Friday, March 5, 2010

Widgets

Photography සිංහලෙන් පදිංචිය වෙනස් කරන්නයි ලෑස්තිය



LKServers එකේ Promotion එකට පින් සිද්ද වෙන්න මගෙ "Photography සිංහලෙන්" බ්ලොග් අඩවිය, www.roosara.info කියන තැනට පදිංචිය වෙනස් කරනව. තාම මම එතන වැඩ කටයුතු ඉවර නෑ. (අදනෙ ගෙදර ආවෙ, ඉතින් අද ඉඳන් තමා ඒකෙ වැඩ ටික හරිගස්සල එතන පදිංචියට සුදුසු තත්වයට පත් කරගන්න වෙන්නෙ.)
පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව ගොඩ දාගන්න බැරි වෙච්ච, ඒව ටික ගොඩ දාගෙන ඉන්න ඕනෙ මුලින්ම.  (එයාල අහල තිබ්බනෙ wordpress දාල ඕනෙද කියල, මම එපා කියල කිව්වෙ, නමුත් එයාල දාලමනෙ දුන්නෙ.)


ලොකුම ප්‍රශ්නෙ තමයි මට තීම් එකක් දාන්න බෑ. තීම් එකක් අප්ලෝඩ් කරන්න ගියාම මෙන්න මෙහෙම කතාවක් කියනව.

/home/roosara/public_html/wp-content/uploads/2010/03 නාමාවලිය සෑදීමට නොහැක. මාතෘ නාමාවලිය සර්වරයෙන් ලිවිය හැකිද?



ඔච්චරයි තියෙන්නෙ, අපිට පිළිතුරක් ඇතුල් කරන්න බොත්තමක්වත් නෑ.
ඔයාල විසඳුමක් දන්නවද? මම wordpress පාවිච්චි කරනකොට FTP client එකක් පාවිච්චියෙන් තමයි මීට පෙර themes හා plugins දැම්මෙ. මේකෙ අපිට ඒව කොරන්න බෑනෙ. wordpress ඇතුළෙ කරන දේවල් විතරයි, වෙන කිසිම දෙයක් අපිට කරන්න බෑ. 


දෙවෙනි ප්‍රශ්නෙ තමයි, සිංහලෙන් තියෙන admin panel එක ඉංග්‍රීසියට හරවගන්න එක. හරියකට කිසි දෙයක් තේරෙන්නෙ නෑ. :D


මේ ප්‍රශ්න දෙකට විසඳුම් හොයාගෙන තමා මට වැඩ පටං ගන්න වෙන්නෙ. එතකං මම කොට උඩ. :(
මේ promotion එක ලැබිච්ච අනිත් අය පොඩ්ඩක් මට උදව් කරන සේක්වා. වෙන අය උනත් කමක් නෑ. :)

7 comments:

  1. ඒ folder එක හදන්න ඔයාට permission නෑ වගේ.. LKservers ට කතා කරා නම් හරි

    ReplyDelete
  2. මටත් හිතුනෙ ඒකම තමයි, තීම් එකක් ප්ලගින් එකක් දාගන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද. :(

    ReplyDelete
  3. Permission ගැටඑවක් තියෙන්නේ, FileZilla FTP client එක භාවිතා කරලා ඕක හදා ගන්න.

    ReplyDelete
  4. Filezilla පාවිච්චි කරන්න බෑ. මොකද මට server side access නෑ කිසිම දේකට. මට පුළුවන් wordpress ඇතුළෙ වෙනස්කම් කරන්න විතරයි. :(

    ReplyDelete
  5. මම මේ ප්‍රශ්නෙ ගන කියල එයාලට යවපු මේල් එකට දැන් රිප්ලයි එකක් ආව. සඳුද එවනවලු අපේ cpanel එකේ account details. ඉතින් මගෙ බ්ලොග් එක මූව් කරන වැඩේ ඒ තොරතුරු ටික එනකම් කල් යනව. :(

    ReplyDelete
  6. http://lankeeyasithuwili.blogspot.com/2011/07/httplkserverscom.html බලන්න

    ReplyDelete
  7. මම දන්නව. මේක පරණ කතාවක්නෙ මිත්‍රයා. මම ඒ හොස්ට් එක අතෑරලම දැම්ම මේක හදල අවුරුද්දකින්. :)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.