Friday, April 30, 2010

අද විශේෂයි

වෙන අයට නම් නෙමෙයි මට. මගෙ මේ සිංහල බ්ලොග් අඩවියේ Followersල ගාන 100ක් වෙලා.මගෙ "Photography සිංහලෙන්" වෙබ් අඩවිය වෙනුවෙන් හදපු මුහුණු පොතේ පිටුවෙ රසිකයින් ගාණ 1000 පැනල.අද අළුතෙන් හැදුව "Guide To CSE" බ්ලොග් අඩවිය වෙනුවෙනුත් මුහුණු පොතේ පිටුවක්. ඒක හරහා මගෙ බ්ලොග් අඩවියට වැඩි දෙනෙක් පැමිණිම පමණක් නොව කොටස් වෙළඳපළ ආයෝජනයට ආසාවක් ඇති අය ඒ වටා රොක් වෙලා ඒකෙන් උදව්වක් ගනී කියල සහ කොටස් වෙළඳපළ ආයෝජනය දිරි ගැන්වීමක් වෙයි කියල හිතනව. තවත් දෙයක්, ඉදිරියේදී කොටස් වෙළඳපළ සම්බන්ධ බ්ලොග් අඩවිය තුළ ලිපි පළ කිරීමට Market researcher කෙනෙකුත් එකතු...

Wednesday, April 28, 2010

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] වක දෙක හා වීදාගම මෛත්‍රී හිමි

. (මගේ මැරතන් බ්ලොගයේ පළවූ ලිපියකි.) මේක තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ කතාවක්. ඔයාලට මතක ඇති මම මගෙ සිංහල බ්ලොග් එකේ මේ වගේ කතා කිහිපයක්ම කිව්ව. (ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම, ජම්මෙද, පුරුද්දද?, සෘද්ධි තෛලය) මේ සිදුවීම වෙන්නෙ තොටගමුවේ හාමුදුරුවන්ගෙ පොඩි කාලෙ. උන්නන්සෙ කුඩා කාලෙ හැඳින්වුනේ දෙමටානේ කුමාරයා කියල. ඔන්න ඉතින් දෙමාටානේ කුමාරය දවසක් දිය කඩිත්තක් ලඟට ගිහිල්ල බිලී පිත්තකුත් දාගෙන මාළු බානව. එදා අටවක පෝය දවසක්. විදාගම මෛත්‍රී හාමුදුරුවො ඔතනින් යනව, දකිනව මේ මාළු බාන පොඩි එකාව. අටවක පෝය දවසකත් මෙහෙම පාපයට කිසිම බයක් නැතුව ප්‍රාණ...

මැරතන් බ්ලොගයේ තිබූ ලිපි මෙම බ්ලොගයට

.සමහරු ඉතින් මැරතන් බලන්න ආවෙ නෑනෙ, ඉතින් මම හිතුව, මම මගෙ මැරතන් බ්ලොග් එකේ ලිව්ව ලිපි කිහිපයක් මෙම බ්ලොග් එකට අරගෙන එන්න, අර මැරතන් බලන්න ආපු නැති අයටත් කියවන්න.මොකද ඔයාල ඒ ගැන හිතන්...

Sunday, April 25, 2010

බ්ලොග් මැරතන් අවසානය දකී - මම දිව් හැටි

.ඔන්න ඉතින් 2010 සිංහල බ්ලොග් මැරතන් අද උදේ 8ට අවසාන උනා. මමත් දිව්ව. පාවිච්චි කළෙ මෙන්න මේ බ්ලොග් අඩවිය.http://madhawa-in-blogothon.blogspot.comලිපි නම මහ ගොඩක් ලිව්වෙ නෑ. සමහරු එකසිය ගණං ලිව්ව, මම නම් ලිව්වෙ එච්චර ලිව්වෙ නෑ, හරියටම කිව්වොත් මැරතන් එකට ලිව්වෙ ලිපි 39යි. විනාඩි 20න් 20ට එක එක දැම්මෙ. අන්තිම පැයේ විනාඩි 15කට සැරයක් දැම්ම.ඔක්කොම ලිපි 39ට කමෙන්ට් 74ක් තිබ්බ, මම දාපු කමෙන්ට් කිහිපයත් එක්ක.වැඩිම කමෙන්ට් ප්‍රමාණයක් ලැබුනෙ ඩොලර්...

Saturday, April 24, 2010

බුද්ධිමය දේපළ සහ ඔබ

. මේ දවස් වල එක එක කට්ටිය අනිත් අයගෙ බුද්ධිමය දේපළ හොරකම් කරනව කියල කට්ටිය කෑ ගහන නිසා මේ ගැන ලියන්න හිතුව. මුලින්ම, මොකද්ද මේ බුද්ධිමය දේපළක් කියන්නෙ? ඒ කියන්නෙ මිනිහෙක් තමුන්ගෙ බුද්ධිය මෙහෙයවල කරන නිර්මාණයකට. තාක්ෂණික නිපැයුම්, වෙළඳ ලකුණු හා නාම, භාණ්ඩයකට නව පෙනුමක් ලබා දෙන නිර්මාණයක්, ශාස්ත්‍රීය හා කලාත්මක නිර්මාණයන්, ගීත, කලා කෘති හා එවෙනි දේ ඇතුලත් කර තනනු ලැබූ තැටි, පටිගත කිරීම්, ගුවන්විදුලි රූපවාහිනී වැඩසටහන්, මේ වගේ ගොඩක් දේවල්. මීට අමතරව ආර්ථික වටිනාකමින් යුතු නාම, වෙළඳ රහස් හා එවැනි ප්‍රසිද්ධ නොකරන ලද තොරතුරු, අසාධාරණ තරඟකාරිත්වයට එරෙහි...

Thursday, April 22, 2010

Guide to CSE - නව පාර්ලිමේන්තුවත් සමඟ කොටස් වෙළඳපළ ඉහළට

.ශක්තිමත් පාර්ලිමේන්තුවක් යටතේ ලංකාවේ ආර්ථිකයට හොඳ කාලයක් හා කොටස් වෙළඳපළටත් හොඳ කාලයක් එයි කියල හිතපු ආයෝජකයෝ අද කොටස් වෙළඳපළ වටා රැස් වෙලා.සම්පූර්ණ ලිපියට >>&g...

කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් දැන ගන්න, සාකච්ඡා කරන්න

.ඔන්න ඔයාලට කොළඹ කොටස් වෙළඳපළ ගැන දැන ගන්න, ඉගෙන ගන්න, ප්‍රශ්න අහන්න, ප්‍රශ්න විසඳ ගන්න, සාකච්ඡා කරන්න හොද අවස්ථාවක් ඇවිල්ල. ඒ වෙනුවෙන් Forum එකක් විවෘත කරල තියෙනව ඔයාල වෙනුවෙන්ම. ගිහිල්ල බලන්න, ඔයලගෙ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න. ඒ ගැන දන්න කියන අය එක්ක සාකච්ඡා කරන්න, උපදෙස් ගන්න.එන්න එකතු වෙන්න...මෙන්න ලින්ක් එක.www.cse.talk....

Tuesday, April 20, 2010

මටත් සින්ඩියක්

.මේ දවස් වල සින්ඩි තරඟයක්, සින්ඩි උණුසුමක් තියෙනව නෙව. ඉතින් මටත් ලොකු ආසාවක් ආව සින්ඩියක් හදන්න. මගෙ wordpress හොස්ට් එකක තියෙනව සින්ඩියක් මගෙ බ්ලොග් අඩවි කිහිපයක් සින්ඩිකේට් වෙන, feed-wordpress දාල. (ඒක හැදුවෙ, සිංහල බ්ලොගිං වලට ආපුම කාලෙ වගේ)ඉතින් මම අළුත්ම සින්ඩියක් හැදුව මගෙ සිංහල බ්ලොග් අඩවි කිහිපය දාල. හැබැයි මේක හොස්ට් කළේ wordpress උඩ නම් නෙමෙයි, blogspot උඩ.මම පාවිච්චි කළේ Google Ajax Feed API එක. සමහරු නම් දන්නව ඇති. මම ඒකත් මීට පෙර පාවිච්චි කරල තියෙනව. ඒත් අද තමා ඒක හරියට configure කරල එහෙම ගත්තෙ.බ්ලන්නකො ගිහිල්ල මගෙ චූටි සින්ඩියට....

Monday, April 19, 2010

අද කොළඹ කොටස් වෙළඳපළට විශේෂ දිනයක්

.අද දවස කොළඹ කොටස් වෙළඳපළට විශේෂ දිනයක් වෙනවා. මොකද ප්‍රථම වතාවට කොටස් වෙළඳපළ සියළු කොටස් මිල දර්ශකය (ASI) ඒකක 4000 පසු කළා. පසු ගිය කාලය කොළඹ කොටස් වෙළඳපළ ඉතා ඉහළ ක්‍රියාකාරිත්වයක් වගේම ඉහළ වර්ධනයක් පෙන්වපු වෙළඳ පළක්. ඔයාල දන්නවනෙ, සියළු කොටස් මිල දර්ශකය කියන්නෙ සම්පූර්ණ වෙළඳපළ ගැනම මිනුමක් ලබාදෙන දර්ශකයක් කියල.2009.04.20 වන දින ඒකක 1744.14 ක් වූ සියළු කොටස් මිල දර්ශකය, අද දින අවසානයේදී ඒකක 4015.36 ක් වුනා. ඒක 130% වර්ධනයක්.සම්පූර්ණ ලිපියට >>&...

On Line Trading සහය සපයන්නෝ

තියෙන සියළුම තැරැව්කාර ආයතන 21න් 18ක් අන්තර්ජාලය හරහා කොටස් වෙළඳපළ හා ගනු දෙනු කිරීමට සහය දක්වනවා.මේක හුඟක් ලොකු වාසියක් වෙනව ගොඩක් පැති වලින්. මේව හරහා, වෙළඳපළ පිළිබඳ තොරතුරු, ඒ ඒ සමාගම් පිළිබඳ තොරතුරු, වෙනත් අධ්‍යාපනික වටිනාකමින් යුතු ආයෝජනයන්ට අදාල තොරතුරු විශාල ප්‍රමාණයක් ආයෝජකයන්ට ලබා ගැනීමට පුළුවන්. ඒක ආයෝජකයාට විශාල පහසුවක් වගේම විවිධ අපහසුතාද මග හරවනවා.තමුන්ගේ තොරතුරු වලට තමුන්ගේ උපදේශකයා නොමැතිව ලඟාවීමට හැකි වීම හා උපදේශකයාගෙ සහයක් නොමැතිව තනිවම වෙළඳාම් කිරීම වඩා වේගවත් වගේම පහසු ක්‍රමයක් වෙනවා.සම්පූර්ණ ලිපිය කියවන්න >>&...

Sunday, April 18, 2010

දැන්වීමයි - කොටස් වෙළඳපළ ලිපි පෙළ

.මම ඉස්සෙල්ල කිව්වනෙ, මම මීට පෙර ලියපු, කොටස් වෙළඳපළ සම්බන්ධ ලිපි එක තැනකට කළා කියල. (මෙන්න මෙතනට) (http://guidetocse.blogspot.com)ඉතින් ම්ම හිතුව, අළුතින් ලියන ලිපි හැම එකක්ම එතන ප්‍රසිද්ධ කරන්න. නමුත් මේ බ්ලොග් එකටත් ලිපියක් දානව, ඒකෙ ලිපියක් ලියූ වහාම. එතකොට ඔයාලටත් පහසුයිනෙ.ඔයාලගෙ අදහස මොකද්ද ඒ ගැන? එ ක්‍රමේ වඩාත් පිළිවෙලයි නේ...

Thursday, April 15, 2010

කෝච්චි ප්‍රශ්නය

මේකත් SLEN වලින් උපුටා ගන්නා ලද ප්‍රශ්නයක්. මුලදි ඒකෙන් උපුටා ගත්තු "අත්ත උඩ කුරුල්ලො කීයක් ඉතුරුද?" ප්‍රශ්නය හා "දෙදෙනෙකු අතර ඇති වන ආකර්ෂණය " ප්‍රශ්නය කියවන්න ඇතිනෙ? සමහරු උත්තර දෙන්නත් ඇතිනෙ.මේක ඇවිල්ල "Sri Lankan Engineering News" ජනවාරි කලාපයේ පල වුනු ප්‍රශ්නයක්. ප්‍රශ්නෙ මෙහෙමයි.සෙල්ලම් දුම්රිය මාර්ගයක තියෙනව දුම්රිය දෙකක්. දෙකම තියෙන්නෙ එකම දුම්රිය රේල් පීලි මත. මේ දෙකට ශක්තිය සපයන්නෙ විදුලිය. මේවට විදුලිය දෙන්නෙ පිටතින් තියෙන විදුලි...

Wednesday, April 14, 2010

හෙළ අවුරුද්දේ ඇරඹුම කොතැනද?

.අලුත් අවුරුද්දේ හා පුරා කියල ලියන පළවෙනි ලිපිය. හැමෝටම මුලින්ම ආපහු සැරයක් සුභම සුභ අලුත් අවුරුද්දකට සුභැ පැතුම්!!! අලුත් ඇඳුමකුත් ඇන්දෙව්ව බ්ලොග් එකට. දැනුයි දැක්කෙ පොඩි මැහුමක දෙකක අවුලක් තියෙනව, එච්චරම ගාණක් නෑ. ඇඳුම ගැනත් පොඩි කොමෙන්ට් එකක් දාල යන්නකො.එහෙනම් අද ලිපිය පටන් ගමුකෝ..හෙළ අවුරුද්දේ ඇරඹුම කොතැනද?මේකට උත්තර හොයන්න ගියොත් පේන්නෙ, මේක හෙළයන්ම පටන් ගත්තු එකක් බවයි. මේක රාවණා කාලයේ සිට හෝ ඊටත් පෙර සිට පැවතගෙන එන එකක් කියලයි පේන්නෙ.හෙළි...

සුභ අළුත් අවුරුද්දකට ආසිරි!!!

ලොව වටා සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට, සාමය සතුට පිරි, සියළු අනාගත සිතුම් පැතුම් ඉටු වන, ආදරයෙන් හා ජීවයෙන් සපිරුන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!ඔබගේ සියළුම පැතුම් ඉටු වේවා...

Monday, April 12, 2010

මගේ කොටස් වෙළඳපළ සම්බන්ධ ලිපි පෙළ

.ඔයාලට මතකයිනෙ මම කොළඹ කොටස් වෙළඳපළ ගැන ලිපි පෙළක් ලිව්ව. ඒක එහෙ මෙහෙ තියෙන නිසා ඒව කියවන්න ඕනෙ කෙනෙක්ට ලේසියෙන් ඒව ටික පිළිවෙලට කියවන්න කරදරයිනෙ. ඉතින් මම ඒකට පොඩි වැඩක් කළා. මම CSE ගැන උනන්දුව ඇති වෙච්ච කාලෙ හදපු බ්ලොග් එකක් තියෙනව, ඒකට අර හැම ලිපියකම ලින්ක් එකක් දැම්ම, එකකට එක පෝස්ට් එක ගානෙ. (ලිපියෙන් චූටි කොටසකුත් එක්ක)දැන් ඉතින් කට්ටියටම ලේසියෙන්ම ඒ ගැන තොරතුරු ඕනෙ නම් ඒ බ්ලොග් එකට ගියාම ඔක්කොම ලිපි ටිකට ගියෑකි. ඉදිරියේදී ලියන ලිපිත් එහෙමම එකතු කරන්න තමා හිතාන ඉන්නෙ.http://guidetocse.blogspot.c...

Saturday, April 10, 2010

අලුත් අවුරුද්දට ලක ලෑස්ති වෙන ගමන්

සිංහල හින්දු අළුත් අවුරුද්දට තියෙන්නෙ තව දවස් 4යි නෙව. දැන් මේ ඒකට ලක ලෑස්ති වෙන ගමන්. මගෙ බ්ලොග් එකට අවුරුද්දට අළුත් ඇඳුමක් මහන ගමන්. ඒක මහල ඉවර උනාම (ඇත්තම කිව්වොත් දැනටම මහල ඉවරයි වගේ තමා, ලිපියක් ලියන පරක්කුව තියෙන්නෙ), ඒක අන්දල අළුත් ලිපියකුත් එක්කම එන්නම්කො.මම කල්පන කළේ ඇඳුම අවුරුද්දට ඉස්සෙල්ල අන්දනවද, පස්සෙ අන්දනවද කියල. ඔයාලගෙ අදහස් කොහො...

දෙදෙනෙකු අතර ඇති වන ආකර්ෂණය - උත්තරය

මතකයිනෙ මම ප්‍රශ්නයක් ඇහුව. දැක්ක නැති අය මෙතනට ගිහිල්ල බලන්න.ප්‍රශ්නෙ ටිකක් තාක්ෂණික වැඩි වගේ නිසාද මන්ද, එච්චරම උත්තර ලැබුනෙ නම් නෑ, කමක් නෑ ඉතින්. දැන් ලෑස්ති වෙන්නෙ ඒකට උත්තරේ කියන්න.ප්‍රශ්නෙ තිබ්බෙ දෙන්නගෙ ඇඟේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණ වල වෙනසක්.සාමාන්‍යයෙන් 70kg කියල ගත්තොත් මිනිසෙක්ගෙ බර, ඒ පුද්ගලයාගේ ඇඟේ ඉලෙක්ට්‍රෝන මවුල 35523ක් තියෙනව. (මවුලයක් කියන්නෙ 6.022*10^23කට) මේ ඉලක්කම මම ගණං හදල ගත්තෙ, සිරුරේ තියෙන මූලද්‍රව්‍ය අනුපාත අනුව.එතකොට එයින් 1% කියන්නෙ මවුල 355.23ක්. ඒ ප්‍රමාණෙ ස්කන්ධය වෙන්නෙ ග්‍රෑම් 19ක් වගේ පොඩි ගාණක්. දෙදෙනා අතර...

Wednesday, April 7, 2010

මමත් මැරතන් දුවන්නයි ලෑස්තිය

ඔන්න මැරතන් එක තියෙන දවස ප්‍රකාශයට පත් කරල. මේ තියෙන්නෙ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඒක කිව්ව ලිපියෙ තිබ්බ විස්තරේ.2010 සිංහල බ්ලොග් මිනි මැරතන් ඉසවුව2010 අප්‍රේල් 24 සෙනසුරාදාඅපර භාග 8 සිට2010 අප්‍රේල් 25 ඉරිදාපූර්ව භාග 8 දක්වාපුරා පැය 12ක්සයිබර් අවකාශය තුල පැවැත්වෙන බව මෙයින් දන්වා සිටිමු.මාත් ඉතින් මේ බ්ලොග් එකෙන් මැරතන් දුවනව කියල කස්ටිය දන්නව ඇතිනෙ. මටත් හෙල්ප් එකක් දෙන්න හොඳේ.මෙන්න මේකයි මගෙ මැරතන් දුවන බ්ලොග් එක.http://madhawa-in-blogothon.blogspot....

කොටස් වෙළඳ පළ - A small Case Study

මේ ලිපිය ලියන්න ගිහිල්ල මට වෙච්චි දේ ඉස්සෙල්ල මම දාපු ලිපියෙන් දකින්න ඇතිනෙ? නැත්තම් මෙතනින්ගිහිල්ල බලන්න. එකම ලිපිය දෙවනි වරටත් ලියන නිසා පෙර ලිපිය තරම් දිග හා හොඳ නොවෙන්න ඉඩ තියෙනව මේක.කොටස් වෙළඳපළ ගැන මම ලිපි පෙළක්ම ලිව්ව, ඒක මග නැවැත්තුවෙ ඒ දවස් වල ඒක ගැන මම කියන්න ඕනෙ දේවල් ඉවර කරපු නිසා (ඒක සම්පූර්ණයෙන්ම හැඳින්වීමක් වගේනෙ.) ඒ ලිපි කියෙව්වෙ නැති අය, අවසාන ලිපියට මෙතනිනුත්, මුල්ම ලිපියට මෙතනිනුත්යන්න.හරි, අද ලිපිය පටන් ගමු එහෙනම්.අද කියන්න යන්නෙ,...

අනේ බලන්නකො වෙච්චි දෙයක්

ඊයෙ රෑ ලිව්ව දිග ලිපියක් කොටස් වෙළඳපළ ගැන. රූප එහෙම දාල පොඩි financial research එකක් වගේ එකක්. පැය එකහමාරක් දෙකක් ගත කළා. ඔන්න ලියල ඉවර වෙලා පබ්ලිශ් කරන්න බට්න් එක ක්ලික් කළ ගමන් ආව page cannot be displayed. කනෙක්ශන් එකෙත් අවුලක් නෑ, අනිට් සයිට් හොඳට ලෝඩ් වෙනව. බ්ලොගර්ට ඒ පේජ් එක විතරයි ලෝඩ් උනේ නැත්තෙ. ආපස්සට ගියාම ආටිකල් එක හිස්, auto save වෙච්ච එක බැලුවම ඒකත් හිස්.මේක මීට ඉස්සෙල්ලත් එක පාරක් මට වෙලා තියෙනව, නමුත් එදා පොඩි ලිපියක් ලිව්ව නිසා, මම ආපහු ඒ ලිපිය ලිව්ව, ඊයෙ එක නම් දිගයි ටිකක්. :( අනේ මට වෙච්චි දෙයක්. :'(මට බ්ලොගිං එක්ක එපා වෙලා...

Sunday, April 4, 2010

දෙදෙනෙකු අතර ඇති වන ආකර්ෂණය

මේ කතා කරන්නෙ ආදරය වගේ දෙයක් ගැන එහෙම නොමෙයි හොඳේ. වස්තූන් දෙකක් අතර එම වස්තූන් වල ස්කන්ධය නිසා ඇති වන ආකර්ෂණය ගැන. උසස්පෙළට විද්‍යා හරි ගණිත විෂයන් හරි කරපු අයට නම් මේක අළුත් දෙයක් නෙමෙයි. දන්නවනෙ වස්තූන් දෙකක් අතර ඇති වන ආකර්ෂණය එම වස්තූන් දෙකෙහි ස්කන්ධයන්ගේ ගුණිතයට අනුලෝමවත්, ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි කියල.සහ, ආරෝපණ දෙකක් අතර ආකර්ශණ බලය, එම ආරෝපණ දෙකෙහි විශාලත්වයන්ට අනුලෝමවත්, ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි....

Saturday, April 3, 2010

මමත් බ්ලොග් මැරතන් දුවන්නයි ලෑස්ති වෙන්නෙ

මේ ලිපිය තව කල් ගිහිල්ල ලියන්න හිතුවත් අද ලියන්න හිතුව. අවුරුදු මාසෙ පටන් අරන් දැන් තුන්වෙනි දවස. රූපවාහිනියෙ රබන් සද්දයක් ඇහිච්චි නිසා තමයි මේක අද ලියන්න හිතුවෙ. සිංහල බ්ලොග්කරුවන් බ්ලොග් මැරතන් එකක් දුවනව කියල කියනවනෙ. මම නම් මීට පෙර මැරතන් එකට සහභාගි වෙලා නෑ, මොකද ඒ කාලෙදි මම සිංහල බ්ලොග්කරණයට ඇවිල්ල හිටියෙ නැති නිසා. (නමුත් ඉංග්‍රීසියෙන් බ්ලොග් ලිව්ව) ඉතින් මේ පාර තියෙන මැරතන් එකට මමත් දුවන්න හිතුව. ඒකට කියල වෙනම බ්ලොග් එකකුත් හැදුව. (මුලින්...

Friday, April 2, 2010

අත්ත උඩ කුරුල්ලො කීයක් ඉතුරුද?

මේක ඇවිල්ල lateral thinking ප්‍රශ්නයක්. මතක ඇතිනෙ කාලෙකට ඉස්සෙල්ල අපේ උදිත සහෝදරයා මෙහෙම ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා. මම මේ ප්‍රශ්නෙ උපුටා ගත්තේ "Sri Lanka Engineering News" Feb 2010 කලාපයෙන්. (Institution of Engineers - Sri Lanka (IESL) මගින් මාසිකව නිකුත් කරන පුවත්පතකි.) ඕකෙ තියෙනව පොඩි පොඩි වගේම ලොකු ලොකු ප්‍රෙහෙලිකා. මේකත් එහෙම එකක්.හුඟක් අය මේක දන්නව, නමුත් මේකට දෙන්න පුළුවන් පිළිතුරු කිහිපයක් තියෙනව, ටිකක් වෙනස් විදිහට, ඒ කිව්වෙ Out...

Thursday, April 1, 2010

Unlimited Online Storage

LiveDrive කියන්නෙ ඔන්ලයින් ෆයිල් හොස්ටිං වෙබ් අඩවියක්. backup, sharing, mobile access හා web portal එකකුත් තියනව ඔබගේ ගොනු කලමණාකරණය කරගන්න. මේවාට අමතරව ඔබගේ පරිගණකයේ වෙනමම හාඩ් ඩ්‍රයිව් එකක් විදිහට මේක පෙන්නනව. ගොනු උඩුගත කරන්න හරිම ලේසී, කරන්න තියෙන්නෙ ෆයිල් එක ඇදගෙන ඇවිල්ල ඒක උඩට අතාරින එක විතරයි. වෙබ් අඩවියට යන්නෙ නැතුව ඔයාගෙ ෆයිල් ටික කලමණාකරනය කරගන්න පුළුවන්. හරියට පෙන් ඩ්‍රයිව් එකක් වගේ තමා වැඩ කරන්නෙ.http://www.livedrive.c...