Sunday, March 14, 2010

Widgets

ඔයාලගෙ වෙබ් අඩවියට ChatBot එකක්



ඔයාල සමහරු ඔයාලගෙ වෙබ් අඩවි වලට tool bar එකක් දාල, චැට් කරන්නත් පහසුකම් හදල දීල තියෙනව මම දැකල තියෙනව. මමත් එක පාරක් එහෙම එකක් ගැන කිව්ව. මේ කියන්න හදන්නෙත් එහෙම එකක් ගැනමයි, නමුත් මේක චැට් සඳහා විතරයි. 
මේක පාවිච්චි කරන්න පුළුවන්, ඔයාලගෙ වෙබ් අඩවියට එන අය සමඟ අදහස් හුවමාරු කරගන්න. Agentsල කිහිප දෙනෙක් දාල, එයාල ඔන්ලයින් ඉන්නව නම්, එයාල එක්ක ඔයාගෙ අඩවියට එන අයට චැට් කරන්න, ප්‍රශ්න අහන්න, වගේ දේවල් කරන්න පුළුවන්. කවුරුත් ඔන්ලයින් නැත්තම් offline message එකක් යවන්නත් පුළුවන්.
මේක මට ලැබුනෙ මගෙ "Photography සිංහලෙන්" වෙබ් අඩවියට wordpress plugins හොයනකොට. ඒකට ම්ම ඒක දැම්ම, ගිහිල්ල බලන්නකෝ.
සල්ලි වියදම් කරන්න පුළුවන් නම් වැඩි පහසුකම් තියෙනව. ඒකෙ ගොඩාක් පහසුකම් තියෙනව, එන අය එන්නෙ කොහෙන්ද කියලත් කියනව, Analytics ත් පෙන්නනව. තව පහසුකම් ගොඩයි.
ගිහිල්ලම බලන්නකෝ, මෙන්න ලින්ක් එක.


මේ තියෙන්නෙ චැට් පැනල් එක. ඔය මම, ජපානයෙන් මගෙ වෙබ් අඩවියට ආපු එක්කෙනෙක් එක්ක චැට් කරන ගමන්.





3 comments:

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.