Thursday, December 13, 2012

Widgets

Cylon Linux ස්ථාපනය කරමු

මගෙ මුල් ලිපියෙන් මම කිව්වනෙ Cylon Linux ගැන පොඩි විස්තරයක්. ඒකෙ හැඩහුරුකම් ඒව මේව ගැන. ඉතින් අද කියන්න හදන්නෙ Cylon Linux මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ ස්ථාපනය කරගන්නා ආකාරයයි. ඉතාම පහසුවෙන් මෙය ස්ථාපනය කර ගත හැකියි. 
මෙම මෙහෙයුම් පද්ධතිය සමඟ වැඩ කිරීමට, එහි නිර්මාපකයින් 1.7GHz ප්‍රොසෙසරයක් හා 1GB රැම් මතකයක් නිර්දේශ කරනවා. හාඩ් ඩිස්ක් එකෙහි 8.6GB ඉඩකුත් ඕනෙ.
වෙනමම Primary Partition එකක් හදන්න. ගැළපෙන Swap මතකයක් සඳහා තවත් පොඩි කොටසක් වෙන් කරන්න. ඒක වින්ඩෝස් වල Virtual Memory වගේ එකක්.

හරි දැන් වැඩේට බහිමු.

මුලින්ම භාගත කරගත්තු ISO ෆයිල් එක DVD එකකට ගහගන්න. ඊට පස්සෙ ඒකෙන් OS එක ලෝඩ් කරගන්න. (DVD එක Live රන් කරන්න) එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඩෙස්ක්ටොප් එක එයි. (මම වෝල් පේපර් එක වෙනස් කළා.) පේනව නේද අයිකන් 4ක්? ඒවායින් අන්තිම එක Install Cylon 12.04 කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න.


අන්න එතකොට ඔයාලට මෙන්න මේ ඩයලොග් බොක්‍ස් එක එනවා. භාෂාව තෝරා ඉදිරියට යන්න.


ඊට පස්සෙ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයට අවශ්‍ය මූලික දේවල් තියෙනවද බලනව මෙන්න මෙහෙම. ඉදිරියට යන්න.


හාඩ් ඩිස්කයට කුමක් කළයුතුද යන්න මෙතනින් අහනවා. පාටිෂන් එක තේරීම සඳහා දෙවන එක තෝරල ඉදිරියට යන්න.


මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය විය යුතු පාටිෂන් එක තෝරා ගත්තම මෙහෙම එකක් එනව. දැන් තියෙන්නෙ ඒ පාටිෂන් එකට ස්ථාපනය කිරීම ඇරඹීමයි. Install Now ක්ලික් කරන්න.


ඔන්න ඉතින් ස්ථාපනය ඇරඹුනා. ටික වෙලාවක් යාවි.


ඔය අතරෙ Keyboard Layout එක අහනව. ඒකටත් අදාල එක තෝරල දීල ඉදිරියට යන්න.


ඔබගේ නම, පරිගණකයට දෙන නම, username හා මුරපදය දෙන්න.


ඊට පස්සෙ ඉතින් ඉතිරිටික වෙන්න දීල ටිකක් වෙලා බලාඉන්න.



හරි, ස්ථාපනය අවසන් උනාම මෙහම පණිවුඩයක් එනවා. Restart Now තෝරන්න.


ඔන්න ඉතින් දැන් පරිගණකය Cylon Linux වලින් Boot වෙනවා.


මෙන්න Cylon Linux.


මේ තියෙන්නෙ ස්ථාපනය කරන ලද Cylon Linux වල ඩෙස්ක්ටොප් එක.


දැනිතින් තියෙන්නෙ සෙල්ලම් කරන්න. ඔය උඩ තිබෙන Applications කියන මෙනුව දිග හැරියොත් ඔබට පෙනේවි අති විශාල මෘදුකාංග ප්‍රමාණයක් තිබෙනවා. පරික්ෂා කරල බලන්න.

එහෙනම් සෙල්ලමට ඉඩ දීල මම ඉවත් උනා. සුභ පැතුම්!!!

13 comments:

  1. ලිනක්ස් ගැන ලියනවාට ස්තුතියි

    ReplyDelete
  2. මම අරන් දාලම බලන්නම්...
    ස්තුති

    ReplyDelete
  3. windows 7 ekka dual boot karanne kohomada

    ReplyDelete
    Replies
    1. වින්ඩෝස් ඉන්ස්ටෝල් කලාට පස්සේ වෙනම පාර්ටිශන් එකක් හිස් කරගන්න. ඊට පස්සේ මේ ලින්ක්ස් සීඩි එකෙන් මැෂින් එක බූට් කරලා ඒ පාර්ටිශන් එකට ඉන්ස්ටෝල් කරන්න.
      එතකොට මැශින් එක ඔන් කරපුවාම අපට යන්න ඕන මොන OS එකටද කියලා සිලෙක්ට් කරන්න මෙනු එකක් එනවා. ඒකෙන් වින්ඩෝස් ද ලින්ක්ස් ද කියලා සිලෙක්ට් කලහම ඒ සිලෙක්ස්ට් කරපු OS එකෙන් මැශින් එක බූට් වෙනවා.

      සැ.යු. - මුලින් වින්ඩෝස් දාලා ඊගාවට ලිනක්ස් දැම්මට කමන් නෑ. මුලින් ලිනක්ස් දාලා ඊගාවට වින්ඩෝස් දැම්මහම GRUB එකට කෙල වෙනවා. එතකොට අර කිව්ව මෙනු එක එන්නේ නෑ. :)

      මගේ පැහැදිලි කිරීම තේරුනාද මන්දා :O

      Delete
  4. මේක රෙඩ් හැට් වර්ශන් එකක් ද නැත්නම් උබුන්ටු වගේ වර්ශන් එකක් ද ?

    රෙඩ් හැට් වල වගේ yum කමාන්ඩ් වැඩ ද නැත්නම් උබුන්ටු වල වගේ apt-get කමාන්ඩ් වැඩ ද ? :)

    ReplyDelete
    Replies
    1. මගෙ මුල් ලිපියෙ තිබ්බ මේ ගැන. මේක උබුන්ටු පාදක කරගෙන හදල තියෙන එකක්.
      apt-get කමාන්ඩ් එක වැඩ කරන්න ඕනෙ. මම පරික්ෂා කරල බැලුවෙ නම් නෑ.

      Delete
    2. ස්තුතියි! මාත් ඩවුන් කරගෙන බලන්න ඕනා

      Delete
  5. මට DVD එකක් හොයාගන්න විදිහක් නැද්ද???
    OS 1 download කලා , DVD 1කට write කරල , install කරන්නහදද්දි "Invalid or currupt kernel image" කියල message 1ක් එනව.

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඔයා හරියට බූටබල් විදිහට රයිට් කළා නේද?
      DVD එක නම් ගෙන්නගන්න විදිහක් නෑ. :(

      Delete
    2. මටත් ඕකම වුනා. DVD 1කට write කරල , install කරන්නහදද්දි "Invalid or currupt kernel image" කියල message 1ක් එනව.

      Delete
  6. OS 1 download කලා , DVD 1කට write කරල , install කරන්නහදද්දි "Invalid or currupt kernel image" කියල message 1ක් එනව.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.