Friday, August 14, 2009

Widgets

ආපහු නිවාඩුවක්

යන්තම් ඔක්කොම විභාග වැඩ ඉවරයි. ආපහු බ්ලොග් එකට පෝස්ට් එකක් දෙක්කක් දාන්න කාලෙ හරි.
පහුගිය සතියෙ Site Statics දැක්කම කෑගැස්සුනා, ඔක්කොම page loads 34යි, unique visitorsල 28යි, අපෝ වෙලා තියෙන දෙයක්. ගන්නම දෙයක් නෑ, බලමුකෝ, මේ දවස් දෙකෙන් ඔක්කොමල්ලව ආපහු ගෙන්න ගන්න ඕනෙ.
ඒ අස්සෙ අපේ යාලුවො සෙට් එකක් ත්‍රීකුණාමලේ යන්න ට්‍රිප් එකක් ලෑස්ති කරනව, එකත් යන්න ඕනෙ.
තව මගෙ යාලුවෙක් ජපානෙ ඉඳල ආව, එයාව එක්කගෙනත් කොහේ හරි ට්‍රිප් එකක් යන්න ලොකු ඕනෙ කමකුත් තියෙනව. ඒකත් කොහොම හරි කරගන්න ඕනෙ.
ආ.... අමතක උනානෙ, අද යාලුවො සෙට් එකක් එක්ක ගියානෙ Ice Age 3 බලන්න, ෆිල්ම් එක නම් පට්ට, හැබයි image quality එක නම් චාටර්, හරියට ජෝ අබේවික්‍රමගෙ පරණ ෆිල්ම් එකක් බැලුව වගෙ, මොනව කරන්නද ඉතින්. පෙන් එකේ ඔරිජිනල් divx එක තියාගෙන තමා බලන්න ගියේ.

0 comments:

Post a Comment

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.