අපේ ඔෆිස් එකේ ඉන්නව කොළඹ විශ්ව විද්‍යාලයේ එකෙක්. ඌ ඉතින් මාරම රස කතා තොගයක් කියනව. ඉතින් මට හිතුන ඒවායින් එකක් දෙකක් දාන්න, මොකද මට ලියන්න එහෙම රස කතා මතක් වෙන්නෙ නෑනෙව හරියකට.
ඔන්න ඉතින් දවසක් මේකගෙ යාළුවෙක්ගෙ කෙල්ලගෙ උපන්දිනේ හෙටලු. ඉතින් රෑ ඌ කෙල්ලත් එක්ක කතා කර කර ඉන්නවලු. විෂ් කරන එක ගැන සද්දයක්වත් නෑ, මූට ඕනෙ හරියටම 12ට විෂ් කරන්න. ඔන්න ඉතින් කතාව ඉවර කරල ෆෝන් එක තියල. මූ දැන් 11.58ට එලාම් එකකුත් තියල ෆෝන් එකත් ලඟින් තියාගෙන බලන් ඉන්නව ගානට වෙලාව එනකම්.
අනේ ඒ උනාට මූට නින්ද ගිහිල්ල වෙලාවට ඉස්සෙල්ල. එලාම් එකටත් ඇහැරිලා නෑ. පට්ටම සිද්දිය. මූට ඔන්න එක පාරටම ඇහැරිලා බලනකොට වෙලාව පාන්දර 5යි. ඔලුව ගිනි අරං ෆෝන් එක අරගෙන බලද්දි missed calls 20ක්, sms 10ක්.
දැන් ඉතින් අරූ ඉවරයි තමා.
ඉතින් මූ එවෙලෙම කෝල් එකක් ගත්තලු. ආයි හිතන්න දෙයක් නෑ කෙල්ල ඉවරයක් නැතිව බැණගෙන බැණගෙන යනව. මූටත් ඉතින් කියන්න හේතුවකුත් නෑනෙ. අහගෙන ඉන්නව.
ඔන්න ඔය අතරෙ මුගෙ ස්ථානෝචිත ප්‍රඥාවද කොහෙද එක වැඩ කරනව.
මූ එක පාරටම කීවලු, "මට 12ට කිසිම අවුලක් නැතිව විෂ් කරන්න තිබ්බ, ඒත් ඔයා ඉපදුනේ පාන්දර 5යි ගානකටනෙ, ඉතින් මම ගානට වෙලාව එනකම් හිටියෙ." කියල.
ඉතින් දීපල්ලකො උත්තර. :)

9:05 AM
Madhawa Habarakada
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




ටිකිරි නිසා හොදට ගියා..... :D
ReplyDeleteමාර මොළයක් තමා.හික් හික්
ReplyDeleteඑල එල... කොල්ලට කෙල්ල තවත් ආදරේ වෙන්න ඇති...
ReplyDeleteසමහර ෆොන් වල තියනවා නේද ටයිමින් වලට එස් එම් එස් යවන්න ඔප්ශන්... නෙක්ස්ට් ඉයර් එකේ යාලුවට අනිවා ඒක යුස් කරන්න කියලා...... කොහොමද ටිකිරි මොලේ..........
ReplyDeleteස්ථානෝචිත ප්‍රඤාව කියන්නේ මෙකට තමයි... හික්ස් ය...
ReplyDeletepatta wade....
ReplyDelete