Friday, September 4, 2009

Widgets

ගූගල් තවත් භාෂා 9ක් පරිවර්තනය කරයි

ඔන්න ගූගල් භාෂා පරිවර්තකයට තවත් භාෂා 9ක් එකතු වෙලා. ඒවත් එක්ක දැන් ගූගල් භාෂා පරිවර්තකය, භාෂා 51ක් පරිවර්තනය කරනව, භාෂා යුගල 2550ක්, සියලූම යුරෝපීය භාෂා 23ත් සමඟ. 
අලුතින් එකතු වෙලා තියෙන භාෂා තමයි මෙන්න මේව.
- Afrikaans
- Belarusian
- Icelandic
- Irish
- Macedonian
- Malay
- Swahili
- Welsh
- Yiddish

තාමත් හැබැයි පරිවර්තන කාර්යයේදි පොඩි පොඩි ගැටළු තියෙනවලු, නමුත් ඒක එයාල වැඩි දියුණු කරගෙන යනවලු.
Google Translate
මෙම භාෂා පරිවර්තන හැකියාව ගූගල් හා සම්බන්ධ අනෙකුත් පහසුකම් වලටත් ඇතුළත් කරල තිබෙනව. දැනටමත් Gmail, Google Toolbar, Google Reader, and Google Docs කියන ඒව මේකට ඇතුළත්, නමුත් මේ අලුත් භාෂා 9 නම් තාම මේවට සහය දක්වන්නෙ නෑ. ඒත් ඒවත් ඉක්මනටම එතනට එයි. අනේ ඉතින් සිංහලත් මෙතනට ආව නම් අපේ කට්ටියට මෙච්චර දුක් විඳින්න ඕනෙ නෑනෙ නේද? අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය වැඩි දියුණු කරන එක ගැන හිතන අතරෙ මේ ගැනත් ටිකක් හිතන්න පුළුවන් නම් අපේ දැක්ම ඉතා ඉක්මනින් සඵල කරගන්න පුළුවන් වෙයි නේද?

4 comments:

  1. හම්... සිංහලත් ඉක්මනටම මෙතනට ගේන්න අපි උත්සාහ කරන්න ඕන..

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත..සින්හලය තිබ්බනම් අපිට කොච්චර ලේසිද?

    ReplyDelete
  3. මේ කටයුත්ත සිංහලෙන් සාර්ථක වෙන්න නම් අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වැඩි වීම පූර්වාවශ්‍යතාවක්. වෙන ම ගූගල් පරිවර්තකයන පමණක් සිංහල (හෝ වෙනත් භාෂාවක්) එන්නෙ නැහැ ඒ භාෂාවෙන් ජාලයට එක් වුණු වචන/වැකි/අන්තර්ගතය ප්‍රමාණවත් නැත්නම්. ඒ කියන්නෙ වැඩි වැඩි ආකාරවලින් භාෂාව උපයෝගී කරගෙන පළ කරන තරමට තමයි මේ වැඩේ හරි යන්නෙ.

    අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය ඉහළ යනවා නම් මේ වැඩේ ඉක්මනින් කෙරෙනවා.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.