
කට්ටිය බලයි මොකද්ද බොලේ මේ කියල.
මේක තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන තියෙන ප්‍රවාදයක්. අහගන්නකො එහෙනම්.
මේක රාහුල හාමුදුරුවො පොඩි කාලෙ වෙච්චි දෙයක්.
තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගෙ ගුරු හාමුදුරුවො තමා වීදාගම මෛත්‍රී හාමුදුරුවො. මහණ උනාට මේ පොඩි හාමුදුරුවන්ගෙ දඟ වැඩ නම් තාම එහෙමමයි.
ඔන්න ඉතින් රාහුල පොඩි හාමුදුරුවො දවසක්දා බෝ මළුව අමදිනකොට කවුරු හෝ දායකයෙක් දමල ගිය චූටි පූස් පැටියෙක් දැක්ක. ඉතින් පොඩි හාමුදුරුවන්ටත් හරි සතුටුයි,...