Tuesday, August 18, 2009

Widgets

මගෙ බ්ලොග් එක සින්ඩියට වැටෙන්න ඇයි මෙච්චර පරක්කු?


දන්නව ඇතිනෙ මම ඡායාරූප ශිල්පය ගැන බ්ලොග් එකක් පටන් ගත්ත කියල. (http://photography-sinhalen.blogspot.com/) ඒක සින්ඩියට වැටුනු ගමන් පෝස්ට්ස් දානව කියලත් මම කිව්වනෙ, ඒත් දැන් දවස් 3ක් ගියා තාම ඒක සින්ඩියට වැටුනෙ නෑනෙ. මුලින් මේල් එකක් එවනව නේද? නොකිය දාන්නෙ නෑනෙ?
සිංහල බ්ලොග්කරණ තරඟාවලියටත් ඉල්ලුම් කලා, ඒකටත් දැන් දවස් 3යි, තාම එයාලගෙනුත් කිසිම උත්තරයක් නෑනෙ.
දුක තමා... මොකද ඉතින් කරන්නෙ, එයාලට හරියට වැඩ වත්ද?
තව දවසක් දෙකක් බලමුකො නේද...
ආ තව දෙයක්, දැනට ඒ බ්ලොග් එකේ page loads 150කුත්, unique visitors ල 99කුත් ඇවිල්ල තියෙනව. පටන් ගත්තු ගමන් දවස් 2කහමාරට නරක නෑ.
මේක නම් හුඟක් ජනප්‍රිය වෙයි කියල ෂුවර්. හැමෝටම ස්තුති වේවා.

6 comments:

  1. ඇඩ්මින්ට පැමිනිල්ලක් දාන්න

    ReplyDelete
  2. මුලින්ම ෆීඩ් එක හරියටම වැඩද බලන්න. ඊට පස්සෙ කාලිංග අයියට කියන්න. සාහිත්‍ය තරඟය නං නං මං හිතන්නෙ සුදාරක තමා අදාල කෙනා.

    ReplyDelete
  3. හැබැයි මගේ බ්ලොග් එකනම් අයියේ පැය විසිහතරෙන් සින්ඩියේ වැටුනා මම මේල් එක බැලුවේ ඊට පස්සේ එකටත් දන්වලා තිබ්බා.සුදාරක ගෙන් මේ ගැන විමසන්න පුලුවන්නේ සහිත්‍ය.lk එකේ එයාලාව අමතන්න පුලුවන් නේද?.

    ReplyDelete
  4. සිංහල බ්ලොග්කරණ සංසදයේ එකේනම් දින 14රක් යනවා සින්ඩියට වැටෙන්න මොකද මමත් දාලා දින 10කට වැඩියි මගේ එකටත් කිසිම උත්තරයක් නැහැ එනිසා ටිකක් බලමු නේද?.

    ReplyDelete
  5. මගෙ පරණ බ්ලොග් එක සින්ඩියටයි, තරඟයටයි, දවස් දෙකක් යන්න ඉස්සෙල්ල වැටුන, ඒත් මේක තාම නෑ. මම ඇඩ්මින්ටත් ලිව්ව දැන් පොඩ්ඩකට ඉස්සෙල්ල.

    ReplyDelete
  6. ඒක එහෙම තමයි, කලිංග අයිය requests කීපයක් එකතු වුනාම තමයි blog ටික බලල add කරන්නෙ. ලඟදිම add වේවි

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.