Saturday, October 10, 2009

Widgets

Techno 2009 ගැන


මම අද උදේම Techno ගියානෙ. හොඳ වෙලාවට උදේ 10ට ඉස්සෙල්ල යන්න පුළුවන් උනේ. (මම ගෙදර ඉඳන් හොස්ටල් එකටත් ගිහින් තමා ගියේ.) ඇයි 10ටනෙ හමුදා ප්‍රදර්ශනේ පටන් ගන්නෙ, ඊට පස්සෙ ඉතින් යන්න හරිම කරදරයිනෙ. 10ට ඉස්සෙල්ල ගියොත් කිසිම ප්‍රශ්නයක් නෑ, සිරිමාවෝ එක පැත්තෙ ගේට්ටුවෙන් ඇතුළු උනොත් කිසිම කරදරයක් බාධාවක් නැතුව යන්න පුළුවන්, කිසිම් චෙක් කිරීමක්වත් නෑ. මගෙ ලඟ පාස් එකක් තිබ්බ කියලත් වැඩක් උනේ නෑ, ඒක පෙන්නන්නවත් අවශ්‍ය උනේ නෑ කෙලින්ම ඇතුළෙ.  
කොහොම හරි ප්‍රදර්ශනේ පටන් අරන් තිබ්බෙ 9ට. ඒත් සෙනඟ නම් නෑ වගේ තමා ඒ වෙලාවෙ නම්, හවස් වෙනකොට නම් සෙනඟ ටිකක් ආව. ඒත් වෙනදට වඩා නම් හරිම අඩුයි. වෙළඳ කුටිත් ටිකක් අඩුයි කියල හිතුන. 
කට්ටිය අඩු ඇයි? මට නම් හිතුනෙ, ප්‍රධානම හේතුව විදිහට, "හමුදා ප්‍රදර්ශනය". ඒක 7 වෙනිදයින් අවසන් කරන්නෙ නැතුව 11 වනදා වෙනකම් කල් දාපු එක Techno එකට එන සෙනඟ ප්‍රමානය සැලකිය යුතු ලෙස අඩු කළා. ඒකට එන අය ඒක බලල යන්න යනව, නැත්තම් මහන්සි නිසා මේ පැත්තෙ එන්නෙ නැතුව යනව. කට්ටියක් "හමුදා ප්‍රදර්ශනේ නිසා පාරවල් වහල, යන්න එන්න ගියාම හරිම කරදරයි" කියල හිතල එන්නෙ නෑ. Techno ගැන මේ පාර දැන්වීම් පළ කලත් මදිද මන්ද. 
කොහොම හරි, මේ පාර, ගිය පාරටත් වඩා IESL එකට Techno එකෙන් ලැබෙන ලාභය නම් අඩුයි. ගිය සැරෙත් හිතුව තරම් ලාභයක් ලැබුනෙ නෑ. හෙටත් උදෙන්ම යන්න හිතාන ඉන්නෙ. නොගිහින් ඉන්න හිතුවට හෙටත් යන්න තීරණේ කළා. 
මම කස්ටියට ආරාධනය කරනව ඇවිත් Techno 2009 බලන්න කියල. මම ඉන්නෙ "JIY" කුටියෙ. (හැබැයි මම හැමතැනම කරක් ගහනව. එක තැන නම් ඉන්නෙම නෑ. හික්ස්.)

2 comments:

  1. Techno හෙන අලයක් බලන්න යෑමෙන් වලකින්න

    ReplyDelete
  2. උඹ කොහොමද එහෙම කියන්නෙ? ලංකාවෙ තියෙන විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය වැඩක් නෑ කියල. මම මේ Techno සුද්ද කරනව නෙමෙයි, ඒක ඉතාම හොඳ, රටට අත්‍යවශ්‍ය දෙයක් ලෙසයි මම දකින්නෙ.
    කොහොම හරි, ඉරිද Techno බලන්න ආපු ජනකාය නම් හුඟක් වැඩියි.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.