Friday, September 25, 2009

Widgets

අද දවස නම් හරිම කාර්යබහුල දවසක්.



කිව්ව වගේම අද නම් හරිම කාර්යබහුලයි. උදේ එක ලෙක්චර් එකකට ගියා. ඊළඟ ලෙක්චර් එකට යන්න ලෑස්ති වෙනකොට සන්ජය (අර මම කිව්වෙ මාත් එක්ක JIY වැඩ වලට එකතු වෙලා ඉන්න යාළුව.) ඇවිල්ල කිව්ව අන්න ,මීගොඩ සර් කතා කළා, දැන් යන්න ඕනෙ එයාගෙ ඔෆිස් එකට JIY එකෙ වැඩ ටිකක තොරතුරු ටික ගන්න කියල. ඉතින් මොකද කරන්නෙ. සඳුද තියෙන ප්‍රැක්ටිකල් එකේ ලැබ් ශීට් ටික බෙදන එක යාළුවෙක්ට පවරල 10 - 12 ලෙක්චර් එක කට් කරල (මේ සෙමෙස්ටරයෙ පළවෙනි ලෙක්චර් කට් කිරිල්ල.) ගියා කොල්ලුපිටියට (එහෙ තමයි මීගොඩ සර්ගෙ ඔෆිස් එක තියෙන්නෙ, එයා විදුලි බල මණ්ඩලයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ ජ්‍යේෂ්ට ඉංජිනේරුවනෙ.). ඒ තොරතුරු අරන් ආපහු කැම්පස් එනකොට 1.15 යි. සන්ජයට ප්‍රැක්ටිකල් එකට යන්නත් පරක්කු උනා. ඊට පස්සෙ තමා යුද්දෙ පටන් ගත්තෙ. අපේ ඩිපාට්මන්ට් එකට ලබන සතියෙ සඳුද, අඟහරුවාද එනව IESL එකෙන්, පරික්ෂාවකට. ඒකට මේ සතියෙ අපේ කස්ටිය ලෑස්ති වෙනව. ඉතින් ඒ සම්බන්ධ වැඩ වලට අපේ ඩිපාර්මන්ට් එකේ එක එක වැඩ. හැමෝම ඒකට ලෑස්ති වෙන්න ඕනෙ. ළමයින් එක්ක එයාලගෙ සාකච්ඡාවක් තියෙනව, ඒකෙදි මොකද කරන්න ඕනෙ කියල ඊයෙ සර්ල කිව්ව. 
ඊට පස්සෙ එයාල අපේ ලැබ්ස් වල රවුමක් යනවලු, ඒ නිසා ප්‍රක්ටිකල්ස් තුනක් දාල තියෙනව සඳුදට. (සඳුද කොහොමත් ප්‍රැක්ටිකල් තියෙන දවසක්) ඒ ප්‍රැක්ටිකල් කරන ළමයි කවුද කියල තීරණය කරන්න හුඟ වෙලාවක් ගියා, මොකද කිව්වොත් මේ පාර විෂයන් තෝරා ගැනීම් කරන්න පුළුවන් නිසා, ළමයි එක එක විෂයන්නෙ තෝරගෙන තියෙන්නෙ, ඒ නිසා කාලසටහන හදන එක නම් පට්ටම ගේමක්, සර් ළමයින්ටත් අඬ ගහල ඒක යන්තම් හදා ගත්ත. එතන තවත් ප්‍රශ්නයක් තිබ්බෙ, ඊයෙත් සමහරු තමුන් කරන විෂයන් වලට ලියාපදිංචි වීම් වෙනස් කරල නිසා කාලසටහනේ වෙනස්කම් කරන්න වෙච්චි එක. ඒකත් ඉවර කරගත්ත යන්තම්. 
ඒ අස්සෙම අපේ වසරෙ ළමයින් හුඟක් තාම මේ අධ්‍යයන වර්ෂයට ලියාපදිංචි වෙලා නෑ, ඒක කරන්න ළමයින්ගෙ record books ටිකයි, අදාළ ෆෝම්ස් ටිකයි එකතු කරගත්ත, ඔක්කොම එකතු නොවුනු නිසා ඒකත් කරන්න වෙන්නෙ සඳුදම තමා.
තව අපේ මැඩම් කෙනෙක් කිව්ව අපේ බැච් එකේ ළමයින්ගෙ උසස් පෙළ ප්‍රතිඵල ටික එකතු කරල දෙන්න කියල. ඒකත් යන්තම් කරල දුන්න (ඒත් ඔක්කෝම දෙන්න බැරි උනා, මොකද ඒ වෙනකොටත් සමහරු ගෙවල් බලා ගිහින්). ඒ අතරෙම අපේ අවසන් වසරේ කරන ව්‍යාපෘතිය ගැන අපේ උපදේශක විදිහට ඉන්න අදිකාරි සර් එක්ක කත කරන්න අදට දාගත්තනෙ ඊයෙ. ඒකට යන්නත් උනා, මගෙ අනිත් සගයා ගෙදර ගියා. මම් තනියම ගිහින් සර් එක්ක ඒකත් කතා කරගත්ත. කොහොමෙන් කොහොම හරි ඔය වැඩ ටික ඉවර වෙනකොට 3ත් පහු වෙලා. මම දවල්ට කාල නෑ ඒ වෙනකොටත්. ඉතින් කැන්ටිමට ගිහින් සැන්ඩ්විචස් 2ක් කාල, කිරි බෝතලයක් ගැහුව. ඒකට නිකං මොකද්ද උනා වගේ, ලේසි නෑ 500ml ක් නෙ. ඒ අස්සෙ තව අවුලක්. මමත් එක්ක මගෙ යාළුවෙක් ගිහින් ලැප්ටොප් එකක් ගත්තනෙ. ඒකට යන්තම් ඊයෙ XP දැම්ම, නමුත් ඒකට හරියන drivers නෑ, උන් දීල තියෙන්නෙත් Vista Drivers. ඉතින් මොකද කරන්නෙ. ලැප නෙට් කනෙක්ට් කරල drivers හෙව්ව, කොහෙද එකක්වත් නෑ. යාළුවෙක් තව විසඳුමක් දුන්න, Windows 7 දැමීම. ඉතින් මම ඒ වැඩේ තව යාළුවෙක්ට සෙට් කරල දීල මම ගෙදර එන්න ආව. ඒ 4.30ට. යන්තම් ගෙදරට අදිය තිබ්බම තමා හිතට සැන සිල්ලක් ලැබුනෙ. ඔයාල බලයි මූට මොකද මෙච්චර වැඩ කියල, ඇයි ළමයිනේ මමනෙ අපේ ඩිපාර්ට්මන්ට් එකේ අපේ ගෲප් එකේ රෙපා. :( (Level 4 - Group Representative)

1 comment:

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.