්නව, නමුත් මේකට දෙන්න පුළුවන් පිළිතුරු කිහිපයක් තියෙනව, ටිකක් වෙනස් විදිහට, ඒ කිව්වෙ Out of the Box හිතුවම ගොඩක් පිළිතුරු දෙන්න පුළුවන් එකම ප්‍රශ්නෙට. 


ප්‍රශ්නෙ මේකයි. (ප්‍රශ්නෙට මම චූටි වෙනස්කමක් කළා. :) ) 
දඩයක්කාරයෙක් දඩයමේ යනකොට දකිනව ගහක අත්තක කුරුල්ලො දෙන්නෙක් ලැගල ඉන්නව. දඩයක්කාරයා මේ එක කුරුල්ලෙක්ව බිමදාගන්නව. (තේරෙනවනෙ, ඒ කිව්වෙ මරනව.)
දැන් අත්ත උඩ තව කුරුල්ලෝ කීයක් ඉතුරුද? 
ඉතුරු ගාන විතරක් නෙමෙයි, ඒකට හේතුත් මම බලාපොරොත්තු වෙනව. නිර්මාණාත්මක පිළිතුරක් හිතල බලන්නකෝ.

16 comments:

  1. එකෙක් වත් නෑ. අරූව මරනකොට අනිකා පැනල යනවා.

    ReplyDelete
  2. මට හිතෙන විදිහට නම් මේකට උත්තර දෙකක් දෙන්න පුළුවන්. දඩයක්කාරයා එක කුරුල්ලෙක්ව මරන්නේ වෙඩි තියල නම් අනිවාර්යයෙන්ම අනෙක් කුරුල්ලා පැනලා යනවනේ. එහෙනම් අත්ත උඩ එක කුරුල්ලෙක්වත් නැහැ.

    සමහරවිට දඩයක්කාරයා කුරුල්ලව මරන්න දුන්නකුයි ඊතලයකුයි පාවිච්චි කලානම් සමහරවිට අත්ත උඩ එක කුරුල්ලෙක් ඉතුරු වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ කුරුල්ලෝ දෙන්නා අත්ත උඩ ඉන්නේ එකිනෙකාට හුගක් ඈතින් නම් සමහරවිට එක කුරුල්ලෙක් මැරිලා වැටෙනවා අනෙක් කුරුල්ලා නොදකින්න ඉඩ තියෙනවා.

    මේකට තවත් උත්තරයක් සහ හේතු කීපයක්ම මට කල්පනා වුණා. ඒත් මම ඒවා නොලියා ඉන්නම් අනෙක් අයටත් චාන්ස් එකක් දෙන්න ඕනැ හින්දා.

    ReplyDelete
  3. අත්ත උඩ එකෙක්වත් නෑ.
    " ගහල අත්ත "
    ගහල අතු තියෙනවද මචං..?

    ReplyDelete
  4. මළගම ආරංචි වෙලා ආපු කුරුල්ලො සෙට් එකක්ම ඇති නේද දැන්..

    ReplyDelete
  5. @කණියා: හොඳයි, තව උත්තර තියෙනව.

    @උදිත: මම ප්‍රශ්නෙ වෙනස් කරපු ටිකෙනුත් රිංගල ගිය එහෙනම්. හොදයි, තව උත්තර තියෙනව තමා, බලමුකො කට්ටියගෙ ප්‍රතිචාර.

    @හෙලයා: පොඩි අකුරු මාරුවක්, කයන්නට ගයන්න ටයිප් වෙලා, මම ඒක හැදුව. ස්තුහියි පෙන්ව දුන්නට.

    @OutSider: හික්ස් ඒ උත්තරෙත් නරක නෑ. එහෙනම් එන්න ඇත්තෙ කපුටො වගේ උන් තමා.

    ReplyDelete
  6. දඬයක්කාරයා කුරුල්ලා මරපු වෙලාවේ ඒ ගහෙයි, අවට තිබුනු අනිත් ගස්වලයි, හිටපු කුරුල්ලො ටික බයට පියාඹලා යන්න ඇති.

    දැන්.. ඉතිං ඒක වෙලා ගොඩක් දවස්නේ.. ඔයා අහන්නෙ "දැන්" කී දෙනෙක් ඉන්නවද කියල නේද?

    කුරුල්ලො ගාන කොහොම උනත් ඒ ගහ තාම එතන තියෙනවද කියත් මට සැකයි. මේ කැලෑ පාලුවෝ හන්දා.

    ගහ තාම එතන තියෙනවා නම්, මං මේ ලියන මෙහො‍තේ එතන කුරුල්ලෝ 1ක් හරි සෑහෙන ප්‍රමාණයක් හරි ඉන්න පුළුවන්. සමහර විට, ඔයා මේක කියවන වෙලාවෙදී, උන් එක් කෙනෙක් හරි කීප දෙනෙක් හරි ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම්, එක්කෙනෙක්වත් නොයින්නත් පුළුවන්..

    ReplyDelete
  7. සාමාන්‍ය දැනුම පිලිබද ගැටලුවක්,අත්ත උඩ ඒක කුරුල්ලෙක්වත් නෑ.හේතුව මටත් මැරෙන්න බෑ කියල
    අනිකත් ඉගිල්ලිල යනව.

    ReplyDelete
  8. @ - නිල් අහස -: එලම උත්තර කිහිපයක්. ප්‍රශ්නෙ තවත් හිලකින් රිංගල ගියා. :) ඉතාම හොඳයි. මේ අතීත කාල උත්තරේ නම් මට නම් හිතුනෙම නෑ.

    @Peter : ඕක සරළම උත්හ්ටර වලින් එකක්, ඒකත් හරි.

    ReplyDelete
  9. මෙහෙමයි දඩයක්කාරයා කුරුල්ලන්ව මරන්නෙ තුවක්කුවකින් හැබැයි අනිත් එකා ඉගිල්ලිලා යන්නේ නෑ.. මොකද ඒක් ස්නයිපර් තුවක්කුවක්..සද්දෙ ඇහෙන්නෙ නෑ.... අනිත් එකා ඉන්නෙත් තරමක් දුරින්.... ඒ නිසා එක කුරුල්ලෙක් තාමත් ගහ උඩ :) :)

    ReplyDelete
  10. ඒයි සහෝදරයා. මම විහිලුවට නෙවෙයි කිව්වේ. මම හිතුවේ ප්‍රශ්ණේ ඇත්තටම අහන්නේ "ගහල" ගහක් ගැන කියලා. ඉතින් මම ඒකයි මගේ උත්තරේ ඒ විදිහට දුන්නේ.
    හිත රිදුනානම් සමාවෙන්න

    ReplyDelete
  11. @හෙළයා: අය්යෝ අවුලක් නෑ. ම්ම එක ගැන එහෙම හිතුවෙ නෑ, ඔයා ඒක කිව්වෙ නැත්තම් මම ඒ වැරැද්ද දකින්නෙත් නෑ නෙ. ඒකයි ස්තුති කලේ.

    ReplyDelete
  12. දඩයක්කාරයා දකින කුරුල්ලො ගාන ගහ උඩ ඉන්න කුරුල්ලො ගානට සමාන නොවෙන්න පුළුවන් නේද?

    ReplyDelete
  13. ඔව්, ඒ කතාවත් හරි, නමුත් මම කියල තියෙනවනෙ අත්ත උඩ හිටියෙ කුරුල්ලො කුරුල්ලො දෙන්නයි කියලනෙ.

    ReplyDelete
  14. මෙහෙමයි දඩයක්කාරයා කුරුල්ලන්ව මරන්නෙ තුවක්කුවකින් හැබැයි අනිත් එකා ඉගිල්ලිලා යන්නේ නෑ.. මොකද ඒක් ස්නයිපර් තුවක්කුවක්..සද්දෙ ඇහෙන්නෙ නෑ.... අනිත් එකා ඉන්නෙත් තරමක් දුරින්.... ඒ නිසා එක කුරුල්ලෙක් තාමත් ගහ උඩ

    this is the aswere given to the old man by the little kid according to the SLEN (Sri Lanka Engineering News.

    ReplyDelete
  15. I bet "සංදීපගේ මයික්කරපෝනය" has either heard the story or received a copy of SLEN February issue

    ReplyDelete
  16. hiks, I too think so. The answer given to the "Puzzle Guru" from the fan is, "The gun had a silencer and the branch was too long that the other bird did not heard the sound and wasn't scared, so there is one bird left on the branch".

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.