Sunday, August 2, 2009

Widgets

ගූගල් එකේ මුහුණු පොතේ පිටුව



ඔන්න ගූගල් එක හොර රහසේම මුහුණු පොතේ fan page එකක් පටන් අරන්, ගිය සතියෙ සඳුදා පටන් අරන් තියෙන්නෙ, මමත් මේ අද තමයි දැක්කෙ. ලේසි නෑ දැනටමත් fans ල 266,638 ක් ඉන්නව. මාත් එකෙක්.
ගූගල් Adwords වලටයි iGoogle වලටයි පිටු තිබ්බ, ඒත් ගූගල් එකට කියල Official Facebook page එකක් දැන් තමයි පටන් අරන් තියෙන්නෙ. iGoogle පටන් ගත්තෙ නම් දැන් මාසෙකට විතර ඉස්සර, Adwords එක නම් ටික කාලයක් වෙනව.
ගූගල් එක ට්විටරයෙන් කතා බහ කරන එක තමා පහු ගිය කාලෙ කලේ, දැන් මුහුණු පොතටත් ඇවිල්ල. මේකට හේතුව මුහුණු පොත වගේ සමාජ ජාල වෙබ් අඩවි වලට එන සෙනඟ කන්දරාවම තමයි. ඔයාලත් දන්නව ඇතිනෙ තමුන්ගෙ වෙළඳාමක් ජනප්‍රිය කරගන්න තියෙන ලාභදායීම හා පහසුම ක්‍රමයක් තමයි සමාජ ජාල වෙබ් අඩවි කියල.
ගිහින් බලන්න එයාලගෙ පිටුවට.
ඔයාලගෙත් මොකක් හරි දෙයක් ප්‍රසිද්ධ කරගන්න ඕනෙ නම් මේක තමයි ලේසිම ක්‍රමේ, මුහුණු පොත.

0 comments:

Post a Comment

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.