Tuesday, December 25, 2012

2013 ඔබගේ හොඳම වසර කරගන්න

මේක ඇවිල්ල වැදි බණක්. ඒ උනාට මටයි ඔයාලටයි ඔක්කොටම වටිනව. 2013 අවුරුද්දෙ ඔයාගෙ බ්ලොග්කරණය දියුණු කරගන්න ඕනෙද? 2012 අවුරුද්දෙ ඔයාගෙ බ්ලොග්කරණය ගැන පැහැදීමක් නැද්ද? ඉතින් 2013 අවුරුද්ද හොඳ එකක් කරගන්න උපදෙස් ටිකක් මෙන්න. (අන්න ඒ ටික තමා වැදි බණ) විවෘත මනසකින් යුක්තව වැඩ කරන්න. එකම දේ නැවත නැවත කරමින්, නමුත් වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන එක සාර්ථක වෙන දෙයක් නෙමෙයි. අයින්ස්ටයිනුත් මෙහෙම කියල තියෙනවලු. මේක ඉතින් බ්ලොග් ලියන එකටත් පොදුයි....

Thursday, December 13, 2012

Cylon Linux ස්ථාපනය කරමු

මගෙ මුල් ලිපියෙන් මම කිව්වනෙ Cylon Linux ගැන පොඩි විස්තරයක්. ඒකෙ හැඩහුරුකම් ඒව මේව ගැන. ඉතින් අද කියන්න හදන්නෙ Cylon Linux මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ ස්ථාපනය කරගන්නා ආකාරයයි. ඉතාම පහසුවෙන් මෙය ස්ථාපනය කර ගත හැකියි.  මෙම මෙහෙයුම් පද්ධතිය සමඟ වැඩ කිරීමට, එහි නිර්මාපකයින් 1.7GHz ප්‍රොසෙසරයක් හා 1GB රැම් මතකයක් නිර්දේශ කරනවා. හාඩ් ඩිස්ක් එකෙහි 8.6GB ඉඩකුත් ඕනෙ. වෙනමම Primary Partition එකක් හදන්න. ගැළපෙන Swap මතකයක් සඳහා තවත් පොඩි කොටසක් වෙන් කරන්න....

Friday, December 7, 2012

Cylon Linux සමඟ වරුවක්

හුඟක් අය දන්නව ඇති මේ දවස් වල ලංකාවෙ අපේ දක්ෂයො ටිකක් එකතු වෙලා ලිනක්ස් OS එකක් රිලීස් කරල තිබෙනව. ඒක තමයි Cylon Linux. උබුන්ටු පාදක කරගෙන තමා මේක නිර්මාණය කරල තිබෙන්නෙ. ඉතින් මමත් ඉතින් මේක භාගත කරගෙන දාල බැලුව. ටොරන්ට් එකක් හරහා තමයි භාගත කරගන්න තිබෙන්නෙ. 2.5GB වෙනම ISO Image එක. පැය 6ක් වගේ කාලයකින් මට නම් භාගත කරගන්න පුළුවන් උනා. මේ තියෙනෙ ඒ ඕඑස් එකට අදාල තාක්ෂණික දත්ත. Package Management : Debian Packager with APT Desktop...

Sunday, October 28, 2012

Page Views ලක්ෂයක්

සමහරුන්ට නම් මේක පොඩි දෙයක්. මම නම් ඉතින් වැඩිපුර බ්ලොග් එක අප්ඩේට් කරන්නෙ නැති නිසා සහ ගොඩක් කට්ටිය කතා කරන මාතෘකා ගැන ගොඩක් පෝස්ට් දාන්නෙ නැති නිසා, මේ ඉලක්කම මට නම් ලොකු දෙයක්. එක පාරක් මතකයි, බ්ලොගර් ස්ටැට්ස් ගැන මම මල්ලි කෙනෙක් එක්ක විවාදෙකුත් ගියා, මේ දෙන ඉලක්කම් වැරදියි කියල. ඇත්ත ගාණ මීට අඩුයි කියල. නමුත් ඉතින් මමත් දැන් පහසුව තකා පාවිච්චි කරන්නෙම මේක තමයි.  බ්ලොග් එක පටන් ගත්තෙ නම් 2009.06.28. නමුත් බ්ලොගර් වල Statistics පෙන්නන්නෙ...

Friday, October 26, 2012

තවත් අමුතු, ලස්සන ෆොන්ට් ටිකක්

ඉස්සෙල්ල ෆොන්ට් ටික ගන්න ගියාම කට්ටියට ටිකක් කරදර උනානෙ. ඉතින් මේ සැරේ ඊට ටිකක් ලේසියෙන් බාගන්න පුළුවන් ෆොන්ට් ටිකක් දෙනව මෙන්න. මේව නම් ටිකක් අමුතු ෆොන්ට්ස් ටිකක්. බලාගෙන ගිහිල්ල පහලින්ම තියෙන ලින්ක් එකෙන් භාගත කරගන්න. මේ සමහර ඒව නම් ෆොන්ට් නෙමෙයිත් වගේ. :) Upon The Overgrowth  Wine Basement  Dirty Feature   Kaiju Monster G  Soviet Style   Lost in the Sound Alien Dot  Mad Style  FurrySack AquaColor   DK...

Thursday, October 25, 2012

නොමිලේ ලබාදෙන ලස්සන ෆොන්ට්ස් ටිකක්

මටම මගෙ බ්ලොග් එක අමතක වෙලා කියල අද හදිසියෙ මතක් උනා. ඉතින් ලිපියක් ලියන්න හිතුන. ලිපි ටිකක් සඳහා අදහස් ගොන්නක් තිබ්බත් ටිකක් වෙලා අරන් ඒව ලියන්න ඕනෙ නිසා, ඉක්මනින් ලියන්න පුළුවන් මාතෘකාවක් අරගෙන ලිපියක් හැදුව. ෆොන්ට් කියන්නෙ විවිධ නිර්මාණ කරනකොට අත්‍යවශ්‍ය වෙන දෙයක්. සඟරාවක්ද, පෝස්ටර් එකක්ද, අත් පත්‍රිකාවකද, මේ හැම එකක්ම ලස්සනට හදාගන්න, හොඳ නිර්මාණකරුවෙක් ලඟ ලස්සන ෆොන්ට් එකතුවක් තියෙන්න ඕනෙ. ඉතින් මම මේ දෙන්න යන්නෙ, එහෙම තෝරාගත් ලස්සන ෆොන්ට්ස්...