Sunday, March 21, 2010

Widgets

Facebook, FarmVille සහ Bing




ඔය උඩ මාතෘකාවෙ තියෙන 3 නොදන්න කෙනෙක් නෑ මම හිතන්නෙ. කවුරු හරි ඉන්නව නම් නොදැන ඉන්න වටින එකම එක farmVille, ඒත් එක අහල නැති වෙන්නත් බෑ.
හරි හරි, දැන් මේ තුන අතරෙ තියෙන සම්බන්ධෙ මොකද්ද??? facebook හා farmville අතරෙ තියෙන සම්බන්දෙ මොකද්ද කියල නම් දන්නවනෙ. ඒත් බිං රිංගුවෙ කොහෙන්ද?
මෙතන තියෙන කතාව ලේසි පාසු කතාවක් නෙමෙයි. පට්ටම Marketing strategy එකක්. ඉගෙන ගන්න වටිනව, බිං ලගෙන්. 


එයාල තේරුම් ගත්ත, Social Networking කියන එකේ තියෙන වෙළඳ වටිනාකම, ඉතින් මොකද කළේ, FarmVille ගේම් එකට free credits දුන්න, එයාලගෙ facebook fan page එකේ ෆෑන් කෙනෙක් වෙනවට. කොහොමද වැඩේ. FarmVille ගහන අය අනිවා ඕක කරනවනෙ. ඔයාලත් කරල ඇති. 
කට්ටිය ට්විටරයට වඩා farmville පාවිච්චි කරනවලු, පාවිච්චි කරන අය ඒ ගේම් එක ඇතුළෙ එක එක ක්‍රියාකාරකම්, එකිනෙකා එක්ක විවිධාකාරයේ සම්බන්ධතා ඇති කරගනන්වනෙ. ඉතින් බිං කට්ටිය තේරුම් ගත්ත, මේක හොඳ තැනක් හොඳ පරීක්ෂනේකට කියල. ඉතින් එයාල අර මම මුලින් කිව්ව දේ කළා. 


මොනවද එයාලට ලැබුනෙ?


72% කට වඩා කට්ටියක්, ඒ ලින්ක් එක උඩ ක්ලික් කරල credits ගත්ත.
59,000ක් දෙනා ඒ පුවත තමුන්ගෙ news feed එකට publish කළා.
එහෙම දාපු secondary feeds වලට 70,000 ක්ලික්ස් ලැබුන. 
පැය 24ක් අතුළත බිං ෆෑන් පිටුවට, නව සාමාජිකයින් 400,000 ක් එකතු උනා. 


කොහොමද වැඩේ?

7 comments:

  1. ඕක barn buddy එකට දෙන්නෙ නැද්ද :D

    ReplyDelete
  2. වැඩේ නම් උපරිමයි... ඒත් මම FarmViile එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිනිසා වෙන්නැති ඔය Link එකක් මට හම්බුනෙ නැත්තේ...:P

    ReplyDelete
  3. we are barn buddy zzzzzzzzzz

    ReplyDelete
  4. සැහ්.. පිස්සු හැදෙනව..

    ReplyDelete
  5. Great!
    I'm also not involved with FarmVille, so didn't see the link.

    ReplyDelete
  6. Social Networks හා Virtual Games අපිට කන්න දෙන්නේ නිකං නෙමේ කියන්නේ ඕකට බන්.

    ReplyDelete
  7. FarmVille tikak boring.....Barn Buddy ekata dunna nam thamai niyama wede....:D

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.