Monday, January 25, 2010

Widgets

කොටස් වෙළඳපළ ආයෝජනයට බිය විය යුතුද?



උත්තරය හරිම සරළයි, නෑ. කිසිම විදිහකින් බියවිය යුතු නෑ.


සමහරු මේ වැඩේට බය වෙන්න හේතු වෙන දේවල් කිහිපයක් තිබෙනව. එයාල මෙන්න මෙහෙම හිතන අය.

  1. මේක කරන්න පූළුවන් ලොකු ලොකු සල්ලි කාරයන්ට විතරයි.
  2. මේව කරන්න ගිහින් මගෙ අතේ තියෙන තුට්ටුවත් නැති වෙයි.
  3. කොටස් වෙළඳපළ තියෙන්නෙ කොළඹ ලොකු බිල්ඩිමක, මම වගේ පොඩි එකෙක්ට ඒ වගේ තැනකට යන්න බෑ. එතනට යන්න පුළුවන් ලොකු ලොකු බිස්නස් කාරයො විතරයි.
  4. මම ඉන්නෙ කොළඹ නෙමෙයි ඒක නිසා මේක මට බෑ.
  5. මම ඉංග්‍රීසි දන්නෙ නෑ, ඒ නිසා මට මේව තේරෙන්නෙ නෑ.
  6. මට ගිණුම්, ආර්ථික විද්‍යාව, මේ වගේ දේවල් ගැන කිසිම දැනුමක් නෑ.
ඔන්න ඕව තමා සාමාන්‍ය කෙනෙක්ට කොටස් වෙළඳපළ ආයෝජනය සම්බන්ධයෙන් තියෙන බයට හේතු වෙන දේවල්, තව දේවලුත් ඇති, මට දැනට මතක් උනේ මෙච්චරයි. 
හරි, බලමු මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක්.
  1. අතේ තියෙන ඕනෙම ගාණනින් මේ වැඩේ පටන් ගන්න පුළුවන්.
  2. එහෙම නැති වෙන්නෙ නෑ, මොකද ඔයාට උපදෙස් දෙන්න ගොඩක් අය ඉන්නව, එයාල ඔයාව අමරුවෙ දාන්නෙ නෑ.
  3. හය්යෝ, බිල්ඩිම ලොකු උනාට, නම ලොකු උනාට (ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිව්වන මහලෙනෙ කොළඹ කොටස් වෙළඳපළ තියෙන්නෙ.) ඕනෙම කෙනෙක්ට එතනට යන්න තහනමක් නෑ.
  4. කොළඹ කොටස් වෙළඳපළේ ශාඛා 5ක් ලංකාව වටේ තියෙනව, තැරැව්කාර ආයතන වලත් ශාඛා කොළඹින් පිටත් තියෙනව. ඔයාලට එයාල මාර්ගයෙන් අවශ්‍ය විස්තර ලබාගන්න පුළුවන්.
  5. ඉංග්‍රීසි වල ප්‍රශ්නය එන්නෙ CDS ගිණුම ආරම්භ කරන්න ගියාම පුරවන්න තියෙන පෝරම සියල්ල ඉංග්‍රීසියෙන් තිබීම නිසා ඇතිවන ප්‍රශ්නය විතරයි. ඒක උනත් එච්චරම ප්‍රශ්නයක් නෙමේ, තැරැව්කාර ආයතනයෙන් ඒකටත් උදව් ගන්න පුළුවන්. නැත්තම් ඉංග්‍රීසි දන්න යාළුවෙක් ලවා පුරවගන්නකො. ඊට පස්සෙ කරන ඕනෙම දෙයක් සිංහලෙන් හෝ දෙමළෙන් කරන්න පුළුවන්.
  6. ඒව ගැන එහෙම විශේෂ දැනුමක් ඕනෙ නෑ, ටික කාලයක් යනකොට කොටස් වෙළඳපළ ගැන ඔබට ටික ටික තේරේවි. අර කිව්ව වගේ දේවල් වලින් යම් වාසියක් වෙනව, නමුත් ඒව දන්නෙ නෑ කියල ලාභ ලබන්න ඒක බාධාවක් නෙමෙයි.
ඔයා හුඟක්ම බය නම්, පොඩි හරි අවදානමක් ගන්න බය නම්, ඒකක භාර වගේ දෙයක් හරහා කොටස් වෙළඳපළට එකතු වෙන්න, ඒ ගැන දැනගන්න http://www.utasl.lk යන්න. 


මෙන්න මේක මට අද හම්බ වෙච්ච වෙබ් සයිට් එකක්, සමහරවිට ඔයාලට මේකෙනුත් උදව්වක් ගන්න පුළුවන් වෙයි, ගිහිල්ලම බලන්නකො. http://www.marketprices.lk/


පැරණි ලිපි කියවන්න.






1 comment:

  1. ela ela aiya,godak honda lipiyak,mama issellama damme Rs2000k.thama gatta tika wikke nm ne mokada thawaa tikak naginna one labayk enna,(tax walta Rs15k kohomt kapnwane :|),ada balanna one thatwe :)
    ODD lot eke natuwa NORMAL lot eken ganna one ehema kyala mata therune karan yaddi thama ;)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.