Friday, December 25, 2009

සුභ නත්තලකට ආසිරි!!!

මම ක්‍රිස්තියානි නම් නෙමෙයි, එහෙමයි කියල නත්තලට සුභ පතන්න තහනමක් නෑ නෙ, නේද?හැමෝටම සුභ නත්තලක් වේවා!!!එන්න තියෙන නව වසරත් සාර්ථකත්වයේ වසරක් වේවා...

Sunday, December 20, 2009

ගූගල්ලගෙ තවත් වැඩක්

මෙන්න ගූගල්ලගෙ අළුත්ම වැඩක්. URL Shortner එකක්. මේක තියෙන්නෙ http://goo.gl/ වල. නමුත් මේක අපි වෙන ඒව පාවිච්චි කරනව වගේ අපේ වෙන වැඩ වලට පාවිච්චි කරන්න බෑ. පුළුවන් ගූගල්ලගෙ වැඩ වලට විතරයි. ඉස්සරහදි ඒකත් කරන්න දෙන්න පුළුවන් කියල තමා එයාල කියන්නෙ.මේක එයාල, එයාලගෙ tool bar එකට share button එකක් ඇඩ් කිරීමත් එක්ක ආපු එකක්. ඊළඟට දැන් Feed Burner එකෙන් පුළුවන් අපේ ෆීඩ්ස් කෙලින්ම twitter එකට දාන්න.මේ දෙක එක්ක තමා මේ අලුත් url shortner එක ක්‍රියාත්මක වෙන්නෙ.ඔයාල...

Sunday, December 6, 2009

ගූගල්ලගෙ අළුත්ම නිෂ්පාදනය - Google Dictionary

සමහරු නම් දන්නවත් ඇති, මේ ගූගල්ලගෙ අළුත්ම නිෂ්පාදනයක්. Google Dictionary. ගූගල් සමාගම දැන් එයාලගෙ searches වල වචන සෙවුමක් කළොත් ඒවයෙ definitions දෙනව. (ඉස්සර නම් ගූගල් කළේ usersලව answers.com වලට යවපු එක, දැන් කෙලින්ම Google Dictionary එකට යවනව.)මේක නිකම්ම නිකං English to English Dictionary එකක් නෙමෙයි, භාෂා ගණනාවකම වචන වල තේරුම හරි ඒ වචනය ඉංග්‍රීසි වලට පරිවර්තනය කරල තේරුමත් කියන ජාතියෙ එකක්. දැනට භාෂා 30කට මේක support  කරනව....

Google Chrome Bookmarks Sync අත්හදා බැලුවෙමි.

මම මේක ගැන මීට පෙර ලිපියක් දැම්ම, නමුත් මම ඒක ට්‍රයි කරල බැලුවෙ අද. නරක නෑ.මුලින්ම ක්‍රෝම් අප්ඩේට් කරගන්න ඕනෙ vision 4 වලට. ඊට පස්සෙ Settings > Bookmark Synced.. ක්ලික් කරන්න. නැත්තම් Settings > Options > Bookmark Sync.මුල්ම වරට නම් මේක ක්ලික් කරන්නෙ, ඔයාගෙ ගූගල් ගිණුමට ලොග් වෙන්න අහනව.ලොග් උනාට පස්සෙ ක්‍රෝම් මගින් ඔයාගෙ සියළුම Bookmarks, Google Docs වලට සේව් කරනව.ඔන්න ඔහොමයි පේන්නෙ.ඒව ඕනෙ නම් වෙන අය එක්ක බෙදා හදා ගන්න උනත් පුළුවන්.මේ ටික...

Saturday, December 5, 2009

පොඩි පරික්ෂාවක්

මගෙ wordpress බ්ලොග් එකකට මම පොඩි plugin එකක් දැම්ම, එක පොඩ්ඩක් පරික්ෂා කරල බලන්න තමයි මේ පෝස්ට් එක දැම්මෙ. කරදරයක් උනා නම් සමාවෙන...

Tuesday, December 1, 2009

කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය බලන්නේ කොහොමද?

කොටස් වෙළඳපළ ආයෝජනය කළා වගේ නෙමෙයිනෙ, එතන මොනවද වෙන්නෙ කියල විමසිල්ලෙන් ඉන්න එපැයි, නේද? හරි හරි, ඉතින් කොහොමද කොටස් වෙළඳපළ ගැන බලන්නෙ? කොටස් වෙළඳපළ තුළ සිදුවන වෙළඳාම් පිළිබඳව දිනපතා පුවත්පත් වල (උදා:Daily News), කොටස් වෙළඳපළ තුළදීම, ඔබගේ තැරැව් කරුවාගේ කාර්යාලයේ පරිගණක වල සහ වෙනත් පොදු ස්ථාන වල, ප්‍රසිද්ධ කරනු ලබනවා. රූපවාහිනී හෝ ගුවන්විදුලි වැඩසටහන් හරහාද ප්‍රසිද්ධ කරනු ලබනවා. ඒ වගේම කොළඹ කොටස් නිකුතුවේ වෙබ් අඩවිය (www.cse.lk) තුළද එදිනෙදා සිදුවන වෙළඳාම් පිළිබඳව තොරතුරු ලබා දෙනව. ඒ වගේම ඔයාලට පුළුවන් කොටස් වෙළඳපළ මගින් නිකුත් කරන දිනපතා, සතිපතා,...

Sunday, November 29, 2009

පින්නවල සාමා

මේ කියන්න යන්නෙ සෙනෙරක් (සෙනෙර කියන්නෙ අලියගෙ ගෑණු සතා හොඳේ) ගැන. මෙයාගෙ නම "සාමා", ඉන්නෙ පින්නවල අලි අනාථාගාරයේ. මෙයාව එක්ක ඇවිල්ල තියෙන්නෙ ලංකාවෙ උතුරු කරයෙන්. යුද්ධයෙන් අනාථ වෙච්ච තවත් අසරණයෙක්. බිම් බෝම්බයකට කකුල තියල ඉස්සරහ දකුණු කකුලෙන් කොටසක් ඉවත් කරන්න වෙලා (අඟල් 6ක පමණ කොටසක්). දෑන් ඇය ඇවිදින්නෙ පාද 3කින්. දැන් ඇයට වයස අවුරුදු 15කට වැඩියි. (මට හරිම වයස දැනගන්න බැරි උනා) ඇවිදින එක කොච්චර අමාරු උනත් ඇය කැමති නෑ එක තැනට වෙලා ඉන්නවත් ඇයව රංචුවෙන් ඉවත් කරල තියෙනවටත්, බැරි බැරි ගානෙ හරි රංචුව එක්ක එහෙ මෙහෙ යනව. (නාන්නත් යනව.)...

Sunday, November 22, 2009

Chrome OS අද හෙටම එනවා

පසුගිය නොවැම්බර් 17 වනදා ගූගල් මගින් Chrome OS සම්බන්ධව විශේෂ සම්මන්ත්‍රනයල් තිබ්බලු, Chrome OS සම්බන්ධ Demos හා එහි අඩංගු විවිධ දේ සම්බන්ධව විස්තර කරන. එය ලබන අවුරුද්ද මුලදී එළි දැක්වීමට බලාපොරොත්තු වෙන බවත් එහිදී සාකච්ඡා වී තිබෙනව.ඒත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබිල තිබෙනව (මට නෙමෙයි හොඳේ, TechCrunch එකේ කට්ටියට), තව සතියක් පමණ ඇතුළත Google Chrome OS එළි දැක්වෙන වග.Chrome OS එක open source, සරළ, වේගවත්, වඩා ආරක්ෂිත හා සැහැල්ලු OS...

Friday, November 20, 2009

මැක් වලටත් දැන් ගූගල් ක්‍රෝම්

2008 සැප්තැම්බර් ඉඳල හැමෝම ක්‍රෝම් පාවිච්චි කරද්දි මැක් පරිශීලකයින්ට හිතෙන්න ඇතිනෙ අනේ අපිට කෝ ක්‍රෝම් කියල. ඔන්න ඔයාලටත් ක්‍රෝම් ලැබෙන්නයි යන්නෙ. මැක් වෙනුවෙන් ක්‍රෝම් වල බීටා සංස්කරණයක් ඉදිරි දෙසැම්බර් මාසෙදි නිකුත් aකරන්න යනවලු.කොහොම හරි මාස තුනක් විතර යයිලු ඒකෙ බීටා කියන කෑල්ල නැති වෙන්න, ඒ කියන්නෙ 2010 පෙබරවාරි වගේ වෙනකොට මැක් කස්ටියට ක්‍රෝම් එනව මුල්ම සංස්කරණය විදිහට.මේව හරියටම හරි දවස් නෙමෙයි, නමුත් මේ කාලය තුළ මේව සිද්ද වෙන්න පුළුවන්.මෙන්න...

Friday, November 13, 2009

ට්විටරය දැන් තවත් දියුණුයි

දැනට ට්විටරය පාවිච්චි කරන්න පුළුවන්, ඉංග්‍රීසි හා ජපන් භාෂාවෙන් පමණයි, නමුත් එය ප්‍රංශ, ඉතාලි, ජර්මන් හා ස්පාඤ්ඤ භාෂා වලිනුත් භාවිතා කළ හැකි ලෙස සකසන්නට එහි නිර්මාපකයන් වෙහෙසෙනවා.ඔයාලටත් කෑමති නම් සහභාගි වෙන්න පුළුවන්.  ඔවුන් කුඩා ස්වේච්ඡා කණ්ඩායම් වලට ආරාධනා කරනව, ඔවුන් සමඟ එකතු වෙන්න කියල, පරිවර්තන කටයුතු සඳහා.මේකෙන් ට්විටරය සමඟ සසම්බන්ධ වන පිරිස ඉතා විශාල ලෙස ඉහළ යාවි යෑයි එහි නිර්මාපකයන් බලාපොරොත්තු වෙනව...

Tuesday, November 10, 2009

Google Wave - සරළව

ගූගල් සමාගම Google Wave ගිණුම් කස්ටියට බෙදුව මතක ඈතිනෙ, අපේ මේ බ්ලොගෝලයේ කිහිපොඅ දෙනෙක්ටත් ලැබුන කියල ආරංචියි, මට නම් ලැබුනෙ නෑ. :(ඒකටත් වාසනාව ඕනෙ, හම්බ වෙච්චි අයට පුළුවන් තවත් අයට මේකට ඈරයුම් කරන්න, නමුත් ඒ අයටත් එක පාරටම දෙන්නෙ නෑ, ගූගල් කට්ටිය කැමති නම් විතරයි දුන්නෙ.කොයික කෙසේ වෙතත් ඒ ගිණුම් ලබා ගත්තු හුඟක් අයට google wave ගැන හරි හැටි දැනුමක් නෑලු. ඉතින් මිනිස්සුන්ට දැන ගන්න ඕනෙලු මේක කොහොමද වැඩ කරන්නෙ කියල.බලන්නකො මෙන්න මෙ විඩියෝ එක, ඒකෙ තියෙනව...

Saturday, November 7, 2009

ඔන්ලයින් වර්ඩ් ප්‍රොසෙසරයකින් බ්ලොග් ලිපියක් ලියුවෙමි.

මේක මම ලියන්නෙ www.zoho.com වල තියෙන zoho writer එකෙන්, මේක online word processor එකක්, google writer එක වගේ (හැබැයි ඊට වඩා දියුණුයි), මෙතනින්ම බ්ලොග් එකකට පෝස්ට් කරන්න පුළුවන්. මෙතන තියෙන WIZWIG editor එකේ ගොඩාක් options තියෙනව, සාමාන්‍ය blog editor එකට වඩා.මේ තියෙන්නෙ zoho writer එකේ පෙනුම. මේ වගේ සංකේත, සමීකරණ දාන්නත් පුළුවන්. මේ වගේ smilies දාන්නත් පුළුවන්.තව හුඟක් දේවල් දාන්න පුළුවන්, වගු, ඉරි, headers, footers, page numbers,...

Friday, November 6, 2009

මමත් දැම්ම මගෙ බ්ලොග් එකට E-Newsletter එකක්

ඔන්න මම මගෙ බ්ලොග් එකට e-newsletter එකක් දැම්ම, එන කට්ටිය ඒකට subscribe වෙන්න හොදේ. කරදරකාර මේල් නම් එවන්නෙ නෑ, වැදගත් මේල් තමයි එවන්නෙ. හැමදාම එවන්නෙත් නෑ, කාලෙන් කාලෙට තමා එවන්නෙ.මේක දැම්මෙ Google Friend Connect එකෙන්. බලන්නකො ගිහින්. එතන පහළින්ම මෙන්න මේ වගෙ එකක් තියෙනව, එතනින් තමයි මේක දා ගන්නෙ.ඔයාලත් දාල බලන...

කොටස් වෙළඳ පළ ගැන වැඩිපුරම ඈසෙන ප්‍රශ්න

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන යම්ම හෝ සිතිවිල්ලක් ඈති සෑම කෙනෙක්ම අසන පළමු ප්‍රශ්නය,මම කොටස් මිලදී ගත්තොත් මට හැම වෙලේම ලාභ ලැබෙනවද?අපොයි නෑ.කුමන ආකාරයක ආයෝජන ක්‍රමයක් උනත් ඒකෙ අවදානමක් තිබෙනව. අවදානම වැඩි වෙන තරමට ඒකෙන් ලැබෙන ලාභය වැඩියි. නමුත් ඉතින් හැමෝම එහෙම අවදානමක් ගන්න කැමති නෑනෙ, නේද?ඒක නිසා තමයි, ඔබට ගැළපෙන ආයෝජන ක්‍රමය ඔබ තෝරා ගත යුත්තේ.ඒ සඳහා මෙන්න මේ දේවල් ගැන සොයා බැලිය යුතුයි.එමගින් ලැබෙන ලාභයඔබ දරන්නට කැමති අවදානමේ ප්‍රමාණයඔබගේ ආයෝජනය යළි...

ගූගල් තුළ ඈති ඔබේ තොරතුරු එක වහලක් යටට

ගූගල් විසින් Google Dashboard කියල එකක් දියත් කරල තියෙනව. එමගින් ඔබ පාවිච්චි කරල සියළුම ගූගල් නිෂ්පාදන පිළිබඳ සියළු තොරතුරු, ලින්ක්, ඒවා කළමණාකරනය කරගැනීමට පහසුකම් සළසල තිබෙනව. Gmail, Calendar, Docs, Web History, Orkut, YouTube, Picasa, Talk, Reader, Alerts, Latitude, Friend Connect, Health, Profile, Contacts, Tasks, and Web History මෙන්න මේ ටික තමා දෑනට Googla Dashboard එකේ තියෙන්නෙ, Google Analytics, Checkout, App Engine, Bookmarks, Base, Groups, Sites, Knol, Local Business Center, Maps, Merchant Center, News, Notebook, Webmaster...

ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ අලුත්ම බීටා සංස්කරණය bookmark sync පහසුකම සමඟින්

ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ අලුත්ම බීටා සංස්කරණය bookmark sync පහසුකම සමඟින් නිකුත් සර තිබෙනවා."For those of you who use several computers -- for example, a laptop at work and a desktop at home -- you've asked for a way to keep your Google Chrome bookmarks in sync across multiple computers," explains Google. "Today's new beta release allows you to do just that! You can keep your Google Chrome bookmarks synchronized and up-to-date across the multiple computers you use, without needing to manually recreate your bookmarks every time you...

Monday, November 2, 2009

මෙ ජීවිතය බේරා ගනිමු

මේ අපේ කැම්පස් එකේ අපිට යට බැච් එකක කොල්ලෙක්, නම අසංක. ඔහුට වකුගඩු ආබාධයක් තිබෙනව, පොඩ්ඩක් උදව් කරමු නේද? මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකේ වැඩි විස්තර තියෙනව, පොඩ්ඩක් කියවල, පොඩි උදව්වක් දෙන්න පුළුවන් නම් ලොකු පිනක් වේවි. මම මේක දාන්න ටිකක් කල් ගියා, ඒ සම්බන්ධයෙන් සමාව අවසර.මෙන්න ලින්ක් එක.http://madhawablogs.blogspot.com/2009/10/help-to-save-valuable-life.h...

Saturday, October 31, 2009

ගිය සතිය

කතා කරල වෑඩක් නෑ. හරිම කරදර සතියක්. කරදර කිව්වට කරදර නෑ, වැඩ ටිකක් වැඩී. අපේ ගුණපාල සර් වෙනුවෙන් බණක් තිබ්බනෙ බදාද, ඒකෙ වෑඩ තිබ්බ, එදා හවස වැස්සට තෙමිල බ්‍රහස්පතින්ද උණ ගැනුන. පෙනඩෝල් වලින් ගොඩ දාගත්තෙ. අපේ අක්කගෙ රිසර්ච් රිපෝට්ස් ටිකක් හදන්න මම පොඩ්ඩක් හෙල්ප් කළා, ඒවයෙ ප්‍රින්ට් අවුට් ගත්තෙ මම. A4 බන්ඩලයකුයි කාට්‍රිජ් එකහමාරකුයි ඉවර කළා. සිකුරාද එයා අපේ කෑම්පස් එකට ඈවිල්ල ඒව අරගෙන ගියා. අපේ කෑම්පස් එක ඉස්සරහින්මයි බයින්ඩ් කර ගත්තෙත්.මට පිං දි දී ගියා.අදත් ආපහු ටිකක් උණ ගතියක් තියෙනව වගේ, හෙට උදෙන්ම බේතක් ගන්න ඕනෙ, අද හවස බේත් ගන්න යන්න හිතාන හිටියෙ,...

Tuesday, October 27, 2009

Google Friend Connect එක දැන් Wordpress වලටත්

Google Friend Connect ගෑන දන්නවනෙ? ඔන්න දෑන් එම ප්ලගිනය Wordpress සඳහාත් සකසල. මෙමගින් කියවන්නන්ට මෙම wordpress බ්ලොග් සඳහාත් Google, OpenID, yahoo, AIM, හරහා ලොග් වෙන්න පුළුවන්. මෙමගින් ලොග් වන විට, එම ප්ලගිනය මගින් ඊට අදාල ලෙස wordpress ගිණුමක් අරඹනවාලු.කවුරු හරි ලිපියකට අදහස් දෑක්වු විට ඒවා Friend Connect activity stream එකේ පෙන්නනවා.වෑඩි විස්තර සඳහා ගූගල් කෝඩ් වෙබ් අඩවියට යන්න.උදාහරණ හා ආදර්ශන මෙතනින් හා මෙතනින් බලන...

Sunday, October 25, 2009

කොටස් වෙළඳපළ ආයෝජනයේ අනෙකුත් වාසි

සමාවෙන්න ඕනෙ ටිකක් පරක්කු උනාට. මේකෙ මුල් ලිපිය පළ කරල මාසෙකටත් වැඩියිනෙ. කමක් නෑ, එහෙනම් පටන් ගනිමු. අර මුලින් කිව්ව ප්‍රධාන වාසි වලට අමතරව මොනවද තියෙන අමතර වාසි? ඔබට අවස්ථාව ලැබෙනව එම සමාගම් වල වාර්ෂික රැස්වීම් වලට සහභාගි වීමට හා එම රැස්වීම වලදි ඡන්දය ප්‍රකාශ කිරීමට (ඔබ ඡන්ද බලය සහිත කොටස් නම් අරන් තියෙන්නෙ.) එම කොටස් හිලව්වට තබා බැංකු ණය ලබා ගැනීමට. තවත් කිහිපයක් තිබෙනව. Right Issues, Bonus Issues සහ Share Splits මොනවද මේ Right issues? සමහර සමාගම්, කාලෙකට තමුන්ගෙ කොටස් අඩු මිලට මිලදී ගන්න කොටස් හිමි කරුවන්ට ඉඩ දෙනව. එම කොටස්...

Saturday, October 24, 2009

මයික්‍රොසොෆ්ට් හා ගූගල්, ට්විටරය සමඟ ගිවිසුම් ගසති

මේ දෙගොල්ලො, ට්විටරයේ ස්ටේටස් අප්ඩේට්ස් බිං හා ගූගල් සෙවුම් වලට ඇතුළත් කිරීමට අවසර ඉල්ලා ගිවිසුම් ගහලලු. මුහුණු පොත සමඟත් මෙහෙමම කතා කරල කියලත් ආරංචියි. Google's Marissa Mayer writes: ...we are very excited to announce that we have reached an agreement with Twitter to include their updates in our search results. We believe that our search results and user experience will greatly benefit from the inclusion of this up-to-the-minute data, and...

වින්ඩෝස් 7 ගැන

වින්ඩෝස් 7 ගැන යූටියුබ් එකේ තියෙන විඩියෝ කිහිපයක්.මේ වින්ඩෝස් 7 නිකුත් කිරීම සම්බන්ධයෙන් කතාවක්. මේ පොඩි විචාරයක් මේ තවත් විචාරයක් මෙන්න විස්ටා සමඟ සැසඳීමක්...

Wednesday, October 21, 2009

ට්විටරය ට්වීට් බිලියන 5 ඉක්මවයි

මොකද්ද දන්නවද ඒ ට්වීට් එක? "Oh Lord"මේක ආවෙ ට්විටරයේ සේවකයෙන්ගෙන්වත්, ප්‍රසිද්ධ පුද්ගලයෙකුගෙනවත් නෙමෙයි, "bio writer and web generalist" කෙනෙකුගෙන්. නම Robin Slo...

Tuesday, October 20, 2009

කොටස් වෙළඳ පළ මේ දවස් වල

ළමයි දන්නවද මේ දවස් වල මාකට් එක ගන්නම දෙයක් නා, ඔක්කොම වගේ බැහැගෙන බැහැගෙන යනව. මේ ඔක්කොටම හේතුව අර දෙමළ ඇමරිකන් ඩයල් එක කරපු වංචාව. ඒ යකා හැම එකෙන්ම වගේ කොටස් අරන් තිබ්බ නිසා, දැන් මාකට් එක හිටු කියල බහිනව. පහු ගිය දවස් කිහිපයේම මාකට් එකේ තත්ත්වෙ ඍණ ගියේ. අදත් එහෙමම තමා. බලන්නකො අද තත්වෙ.මෙහෙම බැස්මක් නම් මතක ඇති කාලෙක තිබ්බෙ නෑ. (දන්න කාලෙක.) හැබැයි ළමයිනේ ටික දවසකින් මේක ආපහු හරියනව, වැඩේට බැහල කොටස් ටිකක් අරන් තියන්න පුළුවන් නම් ගොඩේ ගොඩ...

Friday, October 16, 2009

කාලෙකට පස්සෙ.

කාලෙකට පස්සෙ කිව්වට සතියක් වගේ නේද? මාරම විදිහට බිසී උනා පහුගිය සති වල. ගිය සතියෙ ටෙක්නෝ නිසා, මේ සතියෙ අපේ ඩිපාර්ට්මන්ට් එකේ සර් කෙනෙක් නැති වෙලා ඒ මල ගෙදර නිසා. කිසිම වෙලාවක් තිබුනෙ නෑ අඩු ගානේ හරියකට මේල් චෙක් කරගන්නවත්. මූණු පොත පැත්තෙවත් යන්න බැරි උනා, ෆෝන් එකෙන් තමයි ස්ටේටස් අප්ඩේට් කළෙත්.කොහොම හරි මේ වැඩ ගොඩ නිසා මගෙ බර කිලෝ 2,3 ක්වත් අඩුවෙන්න ඇති. ලබන සතියත් ටිකක් වැඩ අධික ලෙස ගෙවිල යාවි, මේ සතියෙ කරන්න බැරි වෙච්චි ලෙක්චර් වලට අමතර ලෙක්චර් කිහිපයක්ම දැම්ම. ඒ මදිවට "HRM and Industrial Relations" subject එකේ inclass test එකක් තියෙනව කිව්ව...

Saturday, October 10, 2009

ලංකාවටම විදුලිය නැති වීමට හේතුව

හැමෝටම හරිම ප්‍රශ්නයක් වෙලා ඇයි මේ ලංකාවටම එක පාරටම විදුලිය නැති උනේ කියල. (ඇත්තටම මට නම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ, උඹලටත් හුඟක් වෙලාවට නැතුවැති, හික්ස්. කමක් නෑ). ඒකට හේතුව තාම හරියටම අනාවරණය වෙලා නෑ, නමුත් පැවසෙන්නෙ, කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් පිට වන වෝල්ට් 132,000 රැහැන් පද්ධතියේ කෙළවරක ඇති සම්බන්ධකයක් (Grid එකක්) පිපිරීම නිසා මෙය සිදු උනා කියල. ඒක තමා හේතුව, නමුත් ඉන්පසු යළිත් හරි හැටි විදුලිය යථා තත්වයට පත් කිරීමට දිගු කාලයක් ගත වීම නම් ප්‍රශ්නයක්. (එහෙම විදුලිය නැවතුනොත් එක පාරටම ආපහු දෙන්න බෑ, යන්ත්‍ර, පරිපථ, නවත්තල, ඕෆ් කරල, ඒව මුල...

Techno 2009 ගැන

මම අද උදේම Techno ගියානෙ. හොඳ වෙලාවට උදේ 10ට ඉස්සෙල්ල යන්න පුළුවන් උනේ. (මම ගෙදර ඉඳන් හොස්ටල් එකටත් ගිහින් තමා ගියේ.) ඇයි 10ටනෙ හමුදා ප්‍රදර්ශනේ පටන් ගන්නෙ, ඊට පස්සෙ ඉතින් යන්න හරිම කරදරයිනෙ. 10ට ඉස්සෙල්ල ගියොත් කිසිම ප්‍රශ්නයක් නෑ, සිරිමාවෝ එක පැත්තෙ ගේට්ටුවෙන් ඇතුළු උනොත් කිසිම කරදරයක් බාධාවක් නැතුව යන්න පුළුවන්, කිසිම් චෙක් කිරීමක්වත් නෑ. මගෙ ලඟ පාස් එකක් තිබ්බ කියලත් වැඩක් උනේ නෑ, ඒක පෙන්නන්නවත් අවශ්‍ය උනේ නෑ කෙලින්ම ඇතුළෙ.  කොහොම හරි ප්‍රදර්ශනේ පටන් අරන් තිබ්බෙ 9ට. ඒත් සෙනඟ නම් නෑ වගේ තමා ඒ වෙලාවෙ නම්, හවස් වෙනකොට නම් සෙනඟ ටිකක් ආව....