Saturday, March 13, 2010

Widgets

මොනව ලියන්නද මොනව කරන්නද...

අනේ ලියන්න දෙයක් හිතට එන්නෙ නෑ නෙ. වෙබ් සයිට්ස් ටිකක් ගැන නම් ලිව්වැකි, ඒත් ඒක අළුත් දෙයක් නෙමෙයිනෙ. තව මෛත්‍රී හාමුදුරුවන්ගෙ කතාවක්? එක දිගටම එහෙම ලියන එකත් හරි නෑ නෙ.
ලියන්න දේවල් හිතෙන්නෙත් නෑ.
ඒ අස්සෙ තාම මගෙ අලූත් තැන Photography සිංහලෙන් එක හරියකට සෙට් කරගන්න බැයි උනා. පොඩි පොඩි අවුල් කිහිපයක් තියෙනව. ගෲප් එකට පෝස්ට් එකක් දැම්ම, බලමු උදව්වක් ලැබෙයිද කියල. ඒකෙ තීම් එකත් එච්චර හරි නෑ කියල කිහිප දෙනෙක් කිව්ව, තීම්ස් 150 විතර බලල තමා ඕක තෝර ගත්තෙ. වෙන එකක් දාන්න වෙයි වගේ, නැත්තම් මමම එකක් හදනව.
එක ප්‍රශ්නයක් ටිකක් විසඳගත්ත. (මේ ලිපිය පබ්ලිශ් කරල ඉවර උනාට පස්සෙ තමා මේ වැඩ ටික කලේ, ඉතින් ලිපිය පොඩ්ඩක් වෙනස් කළා.) Zoundry Raven වලින් ලිපි ලියන්න හදන්නෙ. පරණ බ්ලොග් එකේ ලිපි ඉම්පෝට් කරගන්න බැරි උනු නිසා මේ මෘදුකාංගයෙන්ම තෝරාගත් ලිපි ටිකක් මේකටත් පබ්ලිශ් කළා. දැන් බ්ලොග් කියවනයට දාන්න ඕනෙ. ලිපි ටිකක් දෙන්නම් කියල කිහිප දෙනෙක් කිව්ව, ඒවත් එනකම් බලා ඉන්න ඕනෙ, ඒ අතරෙ මම ලිපි ලියන්නම්. :)

4 comments:

  1. ෆොටොග්‍රැපි ගැන තව ලියන්න ඒ ලිපිටික සින්ඩියෙ කැපීපෙනෙන විදියට තිබුන මොකද තවත් කවුරුවත් ඒ ගැන ලියපු නැති නිසා , ඒනිසා දිගටම ලියන්න අපි කියවන්න බලාගෙන ඉන්න. අනිත් එක හැමොම කරන ඒවනම් ලියන්න එපා දැන් සින්ඩිය බලන්නත් කම්මැලිවේගෙන එන්නෙ

    ReplyDelete
  2. Photography අළුත් අඩවිය දැන් හරි, හොඳට වැඩ කරනව, තව පරණ ලිපි ටිකක් දාන්න තියෙනව. අළුත් ලිපි ඒකෙ ලියන්න පටන් ගන්නව, ඒක සින්ඩියට වැටිච්ච ගමන්.
    මටත් හරි කම්මැලි වැඩක් වෙලා තමා සින්ඩිය බලන එක නම්, බ්ලොග් 600ක් තිබ්බත් මම කැමති දේවල් ලියන්නෙ කිහිපදෙනයි. මේ බ්ලොග් එක ලියන එකත් ටිකක් කැම්මැළි හිතෙන වැඩක් වෙලා, ඒ නිසා ෆොටෝග්‍රැෆි එකට වැඩි තැනක් දීල, මේකට දෙන priority එක අඩු කරන්න ඕනෙ. නමුත් මේකෙත් හොඳ දේවල් ලියවෙනව, උදා: කොටස්වෙළදපළ ලිපි පෙළ හුඟක් ජනප්‍රිය උනා, ඒකට තව ලිපියක් ලියන්න හිතාන ඉන්නෙ.

    ReplyDelete
  3. ඔව් ඔව් කොටස්වෙළදපළත් හොද ලිපි පෙලක් , මම කියන්නෙ ඒවගේ වෙනස්ම ඒව ලියන්න හුගක් අයට ඒව වැදගත්

    ReplyDelete
  4. හ්ම්ම්, නමුත් මේ දවස් වල නම් ලියන්න අළුත් දෙයක් හිතට එන්නෙ නැති එක තමා අවුල, මට විතරක් නෙමෙයි මගෙ යාළුවෙක්ටත් මේ ප්‍රශ්නෙම තියෙනව. :)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.