Tuesday, March 9, 2010

Widgets

මම දන්න තාපදායකම ප්‍රතික්‍රියාව

බ්ලොග් එකක තිබ්බ, පොටෑසියම් ප'මැංගනේට් සහ මැන්ගනීස් ඩයොක්සයිඩ් ගැන කියල ලිපියක්. මමත් ගිහින් බැලුව, කෝ මේ වෙන කතාවක්නෙ එතන තිබ්බෙ.
ඉතින් ඕකත් එක්ක මටත් දෙයක් මතක් උනා, ඒ ලෙවල් කරන කාලෙ ඉගෙන ගත්තු දෙයක් ගැන.
මේක තමා මම ඉගෙන ගත්තු තාපදායකම ප්‍රතික්‍රියාව. (විද්‍යා විෂයන් නොකරපු අයට; තාපදායක ප්‍රතික්‍රියා වනාහී, රසායන ප්‍රතික්‍රියාව සිදුවන විට ශක්තිය පිට කරමින් තාපයක් නිකුත් කරන ප්‍රතික්‍රියාවන්ය.)

පොටෑසියම් ප'මැංගනේට් + ග්ලිසරීන්

ට්‍රයි කරල බලන්න. මේ දෙකම සුළු මුදලකට ෆාමසියකින් ගන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන්. ටිකක් අනතුරු දායක ප්‍රතික්‍රියාවක්.
මගෙත් එක්ක අබේධීර සර්ගෙ පංති ආපු අයට මතක ඇති සමහරවිට, මම මේක අත්හදා බැලුවෙ පංතිය ඇතුළෙ. :D :D :D (කාටවත් හානියක් උනේ නෑ,)
කරන්න ඉස්සෙල්ල මේක බලල ඉන්නකො. මේක ලියන අතරෙම අදිස්සියෙ මතක් වෙලා පොඩ්ඩක් යූ ටියුබ් එක පැත්තෙ ගිහිල්ල බැලුව.



(මම කරපු එකේ නම් මෙච්චර ගින්දර ආවෙ නෑ. :( මම ලෝබකමට පොඩ්ඩයිනෙ දැම්මෙ. :D )


11 comments:

  1. අපි නම් ඉතිං ඔව්ව ට්‍රයි කොරන වයස පහු කොරල මලේ . .

    ReplyDelete
  2. ඔයිට වඩා හොද තාපදායක ප්‍රතික්‍රියාවක් බලාගන්න තිබ්බ ටිකක් ලොකු සෝඩියම් හරි පොටෑසියම් හරි කෑල්ලක් වතුරට දැම්මනම්...ලොල්

    ReplyDelete
  3. ම්ම හිතන්නෙ යොදා ගන්නා ප්‍රතික්‍රියක ප්‍රමාණ වල හැටියට සෝඩියම් කෑල්ලක් වතුරට දැම්මට වඩා තාපයක් මේකෙන් පිට වෙනව.
    ඒකට විද්‍යාවෙශි කියන නම නම් මතක නෑ.

    ReplyDelete
  4. api owa kalea meeta avurudu gaanakata kalin.
    dan owwagea namakwat mataka nee... :(
    api dan naki minissune...
    hiks

    ReplyDelete
  5. සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මා සතුය. එහෙයින් කවර හෝ ලිපියක අන්තර්ගතය, වෙනත් ස්ථානයක පළ කිරීමට පිටපත් කිරීම සඳහා මගේ අවසරය ලබාගත යුතු බවත්, අදාල පිටපතේ මගේ නම හා මුල් ලිපිය සඳහා යොමුවක් යෙදිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.

    මල්ලි මේකට එන්නත් බයයි වැරදිලාවත් කොපි උනොත්
    ඔයා මැරෙන කොටත් copyrights ගෙනියනවද
    අපිනම් opensource

    ReplyDelete
  6. නයිට්‍රොග්ලිසරීන් ටිකක් ගිනි තියල බැලුවෙ නැද්ද(ප්‍රතික්‍රියාවක නම් නොවේ හොදේ)

    ReplyDelete
  7. මමත් කලෙ ගනිතය
    මමත් ඔව්ව දන්නව
    මෙව්ව බලන පොඩි ලමයින්ට
    මෙ වගෙ දෙවල් වල බයානකකම
    කියනවනම් හොදයි කියල මම හිතනව

    ReplyDelete
  8. @Anonymous: මමත් opensource ලෝලියෙක්. නමුත් අපි මහන්සි වෙලා ලියන ලිපියක් වෙන කෙනෙක් තමුන්ගෙ වගේ වෙන තැනක පළ කරන එක වැරදියි කියල හිතෙන්නෙ නැද්ද? මටත් පෞද්ගලිකව ඒක වෙලා තියෙනව. මේකෙ තියෙන දේවල් කොපි කලාට කමක් නෑ, ඒත් පොඩ්ඩක් ඒ ලිපිය ලිව්ව මටත් පොඩි ස්තුතියක් කරන එකේ කිසිම නරකක් නෑනෙ? ඒක මහලොකු අමාරු දෙයක් නෙමෙයිනෙ. තව වැඩිපුර පේළියක් ලියන එක විතරයිනෙ.
    සමහරු ඉන්නව සිංහලෙන් එක අකුරක් ටයිප් කරගන්නවත් බෑ, ඒ උනාට වෙන අය ලියපුව තමුන්ගෙ වගේ ප්‍රසිද්ද කරනව.
    ඒක වැරදියි කියල ඔය නමක් නැති මිත්‍රයට තේරෙන්නෙ නැද්ද?

    @සුපුන් : හපෝයි, ඒක නම් එච්චර හොඳ අදහසක් නෙමෙයි. හික්ස්.

    @indi : ඇත්ත, ඒකටම තමයි මම ලිපිය විතරක් නොලිය විඩියෝ එකකුත් දැම්මෙ ඒකෙ තත්වය පෙන්නන.

    ReplyDelete
  9. Madhawa Habarakada said... @ March 10, 2010 1:51 PM

    @Anonymous: මමත් opensource ලෝලියෙක්.

    භාග වේලාවට ඔබ හරි ඒත් අපි ඇයි මේවා බදාගෙන ඉන්නේ?අපි මේවා අරන් යන්නේ නැ නේද?

    ReplyDelete
  10. පොටෑසියම් හොඳ සාන්ද්‍ර අම්ලෙකට දෑවනම් වතුරට දෑවට වඩා ගිනිගන්නවා... පොට්ටෑසියම් කෑල්ලට එහෙමෙහෙ දුවන්න නොදි අල්ල ගත්තනම් තව ශෝක්..... අයියා කියපු එකත් කරලම බලන්නම්කෝ......

    MS

    ReplyDelete
  11. @Anonymous1 : ඔයා කියන එක හරි, නමුත් වෙනත් කෙනෙක් මහන්සි වෙලා ලියන දෙයක් තවත් කෙනෙක් තමුන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදාගන්න එක වැරදියි නේද?

    @Anonymous2 : මම ඉස්සෙල්ල කොමෙන්ට් එකේදි කිව්ව එකම තමා ඔයාටත් කියන්න තියෙන්නෙ. සම්මත තත්ව යටතේ එන්තැල්පි වෙනස සැළකුවාම මම කිව්ව ප්‍රතික්‍රියාවේදී පිටවත තාපය ඉතාම ඉහළයි.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.