Tuesday, December 25, 2012

Widgets

2013 ඔබගේ හොඳම වසර කරගන්න


මේක ඇවිල්ල වැදි බණක්. ඒ උනාට මටයි ඔයාලටයි ඔක්කොටම වටිනව.

2013 අවුරුද්දෙ ඔයාගෙ බ්ලොග්කරණය දියුණු කරගන්න ඕනෙද? 2012 අවුරුද්දෙ ඔයාගෙ බ්ලොග්කරණය ගැන පැහැදීමක් නැද්ද? ඉතින් 2013 අවුරුද්ද හොඳ එකක් කරගන්න උපදෙස් ටිකක් මෙන්න. (අන්න ඒ ටික තමා වැදි බණ)

විවෘත මනසකින් යුක්තව වැඩ කරන්න.
එකම දේ නැවත නැවත කරමින්, නමුත් වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන එක සාර්ථක වෙන දෙයක් නෙමෙයි. අයින්ස්ටයිනුත් මෙහෙම කියල තියෙනවලු. මේක ඉතින් බ්ලොග් ලියන එකටත් පොදුයි. බ්ලොගිං වලින් දියුණු වෙන්න, ඒකට තියෙන කැමැත්ත වැඩි කරගන්න ඕනෙ. (මේ දවස් වල නැත්තෙ ඒකනෙ) ඉතින් ඔයාලගෙ මනස විවෘත කරල අලුත් විදිහට හිතන්න, අලුත් දේ ලියන්න පටන් ගන්න.

හොඳ මානසික ස්ථාවරත්වයක් ඇති කරගන්න.
ඔයාගෙ බ්ලොග් ලිවීම සම්බන්ධයෙන් ඔයාට ලොකු ඉලක්ක තියෙනව නම් ඔයා බ්ලොග් ලිවීම සම්බන්ධයෙන් බරපතලව හිතන්න ඕනෙ. ෆ්‍රී ඩොමේන් එකක් වෙනුවට ඩොමේන් එකක් සල්ලි දීල අරගන්න. ලස්සන, ඇසට ප්‍රිය මනාප තීම් එකක් දාගන්න බ්ලොග් එකට. දිගු කාලීනව, ඔයාගෙ බ්ලොග් එකට කාලය හා ශ්‍රමය වැය කරන්න. (අන්න ඒක තමයි මමත් කරන්නෙ නැත්තෙ. :( )

ඔයා සාමාන්‍ය ලියන දේවල ලියන්න.
බ්ලොග් එකට ලිපියක් ලියන එක කාලසටහනකට කරන්න. උදා: සතියකට ලිපි දෙකක්. අලුතින් ලිපි එකතු වෙන එක තමයි බ්ලොග් එකක driving force එක වෙන්නෙ. ඉතින් ඒක හරහා ඔයාගෙ බ්ලොග් එකට එන සෙනඟත් වැඩි වේවි. ඔයත් එක්ක සාමාන්‍යයෙන් ඉන්න රසිකයන් ටික හැමදාම ඔයත් එක්ක තියාගන්නත් ඒක හේතු වේවි.

ඔබගේ ලිපි අන්තර්ගතය ඉලක්කගත කරන්න.
ඔබගේ බ්ලොග් අඩවිය වටා එකතු වන කණ්ඩායම සළකා, ඔවුන්ට ගැළපෙන ආකාරයට, ඔවුන්ට ලිපි ලියන්න. ඒ හරහා ඒ කණ්ඩායම ඔබ වටා සැමවිටම තබා ගැනීමට ඔබට හැකිවනු ඇති අතර ඒ හරහාම තවත් එවැනිම කියවන්නන් ප්‍රමාණයක් එකතු කර ගැනීමට හැකි වනු ඇත.

මුල් පිටුව තුළ ඇති අන්තර්ගතය හා අඩවිය තුළ සැරිසැරීමට හැකි ආකාර ගැන සැළකිළිමත් වෙන්න.
ඔබගේ බ්ලොග් අඩවියට මුලින්ම පැමිණෙන්නන්ට ඔබගේ අඩවියේ තිබෙන අන්තර්ගතයට ඉතා පහසුවෙන් ලංවීමට හා අඩවිය තුළ ඇති ලිපි පහසුවෙන් සොයා ගැනීමට හැකි විය යුතුයි. අනෙකුත් ලිපි වලට සබැඳියන්, landing pages, මෙනුවන්, ඉතා පිළිවෙළට සකසන්න. මේ හරහා ඔබගේ අඩවියට මුල්ම අවස්ථාවේ එන්නන්, සැමදා එන්නන්, RSS හරහා එකතු වන්නන් බවට ඔබට ඉතා පහසුවෙන් හරවා ගත හැකි වනු ඇත.

ඔබද, බ්ලොග් අඩවිය තුළ සිටින්න.
බ්ලොග් අඩවියේ පැත්තකින්, ඔබගේ ඡායාරුවක් යොදන්න. ඔබ ගැන අඩවිය තුළ විස්තර කියන්න. ඔබ ඔබගේ බ්ලොග් කියවන්නන්ට කතා කරන විඩියෝ දර්ශන එකතු කරන්න. ඔබගේ පුද්ගලත්වය බ්ලොග් අඩවිය තුළ ප්‍රදර්ශනය කරන්න.

ඔබගේ දර්ශනය/විවේචන ඉදිරිපත් කරන්න.
හුඟක් බ්ලොග් ලියන්නන් කරන දෙයක් තමයි තියෙන දෙයක්ම ආපහු ආපහු කියන එක. "සමහරු නම් දන්නව ඇති, ඒත් මේ නොදන්න අයට" කියල ලියනකොට, ඔයාගෙ බ්ලොග් එකට හැමදා එන කෙනෙක්ට එපා වෙන්න ඉඩ තියෙනව. එකම දේ හැමතැනම එකම විදිහට දකින්න කවුරුවත් කැමති නෑ. එහෙම තියෙන දෙයක් ගැන කිව්වත් ඔබගේ හැඟීම්, ඔබගේ විවේචන, දර්ශනය සහිතව ඒ විස්තර කියන්න. වෙන අය වගේ තියෙන දේම කියන්න යන්නෙ නැතිව ඒ දේ ගැඹුරට යන්න, සවිස්තරාත්මකව විමසල විස්තර කරන්න. ඒ හරහා ඔබට ඔබගේ කියවන්නන්ට ලං වෙන්න ඔවුන්ට අලුත් දෙයක් දෙන්න ඔබට හැකි වේවි.

පෙළඹෙන්න.
ඔබ කැමති  විෂයන් ගැන කතා කරන බ්ලොග්, වෙබ් අඩවි නිරික්සන්න, කියවන්න. ඒ අඩවි වල තිබෙන අලුත් දේ ඉගෙනගන්න. ඔවුන් කරන, ඔබව පොළඹවන ක්‍රියාකාරකම් ඔබගේ බ්ලොග් අඩවියට සම්බන්ධ කර ගත හැකි ආකාර ගැන සිතන්න.

ප්‍රසිද්ධ කරන්න.
මොනව උනත් නිකම්ම ඉඳල හරියන්නෙ නෑ. ඔබ ඔබගේ බ්ලොග් අඩවිය ප්‍රසිද්ධ කළ යුතුයි. විවිධ ආකාරයෙන් ඔබගේ බ්ලොග් අඩවිය මිනිසුන් වෙත ගෙන යන්න උත්සාහ කරන්න. ඔබ බ්ලොග් අඩවිය සමඟ ගත කරන කාලයෙන් 50%ක් ලිපි ලියමිනුත්, 50%ක් ඒ ලිපි මිනිසුන් වෙත ගෙන යමිනුත් සිටිය යුතුයි.

සංඛ්‍යාංක විශ්ළේෂණය කරන්න
ඔබගේ බ්ලොග් අඩවියට එන අය එන්නෙ කොහොමද, මොන පාරවල් වලින්ද කියල හොයල බලන්න (Blogger Stats, Google Analytics වගේ දේවල් මේකට භාවිතා කරන්න පුළුවන්.) ඉතින් ඒ එන මාර්ග තවත් විවෘත කරගන්නත්, එන්නෙ නැති මාර්ග හදා ගන්නත් මේ දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. 

ව්‍යාපාරික මනසක් ඇති කරගන්න.
මේක නම් අපේ බ්ලොග් කරුවන්ට එතරම්ම ප්‍රයෝජනවත් වෙන එකක් නෑ. නමුත්, බ්ලොග් එක කරගෙන යන අතරෙ ඔයාලගෙ බ්ලොග් එකට එන අය හරහා ආදායමක් ලබා ගත හැකි ක්‍රමයක් සිතන්න. Affiliate Links, ඔයාලගෙම භාණ්ඩ, වෙලඳ දැන්වීම් ප්‍රදර්ශනය වගේ දේවල උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. එහෙම කිව්වම affiliate links වලින් හා දැන්වීම් වලින් බ්ලොග් එක පුරවන්න එපා. එහෙම කළොත් නම් ඉන්න ටිකත් ඔයාව දාල යාවි.

කිසිදාක අතාරින්න එපා.
ආසාවෙන් බ්ලොග් එකක් පටන් ගත්තට කීයෙන් කී දෙනාද ඒක දිගටම කරගෙන යන්නෙ???
ඉතින් කවදාවත් අතාරින්න එපා. ටික ටික කරල හෙමීට ඉදිරියට යන්න.

ඔබට සුභ පැතුම්!!!

ඒත් එක්කම,
සුභ නත්තලකටත් මගෙන් ආසිරි!!!


මේ සම්බන්ධ මෙන්න මේ ලිපි හරහාත් ඔයාලට දැනුමක් ගන්න පුළුවන් වෙයි.


මගෙ බ්ලොග් ලිපි ඔබ ලඟටම ගෙන්වාගන්න. ඔබගේ ඊ මේල් ලිපිනය ලබාදෙන්න.


Delivered by FeedBurner

6 comments:

  1. hoda article ekak bro !
    & Wish you the same !

    ReplyDelete
  2. මාත් ඊලඟ අවුරුද්දෙවත් මොනාහරි ලියන්න ඕනා. ගොඩ කාලෙකින් ලිව්වේ නෑ නෙව :)

    ReplyDelete
  3. parithyagayen thora jayagrahanayak na kiyanawane..

    Ithin monama de unath ape kalaya,shamaya wage awashya dewl kapakaranna one.
    Ethakotai jayagrahanya uruma karaganna apita haki wenne..

    Lipiya niyamai...
    Jayama Wewa !!!

    ReplyDelete
  4. අගනා ලිපියක්!!! ඒත් මට නං ඔය බලන සෙනග ඉහටත් උඩිං.. :D

    ReplyDelete
  5. හොද පොස්ට් එකක්...

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.