Tuesday, September 22, 2009

Widgets

කොළඹ කොටස් වෙළඳපළ සමඟ කෙලින්ම සම්බන්ධ වෙන්න CDAX පාවිච්චි කරන්න




CDAX කියන්නෙ මොකක්ද කියල කට්ටිය දැන් දන්නවනෙ? ආපහු කියමුකො, Colombo Direct Access Xchange (CDAX) කියන්නෙ පරිගණක මෘදුකාංගයක්. එය හරහා ඔබට පුළුවන් කොළඹ කොටස් වෙළඳපළේ ද්විතීය වෙළඳපළ සමඟ කෙලින්ම සම්බන්ධ වෙන්න තැරැව්කාර සමාගමේ කිසිවෙකුගේ සහයක් රහිතව.





ඊටපස්සෙ? 
ඊටපස්සෙ ඉතින් මොනවද, ඔයා කොටස් වෙළඳපළ ඇතුළෙ ඉන්නව වගේ තමා. වෙන හැම trade එකක්ම ඔයාට, ඒකෙන් ඒ වෙලේම පෙන්නනව. (real time trading)

ඉතින් මට මොකෝ. 
මොකද, ඔබ මිලදී ගත්තු කොටස් වල මිල ඉහල ගියොත්, ඔබට කැමති නම් එවෙලෙම ඒ කොටස් විකිණීමේ හැකියාව ඔබට තිබෙනව. ඔබට ගැළපෙන සමාගමක / වාසියක් ගන්න පුළුවන් සමාගමක කොටස් වල මිල පහළ ගියොත් , එවෙලෙම ඔබට එම සමාගමේ කොටස් මිලට ගන්න මේ මෘදුකාංගය හරහා පුළුවන්. විකුණන්න හෝ මිලට ගන්න අවශ්‍ය කොටස් මිලක් සළකුණු කරල පෝලිම් ගස්සල තියන්නත් පුළුවන්. (Queue) ඕනෙ නම් ඉදිරි දවසකදි ඒක වැටෙන්න. එක එක කොටස් සම්බන්ධ අතීත තොරතුරු මෙමගින් ලබා ගන්න පුළුවන්.  
උදා: කොටස් වල මිල උච්ඡාවචනය වෙලා තියෙන්නෙ කොහොමද, කොපමණ කොටස් විකිණිලා තියෙනවද වැනි දේවල්.

මේවට අමතරව තව පහසුකම් තිබෙනව මෙම මෘදුකාංගය තුළ. ඔබට මෙම පහසුකම ගන්න දැනට ක්‍රම දෙකක් තිබෙනව.  
1. මෘදුකාංගය පරිගණකයට ස්ථාපනය කර ගැනීමෙන් (CDAX Pro) 
2. ඔන්ලයින් CDAX අතුරු මුහුණත මගින් (CDAX Net) 
තුන්වන ක්‍රමය මග එනව, ඔබේ ජංගම දුරකතනයට CDAX Mobile ස්ථාපනය කර ගැනීම මගින්.

ඒක දාගත්තට පස්සෙ අන්තර්ජාල පහසුකම තිබෙනව නම් ඔබ කොටස් වෙළඳපළ තුළට පිවිසෙන්නට සූදානම්. ඔබේම පරිශීලක නමක් හා ඔබේම මුරපදයක් භාවිතා කරල ඔබට පුළුවන් ඔබේ ගිණුමට හා වෙළඳපළ තුළට ඇතුළු වෙන්න. (මෙම විස්තර ඔබගේ තැරැව්කාර සමාගමෙන් ලබා දෙනව. ඔබට පසුව පුළුවන් ඔබේ මුරපදය වෙනස් කර ගන්න.)

CDAX වෙබ් අඩවියට පිවිසෙන්න මෙතන කොටන්න.

මතකයිනෙ මෙම පහසුකම දැනට දෙන්නෙ තැරැව්කාර සමාගම් 7ක් පමණයි. ඒ කවුද කියල දැනගන්න 2 වන ලිපිය කියවන්න. ඒ සඳහා මෙතන කොටන්න.

කොටස් වෙළඳපළ පිළිබඳව මූලික අදහසක් නැත්තම් පරණ ලිපි කියවන්න.

19 comments:

  1. madwa aiye dan mage okkoma active wela tiyenne cdax ut,dan apita antime salli withdraw karanna one unamada kohmda karanne?broker ta kyala da?kohomada?

    ReplyDelete
  2. සාමාන්‍යයෙන් මොකක් හරි විකුණුවම ඒකට අදාල මුදල චෙක්පතකින් ගෙදරට එනව. හැබැයි කියල ඒ මුදල තමුන්ගෙ CDS ගිණුමට දාන්න කියල කියන්න පුළුවන්. ඕනෙම වෙලාවක අපිට අපේ CDS ගිණුමෙන් මුදල් අරගන්න පුළුවන්. ඔබේ තැරැව්කාර අයතනයට කිව්වම චෙක්පතකින් මුදල් ගෙදරටම එවනව.

    ReplyDelete
  3. thnx madwa aiya,mama me isselal ekak sell kara,eth dan accnt balance eka wens wela naha,sell wechha ewage record balanne kohenda cdax eke?

    ReplyDelete
  4. CDAX එකේ Client details වල Account details එකෙන් සියළුම විකිණුම්, මිලට ගැනීම් පිළිබඳ විස්තර බලන්න පුළුවන්. Help එක කියවන්න, ඒකෙ සියළුම විස්තර තියෙනව. මම මේ දවස් වල ටිකක් busy, exams. ඒක නිසා උත්තර නම් නොලැබෙන්න ඉඩ තියෙයි ඔයා මෙතන අහන ප්‍රශ්න වලට.

    ReplyDelete
  5. අයියා මම coco.r0000 කියන එකේ ටිකක් ගත්තා ඒ දවස් වල,ඒත් දැන් ඒක අතුරුදහන් වෙලා cdax client details වල,මට bought note එකත් ආවා තැපෑලෙන්,දැන් මොකද කරන්නේ?ඇයි මෙහෙම වෙන්නේ? :O

    ReplyDelete
  6. අතුරුදන් වෙලා කිව්වෙ කොහෙන්ද අතුරුදන් වෙලා තියෙන්නෙ? Client Details වලින්ද? එතනින් අතුරුදන් වෙන්න නම් බැ. Lot watch නම් එන්නෙ නැ එක ට්‍රේඩ් වෙන්නෙ නෑත්තම්.

    ReplyDelete
  7. අතුරුදන් වෙලා කිව්වෙ කොහෙන්ද අතුරුදන් වෙලා තියෙන්නෙ? Client Details වලින්ද? එතනින් අතුරුදන් වෙන්න නම් බැ. Lot watch නම් එන්නෙ නැ එක ට්‍රේඩ් වෙන්නෙ නෑත්තම්.

    ReplyDelete
  8. Client Details වල පෙන්නන්නෙත් නෑ අයියා, :/ ඒක දැන් trade වෙන්නෙත් නෑ :O

    ReplyDelete
  9. එතන නැත්නම් ඒ කියන්නෙ ඔයා ලඟ ඒකෙ කොටස් නෑ. සාමාන්‍යයෙන් .r ඒව ට්‍රේඩ් වෙනව හුඟක් අඩුයි.

    ReplyDelete
  10. ඒ ටික ඔයාගෙ CDAX ගිණුමෙ ඇති. බලන්න Account Monitor ගිහිල්ල.

    ReplyDelete
  11. නෑ අයියා,ඒකෙත් නෑ,මම අරකේ විස්තර බැලුවම එනවා dealings suspended කියලා,ඒකද දන්නෑ හේතුව :/

    ReplyDelete
  12. ආ, එහෙනම් මල්ලි ඕක මගෙන් අහල හරියන්නෙ නම් නෑ. ඔයා කෙලින්ම බ්‍රෝකර් ෆම් එකට කතා කරල ප්‍රශ්නෙ අහන්න. ඇයි ඔයාගෙ අකවුන්ට් එක සස්පෙන්ඩ් කරන්න ඔයා මොකද කලේ?

    ReplyDelete
  13. නෑ නෑ අයියා මගේ නෙවේ,coco.r0000 එකේ,මගේ එක වැඩ,මගේ අනික්වා trade වෙනවා,ඇයි එහෙම කාලෙන් කාලෙට සමහර company dealings suspend කරන්නේ,මම දැක්කා සැරයක් SAMP.N0000 එකෙත් dealings suspend කරලා තිබ්බා,

    ReplyDelete
  14. එහෙනම් ඒ කොම්පැනිය වහල ඇති. නැත්තම් වෙන් මොකක්හරි ප්‍රශ්නයක් ඇති. බ්‍රෝකර්ට කතා කරල බලන්න ඒකට මොකද කරන්නෙ කියල. (ඔයා ඒකට වියදම් කරපු සල්ලි ඔයාට ලැබිල නැත්තම්)

    ReplyDelete
  15. බොහොම ස්තූතියි අයියේ,මම මේ බල බල හිටියේ මොකෝ කරන්නේ කියලා :)

    ReplyDelete
  16. ඔයා cdax සයිට් එකේ link එකට ww අකුරු දෙකයි දීපා තියෙන්නේ මමත් ඇදගෙන නෑවා සයිට් එකට යන්නේ නැතුව බැලුවාම ඔයාගෙ ලින්ක් එකේ කේස්......

    මමත් share marcket එක ගැන study කරන්න try කරනවා.... ඔයාලග තව උදව් තියෙනවානම් දිගින් දිගටම ලියන්න .

    ReplyDelete
  17. මම අද මේ ලිපි පෙල දැක්කෙ හුගක් හොද දෙයක් මගෙත් අදහස් මේකට එකතු කරන ගමන් ම මම මෙතන සමහර අය නගල තියෙන ගැ‍ටලු වගේකට පිළිතුරු දෙන්නයි මේ කමෙන්ට් එක දාන්නෙ

    එක යාලුවෙක් කියල තිබ්බා coco.r0000 කියන ෂෙයාර් එක දැන් එයාගෙ පෙන්නන්නෙ නෑ කියල

    මෙහෙ‍මයි කොටස් වෙළදපොලේ ට්‍රේඩ් වෙන කොටස් ජාති කිහිපයක් තියෙනවා නෝමල් ෂෙයාර් ස් එතකොට නොන්‍ වෝටින්ග් ෂෙයාර්ස් right issue shares සහ කොටස් බලපත්‍ර

    මේවයිවන් යාලුවා කියල තිබ්බා coco.r0000 කියන්නෙ කොකො සමාගමේ නිකුත් කරපු රයිට් එක
    රයිට් එකක් සමාගමක් දෙන්නෙ එකේ කලින් කොටස් තියාගෙන හිටපු කොටස් හිමියන් දිරිමත් කරන්න ඒ කියන්නෙ දැන් මට ඔට සමාගමෙන් කොටස් 100ක තිබ්බ කියමුකෝ ඒ වගේම දැන් සමාගමේ කොටසක මිල 40 කියමුකෝ එත කොට එයාල මට කියනවා ඔයා ගාව තියෙන එක කොටසකට අපි දෙනවා එක කොටසක් ගානේ රුපියල් 30කට එකක් කියල එතකොට මම 30 ගානේ අර දෙන අමතර කොටස් ගත්තොත් මට ඒව මාකට් එකේ එකක් 40 ගානේ දෙන්න පුලුවන් දැන් තියෙන මිල අනුව(මම මේක ‍බොහොම සරලව කියල දෙන්නෙ මෙතන මී‍ට වඩා ගැඹුරු දෙයක් තියෙනවා එත් මුලිකව මේ ටික තේරුම් ගත්තම ඇති)

    ඒත් සමහර අය ඉන්නවා එයාලට 30 ගානෙ එයාලට හිමිකමතියෙන අලුතින් දෙන right එකට ගෙවන්න සල්ලි නැති වගේ හේතුන් මත එයා එයාගෙ බ්‍රෝකර්ට කියනවා එයාට හම්බුන right ටික මාකට් ‍එකේ විකුනන්න කියල

    එහෙම කරාම එයාට ආයි 30 ගානෙ (අපේ උදාහරණ හැටියට ) දැනට 40ට තියෙන කොටස් කම්පැනියෙන් ගන්න බෑ

    දැන් මේ යාලුවගේ ප්‍රශ්නෙ ඇයි මේක දැන් ට්‍රේඩ් වෙන්නෙ නැත්තෙ කියන එක
    ඒකට හේතුව තමා right එකක් ගත්‍තොත් ඒකට සල්ලි ගෙවන්න (අපේ උදාහරණ හැ‍ටියට 30 ගානේ 100කට ගෙවන්න) ඩෙඩ් ලයින් එකක් තියෙනවා ඒ ඩෙඩ් ලයින් එක වෙනකන් හෝ ඊට කලින් නියමිත දවසක් වෙනකන් විතරයි right එක මාකට් එකේ ට්‍රේඩ් වෙන්නෙ ඒ නියමිත දවස ඉවර උනායන් ප්ස්සෙ රයිට් එක ‍වැඩකට නැති වෙනවා ඒක සල්ලි ගෙවපු අයගේ ඒව නෝමල් ෂෙයාර්ස් විදිහට ඒ අයගෙ අකවුන්ට් එක ට දානවා

    ඕක තමා වෙලා තියෙන්නෙ

    ReplyDelete
  18. @Sahan

    ow eka mama e dawas wla danne nane,aparade mage salli tikak kela una,passe thama brokergen ahagatte wistrare
    gdk thanx macho adahas walata :)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.