Tuesday, December 1, 2009

Widgets

කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය බලන්නේ කොහොමද?


කොටස් වෙළඳපළ ආයෝජනය කළා වගේ නෙමෙයිනෙ, එතන මොනවද වෙන්නෙ කියල විමසිල්ලෙන් ඉන්න එපැයි, නේද? හරි හරි, ඉතින් කොහොමද කොටස් වෙළඳපළ ගැන බලන්නෙ? කොටස් වෙළඳපළ තුළ සිදුවන වෙළඳාම් පිළිබඳව දිනපතා පුවත්පත් වල (උදා:Daily News), කොටස් වෙළඳපළ තුළදීම, ඔබගේ තැරැව් කරුවාගේ කාර්යාලයේ පරිගණක වල සහ වෙනත් පොදු ස්ථාන වල, ප්‍රසිද්ධ කරනු ලබනවා. රූපවාහිනී හෝ ගුවන්විදුලි වැඩසටහන් හරහාද ප්‍රසිද්ධ කරනු ලබනවා. ඒ වගේම කොළඹ කොටස් නිකුතුවේ වෙබ් අඩවිය (www.cse.lk) තුළද එදිනෙදා සිදුවන වෙළඳාම් පිළිබඳව තොරතුරු ලබා දෙනව. ඒ වගේම ඔයාලට පුළුවන් කොටස් වෙළඳපළ මගින් නිකුත් කරන දිනපතා, සතිපතා, මාසික, කාර්තු, වාර්ෂික වාර්තා පරික්ෂා කරන්න, ඒව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් නොමිලේම ලබා ගත හැකියි. මෙම වාර්තා වල, වෙළඳපළ පිළිබඳ සංඛ්‍යාලේඛන, කොටස් මිල ගණන්, වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු අඩංගු වෙනවා.

මේ ඔක්කොටම අමතරව ඒ ඒ කොටස් තැරැව්කාර සමාගම්, කොටස් වෙළඳපළ පිළිබඳව සමීක්ෂණයන් සිදුකර සකස් කරන ලද සමීක්ෂණ වාර්තාද ඔබට එම සාමාගම් වෙතින් කියවිය හැකියි.
මේ හැමදෙයක්ම බලල ඔබට පුළුවන් වෙළඳපළ පිළිබඳව හරි හැටි අවබෝධ කර ගැනීමට. මීළඟට බලමු ඒ ඒ සමාගම් ගැන දැනගන්න හැටි.


කොටස් වෙළඳපළ පිළිබඳ පරණ ලිපි කියවන්න.

7 comments:

  1. බොහොම ස්තූතියි,මම බලන්න ගියා තැරව්කාර සමාගම්,ashaphilips හොදයිද?එයාලගේ ඕනිම ගානකින් cdax දෙනවා කීවා,සමහරු කීවා 25ක් වත් තියෙන්න ඕනි කියලා.අයියාගේ අදහස මොකක්ද?

    ReplyDelete
  2. Asha Phillips කියන්නෙ ලංකාවෙ තියෙන හොඳම හා විශාලම තැරැව්කාර සමාගම් වලින් එකක්. ඒක හුඟක් හොඳ එකක්.
    cdax software එක support කරන සමාගම් ගැන මගෙ පරණ ලිපියක ඇති බලන්න.
    ආයෝජනය පටන් ගන්න පුළුවන් lower limit එකක් නෑ, නමුත් අඩුම ගානෙ 10000කින් වත් පටන් ගත්තෙ නැත්තම් ටිකක් කරදරයි (කරදරයි කිව්වෙ ඔයාට ඔයාගෙ අතේ තියෙන ගානට, කොටස් මිලට ගන්න පුළුවන් සමාගම් ප්‍රමාණය අඩුයි.)
    අවදානමට බය නම් පටන් ගන්න 10000ක් වගේ ගානකින්. හැබැයි සැළකියයුතු ගාණක් හොයා ගන්න ටික කාලයක් යයි. නැත්තම් ඊට වඩා දැම්මොත් ඔයාට ගන්න පුළුවන් ආදායම නම් වැඩි වෙයි. Asha phillips හුඟක් හොඳ තැරැව්කාර සමාගමක්.

    ReplyDelete
  3. uba liyana ewa mama nitarama blanawa, eth adai comment ekak damme. ela ela good work !

    ReplyDelete
  4. mamath wadeta bassa madawa nisa.
    mata wadiya therenne nathi nisa broker samagame inna pora kiyana widihata thama mamath kale.
    danata 20000k withara kelawila inne :(

    ReplyDelete
  5. 20000 ක්!!!! එච්චර? ඔයා කොච්චරක් දැම්මද? එච්චර අලාභයක් වෙන්න නම් ඔයා ලක්ෂ කිහිපයක් දාල තියෙන්න ඕනෙ.
    1. මේ ගැන එච්චර නොදන්න කෙනෙක් ලොකු ගාණකින් පටන් ගන්න හොඳ නෑ.
    2. අනිවාර්යයෙන්ම ආයෝජන උපදේශකගේ වගකීමක් තමයි ආයෝජකයන්ට හැම වෙලේම උපරිම ලාභයක් වෙන විදිහට උපදෙස් ලබා දීම.
    3. ඊළඟට කියන්න තියෙන්නෙ, අවම අවදානමක් පවත්වා ගැනීම සඳහා එකම තැනක ආයෝජනය කරන්නෙ නැතුව සමාගම් කිහිපයක ආයෝජනය කරන්න. (Keep a wide portfolio)

    ReplyDelete
  6. මටත් වැඩේට ආසයි.හැබැයි බයයි.ඒත් තියෙන ආසාවට මේක කරල බලන්න හිතෙනවා.මම ඉන්නේ මාතර.මේහේ ඔය කොටස් වෙලද පොලේ ශාකාවක් තියේනවා.ඒකට ගිහින් මට උවමනාදේ කරගන්න තොරතුරු ගන්න පුලුවන් ද?එතනින් මට උදවු කරයි නේද? මොකද මම ඔයගැන වැඩිය දන්නේ නැ.
    හැබැයි මේ දීපු තොරතුරු ටිකත් මේකරන වැඩෙත් මරේ මරු. දිගටම මේක ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාට තව ගොඩක් විස්තර දැනගන්න පුළුවන් www.guidetocse.com වෙබ් අඩවියට ගියා නම්.
      ඔව්, මාතර ශාඛාවක් තිබෙනවා. ගොඩක් විස්තර එතනින් දැනගන්නත් පුළුවන්.

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.