Thursday, September 10, 2009

Widgets

අද දවස හොඳයි


අද දවස නම් සතුටු දායක දවසක්, මේක ඊයෙ වෙන්න ඔනෙ උනේ. මාස කිහිපයකට පස්සෙ මගෙ කොටස් වල මිල ඉහළ ගිහින්. මාස ගානක් තිස්සෙ අලාභ පැත්තෙ තිබ්බ මගෙ කොටස් වල අගය අද ලාභ පැත්තට ඇවිල්ල. මේක වෙන්න ඇත්තෙ ඊයෙ, මොකද ඊයෙ කොටස් වෙළඳපල සැලකිය යුතු අගයකින් ඉහළ ගියා, ඒත් මට බලන්න බැරි උනා. අද ගෙදර ඇවිල්ල යන්තම් බැලුවමයි දැක්කෙ. 
ඊයෙ තවත් විශේෂ දෙයක් උනා, ඒක ඉස්සරහට කියන්නම්, දැම්ම නෙමේ. 
කොහොම හරි මට ඊයෙ වාසනාවන්ත දවසක් වගෙයි. හරිම සතුටුයි....... 

8 comments:

  1. ඔයාට හරියනවනම් අපිටත් සතුටුයි...ජයෙන් ජය..!

    ReplyDelete
  2. සුබ පැතුම්...
    මටත් ආසාවක් තියනවා කොටස් වෙලදපොලේ ආයෝජනය කරන්න.පොඩ්ඩක් විස්තර හොයාගන්න ඔනේ.....

    ReplyDelete
  3. බැරි වේද අයන්නේ සරලව සිට ඔය ක්‍ෂේත්‍රය ගැන කියාදෙන පොඩි සටහන් පෙළක් දාන්න?

    ReplyDelete
  4. අදහස නම් න‍්රක නෑ. ම්ට වෙලාව පිළිබඳව තමා ප්‍රශ්නෙ තියෙන්නෙ. බලමුකෝ. ඔයාලට පුළුවන් කොලඹ කොටස් වෙළඳපළ වෙබ් අඩවියට ගිහින් විස්තර ගන්න. සරළව කියල දෙනව ඒකෙ. හැබැයි ඉංග්‍රීසියෙන්.
    වෙබ් අඩවියට ගියාම, වම් පැත්තෙ පැනලයේ තියෙනව "Getting Started" කියල එකක්. එතනින් ගිහින් බලන්න.

    ReplyDelete
  5. මට පොඩ්ඩක් කියනවද ඔයා online transaction එහෙම කරනවද? ඔයාගෙ Stockbroker කවුද?

    ReplyDelete
  6. ඔව්, මම සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය හරහා තමයි විකිණීම් හා මිලට ගැනීම් කරන්නෙ, කොටස් වෙළඳපලට සම්බන්ධ විය හැකි ඔවුන් විසින්ම ලබා දී ඇති මෘදුකාංගයක් හරහා (http://www.cdax.lk). මගෙ Stock broker, Asha Phillip Securities (Pvt) Ltd (http://www.ashaphillip.net).

    ReplyDelete
  7. මම පොඩ්ඩක් කොටස් වෙළඳපළ ගැන ලියන්න හිතුව, වැඩේ නම් අමාරුයි, ඒ නිසා අදහස අත ඇරිය. මොකද ඒකෙ තියෙන වචන වලට සිංහල වචන මට හොයන්න වෙනව, සිංහල ඉංග්‍රීසි කලවමේ ලියනකොට තියෙන අමාරුවත් දන්නවනෙ? කොළඹ කොටස් වෙළඳපළ වෙබ් අඩවියෙන් තොරතුරු අරන් තමයි ලියන්න වෙන්නෙ, ඒක පරිවර්තනයත් ලේසි නෑ.

    ReplyDelete
  8. කොහොම හරි ඔන්න පෝස්ට් එකක් ලිව්ව මේ ගැන. බලන්නකෝ.

    http://ping.fm/lvrnK

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.