Tuesday, August 10, 2021

Widgets

ඔබේ Public Speaking සහ Leadership Skills වැඩි දියුණු කරගන්න - Toastmaster සමඟ සම්බන්ධ වන්න

toastmasters international
සෑම කෙනෙකුම කතා පවත්වනවා කියන, ජාත්‍යන්තර සමාජයක් වන “Toastmasters” යන වචනය ඔබ අසා ඇති.

Toastmasters එකේ මොකද්ද වෙන්නෙ? 

ඔබේ ප්‍රසිද්ධ කථන කුසලතා සහ නායකත්ව කුසලතා වැඩි දියුණු කර ගැනීමට අත හිත දෙන, අදහස් හුවමාරු කරගන්නා සමාජයක් නැතිනම් club එකක් තමයි මේක. 

ඒක එහෙමමද / එච්චරමද ???

තවදුරටත් කියවගෙන යන්න, ඔයාලට හැම දෙයක්ම දැනගන්න පුළුවන්. 


Toastmasters නිල වෙබ් අඩවිය කියන්නෙ මෙන්න මෙහෙම දෙයක්. 

Do you want to practice public speaking, improve your communication and build leadership skills? With Toastmasters, you can break barriers, not your budget. 


Toastmasters International (Club) කියන්නෙ මොකද්ද? 

එය ජාත්‍යන්තරව පැතිරුණු සමාජ ජාල ජාලයක් කිව්වොත් නිවැරදියි. Toastmasters International කියන්නෙ, ප්‍රසිද්ධ කථා කිරීමේ හා නායකත්ව කුසලතා (Public Speaking and Leadership Development) උගන්වන අධ්‍යාපනික සංවිධානයක්.

මේ මොහොතේ එයාල කියන විදිහට, රටවල් 145 ක, ක්ලබ්ස් 16,200 ක, සාමාජිකයින් 364,000 කට අධික සංඛ්‍යාවක් Toastmasters International එක්ක ඉන්නව. 

Toastmasters International ආරම්භ කරල තියෙන්නෙ 1924 දී ය.


Toastmasters සමාජයකට සම්බන්ධ වීමෙන් ඔබට කුමක් කළ හැකිද/ලබා ගත හැක්කේ මොනවාද?

ඔබට පහත හැකියාවන්/කුසලතා වර්ධනය කර ගන්නා අතරෙම ඔබේ ආත්ම ශක්තිය වැඩි කර ගැනීමටත් ඔබට හැකියාව ලැබෙනවා. 

  • ඔබේ ප්‍රසිද්ධ කථන කුසලතා වැඩි දියුණු කරන්න.
  • නායකත්ව කුසලතා ගොඩ නගන්න.
  • ඔබේ හැකියාවන් උපරිම කර ගන්න.
  • පෞද්ගලික වර්ධනයක් භුක්ති විඳින්න.
  • හිත මිතුරු, සහය වන කණ්ඩායමක් එක්ක ඔබගේ හැකියාවන් වර්ධනය කරගන්න. 
  • කණ්ඩායමක් තුළ ඉඳන්, කථා ලිවීමට සහ ඉදිරිපත් කිරීමට පුරුදු වන්න.
  • රැකියා ස්ථානයේ තරඟකාරී වාසියක් ලබා ගන්න.
  • ආත්ම විශ්වාසය සහ ස්වයං දැනුවත්භාවය ගොඩ නගන්න.


ප්‍රසිද්ධියේ කථා කිරීමට/නායකත්වය දීමට ඔබ භයද?

බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි මේක. 

කතා කිරීමට කැමති නමුත් එයම නොකරන 99% ක් දෙනාට තියෙන ප්‍රධානතම ගැටළු තමයි, භය, සැකය සහ අන් අය සිතන දේ හෝ කියන දේ ගැන සිතමින් පසු බැසීම. 


ඔබත් එහෙම නම් ඔබට සතුටු වෙන්න පුළුවන් ආරංචියක් මේක. 

Toastmasters රැස්වීමකදී, ඔබ ඒ සියලු මෝඩ අදහස් ගැන තව දුරටත් සිතිය යුතු නෑ. 


ඇයි ඒ?

Toastmasters කියන්නෙ, ඔයා වගෙම සිතිවිලි තිබුණු ඔයාගෙ බෝට්ටුවේම ඉන්න පිරිසකගෙ සුහද මිතුරු හමුවක්. ධනාත්මක සිතිවිලි, ධනාත්මක කතා විතරයි මෙතන තියෙන්නෙ, කවුරුවත් ඔයා කරන වැරදි ගැන සොයන්නේ නෑ. එයාල කරන්නෙ ඔයා කරන සෑම දෙයක්ම අගය කිරීම හා වැඩි දියුණු කිරීමේ යෝජනා ඉදිරිපත් කරන එකයි. 

ඔබගේ නොසංසුන්තාවය, කාංසාව, බිය වැනි හැඟීම් ඔබට මුළුමනින්ම ඉවත් කළ හැකිය.

ඔබ උනන්දුද? පිළිතුර ඔව් නම්, කියවන්න ...

Club එකකට සම්බන්ධ වන්නේ කෙසේද/සොයා ගන්නේ කෙසේද?

Toastmasters International වෙබ් අඩවිය තුළ එහි ඇති සියලුම clubs වල සම්පූර්ණ දත්ත ගබඩාවක් තියෙනව. මෙන්න ලින්ක් එක. 

ඔබට මේ වෙබ් පිටුවට ගිහිල්ල, ඔබ උනන්දුවක් දක්වන ප්‍රදේශය (උදා. මහරගම, ශ්‍රී ලංකාව) Search කරල ඔබට ගැලපෙන ළඟම ඇති Toastmasters Club එක සොයා ගන්න පුළුවන්. එම පිටුවෙම තියෙන දුරකථන අංකය භාවිතා කරල එම ක්ලබ් එකේ පුද්ගලයෙක්ට ඔබට කතා කරන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් හැම ක්ලබ් එකකටම ස්ථිර රැස්වීම් ස්ථානයක් තිබෙනවා (කෙසේ වෙතත් මේ දිනවල නම් හැම දෙයක්ම වෙන්නෙ Zoom/Teams වගේ ඒව හරහා). සාමාන්‍යයෙන් රැස්වීම් සති 2 කට වරක් තමා පැවැත්වෙන්නෙ. 

මේකට කොපමණ මුදලක් වැය වෙනවද?

නව සාමාජික ගාස්තුව ඩොලර් 20 ක් වෙනව. සාමාජිකයෙකු වශයෙන් මාස හයකට වරක් ඩොලර් 45 ක් ගෙවිය යුතු වෙනවා. 

ඔබට ඔබගේ හැකියාවන් දියුණු කරගත හැකි මාර්ග මොනවාද? 

Toastmasters වලදි, ප්‍රසිද්ධියේ කථා කිරීම හැර වෙනත් බොහෝ හැකියාවන් වැඩි දියුණු කරගන්න ඔබට හැකියාව තිබෙනව. 

Toastmaster වල pathways 11 ක් තියෙනව. මේවායින් ඔබට මුලින් එක් මාවතක් තෝරා ගන්න පුළුවන් (මේවා පුහුණු වැඩසටහන් / පාඨමාලා කියල හිතා ගන්නකො).එකක් ඉවර කරල ඕනෙ න ම්තවත් එකක් ආරම්භ කරන්න උනත් පුළුවන්.

එක pathway එකක් තෝරා ගත්තත්, ඒක ඇතුළෙ අනෙකුත් pathways වල තිබෙන අන්තර්ගතයත් ටික ටික තියෙනව. .උදා: ඔයාට ඕනෙ Dynamic Leadership ඉගෙනගන්න. නමුත් ඔයාට Presentations Mastery එකත් ටිකක් ඕනෙ. බයවෙන්න දෙයක් නෑ. Dynamic Leadership එක ඇතුළෙ අනිකෙත් ටිකක් තියෙනව. 

හුරේ! මටත් එකකට සම්බන්ධ වෙලා මගෙ හැකියාවන් දියුණු කරගන්න ඕනෙ!

එහෙනම් ඇයි තවත් බලා ඉන්නෙ? යන්න, ක්ලබ් එකක් සොයාගෙන ඒකෙ සම්බන්ධීකාරක වෙත ඇමතුමක් ලබා දෙන්න. 

තව නිවුස් එකක්. 

ඔබ කොට්ටාව, හෝමාගම, පාදුක්ක, හංවැල්ල, මොරගහහේන, අතුරුගිරිය ප්‍රදේශ ආශ්‍රිතව සිටින කෙනෙක් නම් හා ඒ අවට ක්ලබ් එකකට සම්බන්ධ වීමට කැමති නම්, අපි එම ප්‍රදේශයේ අලුත් ක්ලබ් එකක් පිහිටුවන්නයි යන්නෙන්. ("Silverline Toastmasters Club කියලයි නම් කරල තියෙන්නෙ.) මේ දිනවල Zoom ඔස්සේ රැස්වීම් තියෙන නිසා වෙන පැත්තක හිටියත් ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. (පහළම තියෙනව අද සෙෂන් එකේ meeting details. අපේ රැස්වීම් තිබෙන්නේ අඟහරුවාදා දින වල)

වැඩි විස්තර සඳහා කරුණාකර ආසිරි මහතා (076 770 9227), චමිල මහතා (077 757 3084) හෝ ඉෂානි මෙනෙවිය (077 647 4122) අමතන්න.

මේ වන විටත් අපි demo meetings 3 ක් පවත්වා තියෙනව. අද 4වෙනි demo meeting එක. ඒ හැම එකකටම මම සම්බන්ධ උනා. ඒ මුළු අත්දැකීමම හරිම රසවත් හා ප්‍රයෝජනවත්. මම හිතන්නේ ඔබටත් එසේම වේවි. ඔබ හැකි ඉක්මනින් මේකට සම්බන්ධ විය යුතුයි. 

ප්‍රසිද්ධියේ කථා කිරීම හැර සාමාජිකයින්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා අධ්‍යාපන සැසි රාශියකුත් මේවායෙ පැවැත්වෙනවා. 

මෙතෙක් පැවති Silverline Toastmasters Club Demo Meetings වල සිදු කළ සැසි මේවායි.


මේ අද කරන සෙෂන් එක.



මේ තියෙන්නෙ අපේ පළවෙනි රැස්වීමේ screenshot එකක්.


අවසාන සටහනක් වශයෙන්,

මොකද තවම මෙතන කරන්නේ ?????

මෙම සබැඳිය ක්ලික් කරල ලඟම ක්ලබ් එක සොයාගෙන ඔබේ ජීවිතයේ එක් වටිනා දුරකථන ඇමතුමක් ලබා ගන්න.


මේකත් අමතක කරන්න එපා, 

ඔබ කොට්ටාව, හෝමාගම, පාදුක්ක, හංවැල්ල, මොරගහහේන, අතුරුගිරිය ප්‍රදේශවල ඉන්න කෙනෙක් නම් අපේ TM Club එකට එකතු වෙන්න. ආසිරි (076 770 9227), චමිල (077 757 3084) හෝ ඉෂානි (077 647 4122) කියන කෙනෙක්ට කතා කරල විස්තර දැනගන්න. 

මේ දවස් වල හැම දෙයක්ම ඔන්ලයින් වෙන නිසා ඔයා ලෝකෙ කොහෙ හිටියත් මේකට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනව. 

0 comments:

Post a Comment

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.