Sunday, November 22, 2009

Widgets

Chrome OS අද හෙටම එනවා

පසුගිය නොවැම්බර් 17 වනදා ගූගල් මගින් Chrome OS සම්බන්ධව විශේෂ සම්මන්ත්‍රනයල් තිබ්බලු, Chrome OS සම්බන්ධ Demos හා එහි අඩංගු විවිධ දේ සම්බන්ධව විස්තර කරන. එය ලබන අවුරුද්ද මුලදී එළි දැක්වීමට බලාපොරොත්තු වෙන බවත් එහිදී සාකච්ඡා වී තිබෙනව.
ඒත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබිල තිබෙනව (මට නෙමෙයි හොඳේ, TechCrunch එකේ කට්ටියට), තව සතියක් පමණ ඇතුළත Google Chrome OS එළි දැක්වෙන වග.
Chrome OS එක open source, සරළ, වේගවත්, වඩා ආරක්ෂිත හා සැහැල්ලු OS එකක් කියලයි කියැවෙන්නෙ, විශේෂයෙන්ම NetBooks ඉලක්ක කරමින්ලු මේක එන්නෙ.


"We're designing the OS to be fast and lightweight, to start up and get you onto the web in a few seconds. The user interface is minimal to stay out of your way, and most of the user experience takes place on the web. And as we did for the Google Chrome browser, we are going back to the basics and completely redesigning the underlying security architecture of the OS so that users don't have to deal with viruses, malware and security updates. It should just work."

Chrome OS එක දුවන්නෙ Linux Kernel එකක් මත, අලුත් windowing system එකක් එක්ක. 
මෘදුකාංග ලියන්නන්ට platform එක වෙන්නෙ අන්තර්ජාලය. සියළුම web applications මේ මත ක්‍රියා කරන අතර, ඔබ කැමතිම ජාල ක්‍රමලේඛ මලින් අළුත් මෘදුකාංග ලියන්න පුළුවන්.

අපිත් බලා ඉමු නේද මේක එනකං?






5 comments:

  1. සම්පුර්ණයෙන්ම අත්තර්ජාලය මත දුවන්නක් නම් අගය අඩුයි නෙව.

    ReplyDelete
  2. දන්න විදියට මේක "cloud technology" එකත් එක්ක තමයි එන්නේ. ඒකනිසා අන්තර්ජාලය අනිවාර්ය වෙයි මගෙ හිතේ

    ReplyDelete
  3. සතියක් පමණ ඇතුලත???

    ReplyDelete
  4. මම Google OS install ක‍රා...
    මේක බලන්න...

    http://www.techcrunch.com/2009/11/19/guide-install-google-chrome-os/?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed:+Techcrunch+(TechCrunch)&utm_content=Google+Reader

    ජය වේවා!

    ReplyDelete
  5. මට ප්‍රශ්නයක්. මේකෙදි internet settings හදන්න එහෙම ඕනෙ නැද්ද? එක පාරටම ගූගල් ගිණුමට ලොග් වෙන්නෙ කොහොමද?
    Virtual machine නැතුව කෙලින්ම පරිගණකයකට ස්ථාපනය කරන්න ගියොත් ඒ ප්‍රශ්නෙ එනව නේද?

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.