Saturday, August 29, 2009

වැරැද්ද අන් අයට පැටවීම - සිනහවේ ගණිතය

මේක විදුසර පත්‍රයේ "තර්ක ශාස්ත්‍රය" සම්බන්ධ ලිපියකින් උපුටා ගත්තු කතාවක්. පෙරේරා මහතා තම උපැස්‌ යුවල ගලවා බැලුවේ තමා දෙසට වේගයෙන් පැමිණෙන්නේ කවුරුන් ද යන්න ය. ඒ තම බෑනා බව ඔහු හැඳිනගත්තේ ය. බෑනා ගේ පෙනුම එතරම් ගුණ නැති බව ඔහුට පෙනිණ."හලෝ පුතා මොකද මේ කේන්තියෙන් වගේ?" පෙරේරා මහතා ඇසුවේ ය."අංකල් මම තවත් බලා ඉන්නේ නෑ... අංකල් දන්නව නේ මම රස්‌සාව කරන්නේ දුර බැහැර පළාතක. මට හදිස්‌සියේ නිවාඩුවක්‌ ලැබුණා. ඉතින් මම නෝනට, ඒ කියන්නේ ඔබතුමා ගේ දුවට ටෙලිග්‍රෑම් එකක්‌ යෑව්වා මම ගෙදර එනව කියලා. ඉතින් මම අද ගෙදර ආවා. අංකල් දන්නව ද මම මොනව ද දැක්‌කේ කියල? කවුද...

Thursday, August 27, 2009

මුහුණු පොතෙන් දැන් ට්විටරය යාවත්කාලීන කරන්න පුළුවන්

ඔන්න දැන් මුහුණු පොතේ සිට ට්විටරයට updates යවන්න පුළුවන්. මේක මේ මුහුණු පොතට එන application එකක් නෙමෙයි, කෙලින්ම මුහුණු පොත, ඔබට ඔබේ status updates, events, photo updates, links වගේ හැම දෙයක්ම ඔබේ ට්විටර් stream එකට දාන්න හැකියාව ලබා දෙනව.ඔබ ක්‍රියාත්මක කරන මුහුණු පොතේ පිටු තියෙනවනම් ඒවයෙ updates උනත් ඊට අදාළ ට්විටර් ගිණුමකට යවන්න පුළුවන්.ඔබට කරන්න තියෙන්නෙ http://www.facebook.com/twitter/ එකට ගිහින් ඒ විකල්පය සක්‍රිය කරන්න විතරයි, එතැන් සිට මුහුණු...

Tuesday, August 25, 2009

බොක්කෙන් Love

මේක මට යාළුවෙක් එව්වෙ, එයාටත් එයාගෙ යාළුවෙක් එවල තියෙන්නෙ. මේක පට්ටම සිරා නිසා දාන්න හිතුන. සම්පූර්ණ ගෞරවය කවි පංතියේ කතෲට. කවුද මේක ලිව්වෙ කියල දන්නවනම් මේකට comment කරල කියන්න.Bokken LoveThe 'bokka' is a 'maara' thing with a 'maara' sense of humourIt's where the 'sira' feelings lie in wait for something 'niyama'It's not as 'pissu' as the heart and is faster than the brainIt's where the 'ginna' really starts to burst out into flamesIt 'veli, veli' waits for years and you think it isn't thereThen 'eka parata' you feel it jump and love is in the...

ඔන්න වැඩේ හරි.

ඔන්න අද මේ දැන් මේල් එක ආව මගෙ ඡායාරූපකරණය බ්ලොග් එක සින්ඩියට දැම්ම කියල. අනේ හොඳයි. මම අද පලවෙනි ලිපිය දානව එහෙනම්. මේ ලිපියත් ඒකට දානව ඒක පරික්ෂාකරල බලන්න.http://photography-sinhalen.blogspot....

මගෙ බ්ලොග් එක බලන්න ආපු කට්ටිය 2000 පැන්න

මේක උනේ නම් දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ල. ඒත් මේ කලබල අස්සෙ ඕව ලිය ලියා හිටියැකිය. අද මේ උදේ වෙනකොට මගෙ බ්ලොග් එකට පැමිණි පුද්ගලයින් ගණන 2086යි. Page Loads 3,267 Unique Visitors 2,086 First Time Visitors 1,165 Returning Visitors 921 ජනප්‍රියම බ්ලොග් ලිපි වෙලා තියෙන්නේ, 1. අපේ ගෙදර පූසිගෙ සෙල්ලම් 2. අපේ ලොකු නැන්දා 3. මගෙ බ්ලොග් එක සින්ඩියට වැටෙන්න ඇයි මෙච්චර පරක්කු?කියන...

Monday, August 24, 2009

මළ ගෙදර ඉවරයි

මළ ගෙදර වැඩ නම් ඉවරයි, දැන් හරි මහන්සියි. කකුල් දෙක රිදෙන එක තමා ඔක්කොටම වඩා. නිදි මතකුත් තියෙනව. ගොඩ දෙනෙක් ආව. පැමිණි නොපැමිණි මට වචනයකින් හරි සංග්‍රහ කරපු හැමෝටම පිං. අපේ නැන්දට නිවන් සුව ලැබේවා කියල මම පතනව...

Saturday, August 22, 2009

අපේ ලොකු නැන්දා

වැඩි දෙයක් ලියන්න වෙලාවක් නෑ, ලියන්න දෙයකුත් නෑ. අපේ ලොකු නැන්දා අද උදේ නැති උනා. අධි රුධිර පීඩනය තිබුන, ඒකට බේත් බි බී හිටියෙ. අද උදේ ක්ෂණික හෘදයාබාධයක් හැදිල නැති උනා. කරන්න කිසිම දෙයක් නෑ....

අපේ ගෙදර පූසිගෙ සෙල්ලම්

අපේ ගෙදර ඉන්නවලු පූසියක්, උගෙ නම "ටිංකි". මොකද ඌ ටිංකිරි පාටයි. ඌට ඉන්නවලු ලස්සන චූටි පැටියෙක්. ඉතින් උන් දෙන්න හරියට සෙල්ලම් කරනවලු. මේ එහෙම දෙන්න සෙල්ලම් කරනකොට ගත්තු චූටි වීඩියෝ ක්ලිප් එක...

Thursday, August 20, 2009

යන්තම් එක වැඩක් හරි

යන්තම් සිංහල බ්ලොග්කරණ තරඟෙට නම් මගෙ ඡායාරූපකරණය බ්ලොග් එක (http://bit.ly/Gu1az) ඇතුළත් කරගත්ත කියල මේල් එකක් ආව, ඒත් තාම සින්ඩියට නම් වැටුනෙ නෑ. ඇඩ්මින්ට දාපු පැමිණිල්ලට නම් උත්තරයක් ආව දින 14ක් දක්වා ගත වෙන්න පුලුවන් කියල. ඒත් මගෙ පරණ බ්ලොග් එක නම් දවසෙන් සින්ඩියට වැටුන. හ්ම්ම්ම්. බලමුකො ඉතින් තව ටික දවසක්. හෙමිහිට තව ලිපි ටිකක් ලියන්න ඕනෙ. තව ටික කාලයයිනෙ මෙහෙම විවේකීව ඉන්න පුලුවන්. ඊට පස්සෙ ඉතින් ඔලුව උස්සන්න අමාරු වෙයි....

Tuesday, August 18, 2009

මගෙ බ්ලොග් එක සින්ඩියට වැටෙන්න ඇයි මෙච්චර පරක්කු?

දන්නව ඇතිනෙ මම ඡායාරූප ශිල්පය ගැන බ්ලොග් එකක් පටන් ගත්ත කියල. (http://photography-sinhalen.blogspot.com/) ඒක සින්ඩියට වැටුනු ගමන් පෝස්ට්ස් දානව කියලත් මම කිව්වනෙ, ඒත් දැන් දවස් 3ක් ගියා තාම ඒක සින්ඩියට වැටුනෙ නෑනෙ. මුලින් මේල් එකක් එවනව නේද? නොකිය දාන්නෙ නෑනෙ?සිංහල බ්ලොග්කරණ තරඟාවලියටත් ඉල්ලුම් කලා, ඒකටත් දැන් දවස් 3යි, තාම එයාලගෙනුත් කිසිම උත්තරයක් නෑනෙ. දුක තමා... මොකද ඉතින් කරන්නෙ, එයාලට හරියට වැඩ වත්ද? තව දවසක් දෙකක් බලමුකො නේද...ආ තව දෙයක්, දැනට ඒ බ්ලොග් එකේ page loads 150කුත්, unique visitors ල 99කුත් ඇවිල්ල තියෙනව. පටන් ගත්තු ගමන් දවස් 2කහමාරට...

Sunday, August 16, 2009

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්න සිංහල බ්ලොග්කරුවන් කවුද?

මට දැන ගන්න ඕනෙ සිංහල බ්ලොග් ලියන්නන්ගේ සංසදය හා එක්ව ඇති හා නැති මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්න සියලුම බ්ලොග්කරුවන් ගැන විස්තර.ඉතින් ඔබ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්න සිංහල බ්ලොග්කරුවෙක් නම් කරුණාකරල මේකට කමෙන්ට් එකක් දාල ඒ ගැන මට කියන්න තරම් කාරුණික වෙන්න පුලුවන්ද? බොහොම ස්තුති...

Photography සිංහලෙන්

ඔන්න කිව්ව වගේම බ්ලොග් එකක් පටන් ගත්ත, ඡායාරූපකරණය ගැන. අදහස් උදහස් අහල බලන්න දාපු පෝස්ට් එකට නම් හිතපු තරම් කමෙන්ට්ස් ආවෙ නෑ. කෙසේ වෙතත් මම වැඩේ පටන් ගත්ත. මට මේ ගැන තියෙන දැනුම පොඩ්ඩයි උනත් මම ඒක හොඳට දෙන්න උත්සාහ කරනව. මමත් සමහර දේවල් ඉගෙන ගන්න ගමන්ම තමයි මේක ලියන්නෙ. මෙන්න ලින්ක් එක.http://photography-sinhalen.blogspot.comදැනටත් පොස්ට්ස් ටිකක් ලියල තියෙන්නෙ. බ්ලොග් එක සින්ඩියට වැටුනු ගමන් එව දාන්න බලාපොරොත්තු වෙ...

Friday, August 14, 2009

අලුත් බ්ලොග් එකක්

මම හිතාගෙන ඉන්නව අලුත් බ්ලොග් එකක් පටන් ගන්න, "ඡායාරූපකරණය" ගැන. මහ ලොකු දේවල් නෙමෙයි, මම මේ පහුගිය June term එකේ ඉගෙනගත්තු ඡායාරූපකරණය පිලිබඳ මූලික සංකල්ප ටික ගැන ටිකක් ලියන්න. මමත් මහලොකු දැනුමක් ඇති කෙනෙක් නෙමෙයි, ඒත් පොඩි පොඩි දේවලුත් දන්නෙ නැති අය ඉන්නවනෙ. මොකද කට්ටිය හිතන්නෙ? සිංහලෙන් තමයි ලියන්න හිතාගෙන ඉන්නෙ. තව ඉතින් ඒ ගැන හොඳ දැනුමක් තියෙන කීපදෙනෙක් සෙට් කරගත්තොත් නම් ගොඩම ත...

ආපහු නිවාඩුවක්

යන්තම් ඔක්කොම විභාග වැඩ ඉවරයි. ආපහු බ්ලොග් එකට පෝස්ට් එකක් දෙක්කක් දාන්න කාලෙ හරි. පහුගිය සතියෙ Site Statics දැක්කම කෑගැස්සුනා, ඔක්කොම page loads 34යි, unique visitorsල 28යි, අපෝ වෙලා තියෙන දෙයක්. ගන්නම දෙයක් නෑ, බලමුකෝ, මේ දවස් දෙකෙන් ඔක්කොමල්ලව ආපහු ගෙන්න ගන්න ඕනෙ. ඒ අස්සෙ අපේ යාලුවො සෙට් එකක් ත්‍රීකුණාමලේ යන්න ට්‍රිප් එකක් ලෑස්ති කරනව, එකත් යන්න ඕනෙ. තව මගෙ යාලුවෙක් ජපානෙ ඉඳල ආව, එයාව එක්කගෙනත් කොහේ හරි ට්‍රිප් එකක් යන්න ලොකු ඕනෙ කමකුත් තියෙනව. ඒකත් කොහොම හරි කරගන්න ඕනෙ. ආ.... අමතක උනානෙ, අද යාලුවො සෙට් එකක් එක්ක ගියානෙ Ice Age 3 බලන්න, ෆිල්ම්...

Friday, August 7, 2009

හොඳටම වැඩ

හෙට විභාගෙ. මේ දවස් ටිකේම පාඩම් වැඩ නිසා බ්ලොග් එකට අලුත් පෝස්ට් එකක් දාන්නවත් වෙලාවක් නෑ, අද මේ ගෙදර ආව විතරයි, තව ටිකේන් ආපහු වැඩ පටන් ගන්න ඕනෙ. සින්ඩිය කියවන්නත් බැරි උනා මේ සතියෙම. ආපහු ඉතින් ලබන සිකුරාද තමයි, මොනා හරි ලියන්න වෙන්නෙ.අද අපේ ඩිපාට්මන්ට් එකට අලුත් බැච් එක ගත්ත, උදේ ඒ පැත්තටත් ගිහින් පොඩ්ඩක් උදව්වක් එහෙම කරල, කතා කරල ආව. එතන පොඩ්දක් ඉන්න තිබ්බ නම් හොඳයි, ඒත් වෙලාව තමා ප්‍රශ්...

Sunday, August 2, 2009

ගූගල් එකේ මුහුණු පොතේ පිටුව

ඔන්න ගූගල් එක හොර රහසේම මුහුණු පොතේ fan page එකක් පටන් අරන්, ගිය සතියෙ සඳුදා පටන් අරන් තියෙන්නෙ, මමත් මේ අද තමයි දැක්කෙ. ලේසි නෑ දැනටමත් fans ල 266,638 ක් ඉන්නව. මාත් එකෙක්. ගූගල් Adwords වලටයි iGoogle වලටයි පිටු තිබ්බ, ඒත් ගූගල් එකට කියල Official Facebook page එකක් දැන් තමයි පටන් අරන් තියෙන්නෙ. iGoogle පටන් ගත්තෙ නම් දැන් මාසෙකට විතර ඉස්සර, Adwords එක නම් ටික කාලයක් වෙනව. ගූගල් එක ට්විටරයෙන් කතා බහ කරන එක තමා පහු ගිය කාලෙ කලේ, දැන් මුහුණු පොතටත්...

Saturday, August 1, 2009

Google සහ MicroHoo

ඔන්න අන්තිමේදි මයික්‍රොසොෆ්ට් එකයි යාහූ එකයි සෙට් වෙලා. 2008 දි මයික්‍රොසොෆ්ට් එක යාහූ එක බිලියන 44.6කට ගන්නනෙ ලෑස්ති උනේ, ඒත් යාහූ කට්ටිය අකමැති උනානෙ. දැන් දෙගොල්ලො හවුල් ව්‍යාපාරයක් විදිහට වැඩ කරන්නලු ලෑස්ති වෙන්නෙ.එයාලගෙ එකඟතාවයේ සාරංශය මෙහෙමයි. "Microsoft will power Yahoo Search and Yahoo will become the exclusive search advertising provider for Microsoft’s search engine, Bing. Microsoft’s AdCenter will operate self-service advertising for...

මුහුණු පොතේ Smileys

ඔයාල මුහුණු පොතේ ඉන්නවනම් අනිවාර්යයෙන් ඒකෙ තියෙන Chat App එක භාවිතා කරනව ඇති. හැම chat app එකකම වගේ ඒකෙත් තියෙනව smileys. ඒව චැට් එකට දාන්න, ඒවට අදාල යතුරු පුවරු සංයෝජන දැනගෙන ඉන්න ඕනෙ. මමත් ඉස්සර දැනගෙන හිටියෙ, :), ;), :(, :D ටික විතරයි, ඒත් සමහරු එක එක අමුතු අමුතු ඒව එවනකොට මටත් හිතුන ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න.ඉතින් මට මෙන්න මේ ලිස්ට් එක ලැබුන.දැන් ඉතින් මේව ගැන නොදැන හිටපු අයටත් පුලුවන් මේව පාවිච්චි කරල චැට් කරන්න.:):(:P:D:O;)8)8|>:(:\:'(3:)(^^^)O:):-*<3^_^-_-O.o>:o:v:3:|]:putnam:මේකෙන්...