Sunday, October 28, 2012

Widgets

Page Views ලක්ෂයක්


සමහරුන්ට නම් මේක පොඩි දෙයක්. මම නම් ඉතින් වැඩිපුර බ්ලොග් එක අප්ඩේට් කරන්නෙ නැති නිසා සහ ගොඩක් කට්ටිය කතා කරන මාතෘකා ගැන ගොඩක් පෝස්ට් දාන්නෙ නැති නිසා, මේ ඉලක්කම මට නම් ලොකු දෙයක්.
එක පාරක් මතකයි, බ්ලොගර් ස්ටැට්ස් ගැන මම මල්ලි කෙනෙක් එක්ක විවාදෙකුත් ගියා, මේ දෙන ඉලක්කම් වැරදියි කියල. ඇත්ත ගාණ මීට අඩුයි කියල. නමුත් ඉතින් මමත් දැන් පහසුව තකා පාවිච්චි කරන්නෙම මේක තමයි. 
බ්ලොග් එක පටන් ගත්තෙ නම් 2009.06.28. නමුත් බ්ලොගර් වල Statistics පෙන්නන්නෙ 2010 ජනවාරි  ඉඳල. එහෙම බැලුවොත් නම් මගෙ බ්ලොග් එකේ page views ගණන 100,000 වෙන්න ඇත්තෙ මීට කාලෙකට කලින්.
දැනට එතකොට බ්ලොග් එක පටන් අරගෙන අවුරුදු 3යි මාස 4ක් හරියටම. ලොකු කාලයක්. හැමදාම කියන්න වගේ අදත් කියන්න ඕනෙ, ඒ දවස් වල අපි බ්ලොග් පටන් ගන්නකොට ඔක්කෝම සිංහල බ්ලොග් තිබ්බෙ 200කටත් අඩු ගාණක්. දැන් නම් වැහි වැහැල. ලොකු ලොකු දේවල් කරන අය, ගොඩක් ප්‍රයෝජනවත් දේවල් ලියන අය දැන් ගොඩක් ඉන්නව. ඒත් එක්කම බ්ලොග් එකක් පටන් ගන්න ආසාවට නැත්තම් රැල්ලට පටන් අරගෙන ලිපි 2,3ක් ලියල නවත්තල දාන අය සිය ගණනින් ඉන්නව. දැන් නම් සිංහල බ්ලොග් දෙතුන්දාහක් ඇති සමහරවිට. නමුත් ඒවායින් අප්ඩේට් වෙන ඒව ඇත්තෙ 500කට අඩුවෙන් වෙන්න ඇති.

ඉතින් බ්ලොගර් Stats වලින් ගත්තු දේවල් අනුව,


ඔන්න ඔහොමයි පේජ් වීව්ස් වෙනස් වෙලා තියෙන්නෙ. පේනවනෙ? එච්චර කට්ටිය එන බ්ලොග් එකක් නම් නෙමෙයි කියල.:)

ඔය කට්ටිය වැඩිපුරම ඇවිල්ල තියෙන්නෙ මෙන්න මේ තැන් හරහා.

වැඩිපුරම කට්ට්ටිය බලල තිබෙන ලිපි ගැන කිව්වොත්,

මේ ලිපි 5 තමයි, All time highest hits දිනාගෙන තියෙන්නෙ.

වෙබ් අඩවියක ට්‍රැෆික් වැඩි කරගන්න හැටි කියල දෙන්න ලියපු ලිපි මාලාවත්, වෙබ් අඩවියක් නිර්මාණයේදී නොකළ යුතු දේවල් කියල දුන්නු ලිපි මාලාවටත් අමතරව, කොටස් වෙළඳපළ ගැන ලිව්ව ලිපි මාලාව හා තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ කතා ටිකත් ගොඩක් ජනප්‍රිය උනා. 

තවත් ඉදිරියට ඉතින් ලියන්න තමා බලාපොරොත්තුව. දැන් ඉතින් වෙලාවත් ටිකක් මදි සහ එක එක වැඩ නිසා කම්මැලිකමත් ටිකක් තියෙනව. ප්‍රයෝජනවත් ලිපියක් ලියන්න ඉතින් ටිකක් මහන්සි වෙන්න එපැයි.
මේ අවිරුදු 3 මාත් එක්ක හිටි හැමදෙනාටම බොහොම ස්තුතියි සහ ඉදිරියටත් එකතු වෙලා ඉන්න ආරාධනා කරනවා.


9 comments:

  1. //බ්ලොග් එක පටන් අරගෙන අවුරුදු 3යි මාස 4ක් හරියටම.//

    මේ තරම් ලොකු කාලයක් ඉදලත් තවම පේජ් විව් ලක්ෂයක් කියන්නේ ඔයා කණගාටු වෙන්න ඕනේ කරුනක්.. මාස කිහිපයක් ඇතුලත ලක්ෂෙ ගහපු අය කියක් ඉන්නවද මේකේ

    ReplyDelete
  2. මම දන්නව මිත්‍රය එහෙම අයව ඕනෙ තරම්. :) මම ඒකනෙ කිව්වෙ මම මේ බ්ලොග් එතරම් අප්ඩේට් කරපු එකක් නෙමෙයි කියල. කාලෙකට සෙනඟ එනව කාලෙකට නෑ. හැමදාටම කියවන්න දේවල් මම ලියනව අඩුයිනෙ.
    උදාහරණෙකට මම පරිගණක ගැටළු, පරිගණක සම්බන්ධ තොරතුරු ලියන්න ගත්ත නම් මට ඔය ගාණ මාසෙකින් දෙකකින් ගහන එක එතරම් දෙයක් නෙමෙයි. නමුත් බ්ලොග් ලිව්වට ඒකට ඇලිල ඉන්න මට වෙලාවක් නෑ. එහෙම තියෙනව නම් මම දවසට පෝස්ට් බර ගාණක් ලියාවි.
    මගෙ Guide To CSE බ්ලොග් එකට page views 100,000 පන්නන්න ගියේ මාස 6ක් වගේ මට මතක හැටියට. දැන් ඒක ලියන්නත් වෙලාවක් නෑ.

    ReplyDelete
  3. උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
  4. උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
  5. ඔබේ ගමනට සුබපැතුම්!!

    ReplyDelete
  6. මම් මේ ලිපිය දැක්කෙ අදනේ.... මගේ සුබ පැතුම් අයියේ....

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.