Monday, August 15, 2011

මතකද මම දුන්නු E Book එක?

"ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩිකරගන්නේ කෙසේද?" කියල E Book එකක මම ඔබට දුන්න මතකද? මම අද නිකමට ගිහිල්ල බැලුව MediaFire පැත්තෙ. පොත කී දෙනෙක් භාගත කරගෙනද කියල බැලුව. 162දෙනෙක් පොත භාගත කරගෙන. සතුටක්, එතරම් ප්‍රමාණයකට පොත කියවන්න හිතුනු එක හා ප්‍රයෝජනවත් උනු එක ගැන. ඒක ගැන දන්නෙ නැති අය ඉන්නව නම්, මෙන්න මේ සබැඳිය හරහා ගිහිල්ල විස්තර බලල පොත භාගත කරගන්න. අදහසකුත් දක්වල යන්නකො.&nb...

Sunday, August 14, 2011

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] නැකැත් කෙළිය - Part 2

අන්තිමට කතාව ඉවර උනේ කොහෙන්ද?...... ආ උපාසකයො රාහුල හාමුදුරුවන්ගෙන් මෙහෙම ඇහුව."ඈ අපේ පොඩි හාමුදුරුවනෙ, ඔබවහන්සේ නෙළන්නෙ අර කළටි පොල් වල්ලද?"  කියල.කියෙව්වෙ නැතිනම් මෙතනින් ගිහිල්ල කියවන්න. රාහුල හාමුදුරුවො කියපි. "උඹල කෑ ගහන්නෙ නැතිව ඉදපියව්. පොල් කඩන දවසට උදලු ටිකකුයි පස් ඉවත් කරන්න කූඩ ටිකකුයි අරන් වරෙල්ල" කියල.මොකද්ද අප්පේ ඒ කතාව??? පොල් කඩන්න මොකටෙයි උදලු??? පස් කූඩ?????උපාසකයින්ට මාර ප්‍රශ්නෙ මොකද්ද මේ කතාව කියල....

Tuesday, August 9, 2011

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] නැකැත් කෙළිය

මගෙ බ්ලොග් අඩවියෙ මම ලිව්වනෙ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන තිබෙන ජනප්‍රවාද කිහිපයක්. ඒව කියවල නැති අය කියවල බලන්නකො මෙන්න මෙතනින් ගිහිල්ල. සිනිඳු සේළයවක දෙකගුරු හිමියන්ට බළල් වසුරු කැවීම (කොටස් 1, 2) ජම්මෙද? පුරුද්දද? සෘද්ධි තෛලය (කොටස් 1, 2) තොටගමුව නොව අපගමුව තොටගමුවේ හාමුදුරුවො යක්ෂයො පන්නපු හැටි පුන් සඳයි දසවකයි ගොම දෝත  අද කතාව "නැකැත් කෙළිය" එක දවසක් තොටගමු විහාරයට ආව උපාසක මහත්මයෙක්. මොකටද? පොල්...