Saturday, March 27, 2010

Widgets

Google, MicroSoft හා Twitter


මේක තවත් පුංචී ගේමක්, ගේමක් කිව්වට දෙපිලක් අතර තියෙන තරඟයක්.
ඔයාල දන්නවනෙ, ගොඩක් අය micro blogging වලට පාවිච්චි කරන්නෙ ට්විටරය කියල. 
ඊළඟට තව දෙයක්, ගූගල් හා මයික්‍රොසොෆ්ට් දෙගොල්ලොත් ලොකු තරඟයක ඉන්නෙ කියලත් දන්නවනෙ? (competition in the enterprise application space) දැන් එයාල අලුත්ම තරඟයක් පටන් අරගෙන, Internal Micro Blogging. හිතන්නකො ට්විටරය, මොකක් හරි organisation එකක් ඇතුළෙ විතරක් පාවිච්චි වෙන වගේ දෙයක් කියල. 

ගූගල් Buzz කියන්නෙ හරියටම ට්විටර් ක්ලෝන් එකක් නෙමෙයි, නමුත් ගොඩක් සමානකම් තියෙනවනෙ. එයාල බස් ප්‍රසිද්ධ කරනවත් එක්කම කිව්ව, මේක ඉදිරියෙදි සංස්ථාපිත පරිසරයකට (corporate environment) ගැලපෙන විදිහට එනව කියල, ඒ කියන්නෙ මොකක් හරි organisation එකක් ඇතුළෙ විතරක් ක්‍රියා කරන්න පුළුවන් වෙන විදිහට. Google Apps හරහා සමාගම්, පාසල් වගේ තැන් වලට Google Buzz ක්‍රියාත්මක කරවන විදිහට එයාල වැඩ කරනව.

ඒ අතරෙ MicroSoftලත් ඔහොම එකක් හදමින් ඉන්නව, ඒකට එයාල දීල තියෙන නම Office Talk. මේක ඇවිල්ල කෙලින්ම ට්විටර් ක්ලෝන් එකක්ම තමා. (අකුරු 140යි ලියන්නත් පුළුවන්) නමුත් Google Buzz වලින් කරන්න පුළුවන් වැදගත්ම දේවල් ටිකත් කරන්න පුළුවන්. 

Office Talk - a Microsoft labs experiment

MicroSoftල මේක ගැන කියන්නෙ මෙහෙමයි.
"Ever wish you could share information broadly within your organization without emailing everyone? Ever wish you could keep the pulse of what people in your organization think is interesting? Microblogging has that potential. OfficeTalk is a concept test to explore the value of microblogging in the enterprise. OfficeTalk is deployed internally at Microsoft and has seen over 10,000 visitors and hundreds of messages posted daily. We're now making OfficeTalk available to a few customers in a small pilot test. Because this is an early-stage concept, the OfficeTalk microblogging experience itself looks very similar to other well-known services. The key difference is that the enterprise owns the data since the OfficeTalk server is hosted in the customer’s organization."

හොඳයි කියමුකො, හැබැයි Microsoftල ඔක්කොම දේවල් කොපි ක්‍රල නෙව. 

3 comments:

  1. මයිකො බ්ලොග් කියන්නේ මොනවද ? මට මේක හරි ගැටලුවක්

    ReplyDelete
  2. Micro Blogging කියන්නෙ අපි මේ කරල blogging වල පොඩි එක. වචන කිහිපයකින්, රූපයකින්, පොඩි විඩියෝ ක්ලිප් එකකින් යම් දෙයක් කියන එක තමයි micro blogging කියන්නෙ. ට්විටරයේ අපි අකුරු 140ක් ඇතුළත එක එක දේවල් කියනව, ඒ micro blogging. twitpic වලදි අපි එක රූපයකින් එක එක දේවල් කියනව, ඒ micro blogging.

    ReplyDelete
  3. මම නම් ඉතිං ඔය හැම දේම ගොඩක් අඩුවෙන් තමා පාවිච්චිය :D‍

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.