Friday, November 6, 2009

Widgets

කොටස් වෙළඳ පළ ගැන වැඩිපුරම ඈසෙන ප්‍රශ්න

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන යම්ම හෝ සිතිවිල්ලක් ඈති සෑම කෙනෙක්ම අසන පළමු ප්‍රශ්නය,
මම කොටස් මිලදී ගත්තොත් මට හැම වෙලේම ලාභ ලැබෙනවද?
අපොයි නෑ.
කුමන ආකාරයක ආයෝජන ක්‍රමයක් උනත් ඒකෙ අවදානමක් තිබෙනව. අවදානම වැඩි වෙන තරමට ඒකෙන් ලැබෙන ලාභය වැඩියි. නමුත් ඉතින් හැමෝම එහෙම අවදානමක් ගන්න කැමති නෑනෙ, නේද?
ඒක නිසා තමයි, ඔබට ගැළපෙන ආයෝජන ක්‍රමය ඔබ තෝරා ගත යුත්තේ.
ඒ සඳහා මෙන්න මේ දේවල් ගැන සොයා බැලිය යුතුයි.

  • එමගින් ලැබෙන ලාභය
  • ඔබ දරන්නට කැමති අවදානමේ ප්‍රමාණය
  • ඔබගේ ආයෝජනය යළි මුදල් බවට පත් කරගැනීමට ගත වන කාලය
කොටස් මිලදී ගැනීම, ලාභය වැඩි, අවදානමකුත් තිබෙන, ඉතා ඉක්මනින් ආයෝජනයන් යළි මුදල් බවට පත් කරගත හැකි, අයෝජන ක්‍රමයක්.
ඔබ දරන්නට කැමති අවදානමේ තරම තමයි ඔබට තීරණය කරන්න වෙන්නෙ.
බය වෙන්න එපා. ඔබ වැඩේට බැස්සට පස්සෙ ඔබ තනියම නෙමෙයි ඉන්නෙ, ඔබේ ආයෝජන උපදේශකයා ඔබට හැම වෙලේම උපදෙස් දෙන්න සූදානමින් ඉන්නෙ. ඔහු/ඈය කියල දේවි, ඔබේ මුදල් වලින් උපරිම ලාභයක් ගන්න විදිහට ආයෝජනය කරන හැටි.

කොටස් වෙළඳපළ තත්වයට මූලිකව බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තිබෙනව.
  • පොළී අනුපාතික වල වෙනස් වීම්
  • රටේ ආර්ථික තත්වය
  • රටේ දේශපලනික ස්ථාවරත්වය
  • තවත් අන්තර්ජාතික තත්ව
මෙම සාධක එකතු වී, කොටස් වෙළඳපළ තත්වයට බලපෑම් ඈති කරනව.
උදා: රටේ පොළී අනුපාතික පහළ යන විට ආයෝජකයින් කොටස් වෙළඳපළ ආයෝජනය දෙසට හැරෙන්න ඉඩ තියෙනව, එමගින් කොටස් මිල ඉහළ යාමක් වෙන්න පුළුවන්.
රට තුළ ඡන්දයක්/දේශපාලනික අස්ථාවරත්වයක් ගොඩනැගෙනවනම් කොටස් මිල පහළ යනව.

එම නිසා, කොටස් වෙළඳපළ සම්බන්ධව හා රටේ ආර්ථික තත්වය සම්බන්ධව ලොකු දෑනුමක් නොමැති කෙනෙක්ට, කොටස් වෙළඳපළ ආයෝජනය තුළින් ලාභ ලබා ගන්න නම්, ඒ සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඈති තැරැව්කාර ආයතනයෙන් ඔබට ලබා දෙන ආයෝජන උපදේශකගෙ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා.

තව ප්‍රශ්න වලට උත්තර ඉදිරියට.

කොටස් වෙළඳපළ සම්බන්ධ මුල් ලිපි කියවන්න.



5 comments:

  1. godak sthuthiy oyage lipi pelata.
    oya nisa mamath wadeta bassa.

    ReplyDelete
  2. ලාභාංශ ඉතුරුකිරීමේ ගිණුමකට ගෙන්ව ගන්න බැරිද?

    ReplyDelete
  3. එහෙම නම් බෑ, මොකද අපේ ගිණුම් විස්තර කොහෙවත් එයාල ලඟ නෑ, අනික ලාභාංශ ලබා දෙන්නෙ අපි කොටස් මිලදී ගත් එම සමාගමේ ගිණුම් කටයුතු ක්‍රියාත්මක කරවන වෙනමම සමාගමක් මගින්.

    ReplyDelete
  4. what company shares you most recommend to buy?, pls give your thoughts, so we can get some ideas.

    ReplyDelete
  5. හ්ම්ම්, එහෙම හරියටම මේක ගන්න කියල කියන්න බෑ, ඒ කාලයේ වෙළඳපළ තත්වය අනුව එක එක ඒවායින් වාසි ලැබෙනව.
    හොඳම දේ තමයි ඔබගේ ආයෝජන උපදේශකගෙන් අහන එක.
    මේ දවස් වල නම් මාකට් එක ටිකක් බහින කලාව. නමුත් ගන්න එක නම් හොඳයි, නගින වෙලාවලුත් තියෙනව. නමුත් හොඳට හිතල ගන්න ඕනෙ. ඔබේ උපදේශකයන් ඔබව මෙහෙයවාවි.
    Construction and Engineering Sector එක නම් ඉස්සරහට හුගක් හොඳ වේවි කියල හිතනව.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.