Sunday, September 27, 2009

Widgets

ජූම්ලා සම්බන්ධ ප්‍රශ්නයක්.


මම මේක සිංහල යුනිකොඩ් ගෲප් එකෙයි, සිංහල බ්ලොග්කරුවන්ගේ ගෲප් එකෙයි දැම්ම, නමුත් තාම පිළිතුරක් නම් ලැබුනෙ නෑ. මම ජූම්ලා වලින් සයිට් එකක් හැදුව (http://madhawa.lkwebhost.com). හැදුවෙ හොස්ටිං එකත් එක්ක එන auto installer එක පාවිච්චි කරල. 
මට මේකෙ පොඩි ප්‍රශ්නයක් තියෙනව, සිංහල වලින් මොකුත් දාන්න බෑ. සිංහලෙන් මොනව හරි ටයිප් කරල ඒක සේව් කරපු ගමන් සිංහල අකුරු ටික ????? ???? ටිකකට හැරෙනව.  
මේකෙ තීම් එකත් මමම හදපු එකක්. ඒකට ඉස්කෝලපොත ෆොන්ට් එකත් දැම්ම, css එක වෙනස් කරල, ඒත් හරිගියේ නෑ. හරිම ප්‍රශ්නයක්. 
මම එතනම හදපු වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකටත් මේ ප්‍රශ්නෙම ආව (ඒකත් කළේ auto installer එකෙන්: http://madhawa.lkwebhost.com/blog/), නමුත් ඒක ඉවත් කරල. මමම හොස්ට් කළාම එකේ අවුල හරි ගියා. මට මේකට විසඳුමක් තාම හොයාගන්න බැරි උනා. තාම හොයනව.

4 comments:

  1. DB type එක UTF-8 කරන්න, ඒ එක්කම data tables හා data fields UTF-8 කරන්න එචරයි.

    ඒ වගේම HTML content type එක meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type' කරන්න.

    ReplyDelete
  2. ඔයා මේ කියන්නෙ වර්ඩ්ප්‍රෙස් ගැන නේද? එහෙම කලාට හරි ගියෙ නෑ. ඉතින් මම ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කරල අළුතින් දැම්ම.

    ReplyDelete
  3. ඔය කෝකෙත් db එක UTF-8 කලාම ඕක හරියනව. ජූම්ලා වල සමහර ප්ලගින් වලදිත් ඔය ප්‍රශ්නෙ එනව. phpmyadmin වලින් ගිහින් tables, data fields UTF-8 වලට වෙනස්කලාම හරි යනව.

    ReplyDelete
  4. tables හා fields UTF-8 කරන්න .
    ඒක කලාම ඕක හරියනව.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.