Friday, December 17, 2010

වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කෙසේද ලිපි මාලාව පොතක් වශයෙන්

 ඔන්න එහෙනම් මගෙන් තෑග්ගක් මේ නත්තල්/නව අවුරුදු සමයට. ඔයාලට මතක ඇතිනෙ මගෙ "ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද?" ලිපි මාලාව? ඉතින් ඒ ලිපි මාලාවෙ අවසාන ලිපියත් ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සෙ මම හිතුව ඒ ලිපි මාලාව පොතක් වශයෙන් පළ කරන්න. මේ තමයි මගෙ බ්ලොග් අඩවියෙන් මගේ පාඨකයින්ට ලබා දෙන පළමු තෑග්ග. හැබැයි පොඩි කොන්දේසියක් උඩ. මගෙ බ්ලොග් අඩවියේ RSS Feed එකත් එක්ක (FeedBurner Feed) සම්බන්ධ වෙලා එය ක්‍රියාත්මක කරගන්න අයට තමයි මම මේ පොත ලබා...

Wednesday, December 8, 2010

ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද? - 7

පළමු ලිපියට මෙතනින් යන්න.දෙවන ලිපියට මෙතනින් යන්න.තෙවන ලිපියට මෙතනින් යන්න.සිව්වන ලිපියට මෙතනින් යන්න.පස්වන ලිපියට මෙතනින් යන්න,සවන ලිපියට මෙතනින් යන්න. අපි අන්තිමට අවසන් කළේ, අංක 80න්. (සාම්ප්‍රදායික ක්‍රම වල)ඉතින් ඒකෙ තව දෙකක් තිබෙනවා.81. Press Release එකක් බෙදා හරින්න. ඔබ, ඔබ ලියන විෂය පථය තුළ අලුත් දෙයක් කරනවා නම් ඒ ගැන කියල press release එකක් බෙදාහරින එක හරහාත් ඔබට පොඩි ට්‍රැෆික් එකක් ගෙන්නගන්න පුළුවන්....

Sunday, December 5, 2010

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] ගොම දෝත

ටිකක් කල් ගියා ඊලඟ කතාව දාන්න. සමාව අවසර. අද කතාව නම් ටිකක් කෙටියි. කමක් නෑ නෙ?රාහුල පොඩි හාමුදුරුවො තොටගමුවේ පංසලේ ඉන්න කාලෙ, මේ පංසලේ අතවැසි කම් කරපු මෝඩ පහේ තරුණයෙක් හිටිය, නම "සුර දෝතා". මිනිහ අතට අහු වෙන ඕනෙම දෙයක් කන්න නම් රුසිය. හැබැයි කිරි, මී කිරි වගේ ගව කිරි වලින් හදපු කෑම නම් පැත්ත පළාතටවත් ගන්නෙ නෑ. කොච්චර අප්පිරිය කළාද කිව්වොත්, කිරි ගවයෙක් දිහාවත් ඇහැක් ඇරල බලන්නෙ නෑ.ඉතින් දවසක් රාහුල හාමුදුරුවො, මිදුල අමදිනකොට දැක්ක අයාලේ යන ගවයෙක්...

Tuesday, November 16, 2010

උදව්වක් හා ඔබගේ අදහස් අවශ්‍යයි

මට වෙබ් ඉඩක් ගන්න ඕනෙ කරල තිබෙනවා. ඉතින් මම දන්නව අපේ සහෝදර බ්ලොග් කරුවන් බොහෝ දෙනෙක් තමුන්ගේම වෙබ් ඉඩකඩ වල තමුන්ගේ පෞද්ගලික අඩවි හා බ්ලොග් අඩවි පවත්වාගෙන යනවා කියල.ඉතින් මට ඔයාලගෙ උපදෙස් ඕනෙ. ඔයාල පාවිච්චි කරන වෙබ් ඉඩකඩ ලබා ගත් වෙබ් අඩවි මොනවාද?ඔවුන්ගේ සේවාව කෙසේද? Server Up-time, reliability, speed කොහොමද?ඒවායේ මිල ගණං කොහොමද?මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දීල අදහසක් දාල යන්න පුළුවන් නම් ඉතාම ස්තුතිවන්ත වෙනවා.&nb...

Sunday, November 14, 2010

200වන ලිපිය හා තවත් දේ

මුලින්ම, මේ ලිපිය මෙහෙම ලියන්න හිතුවෙ, මේ මගේ සිංහල බ්ලොග් අඩවියේ 200 වන ලිපිය වීමයි.ඉතින් අපේ කට්ටිය එක්ක මමත් වසරකට වැඩි කාලයක් මේ සිංහල බ්ලොග් අවකාශයේ හිටියා නෙව. (ඉංග්‍රීසි බ්ලොග් ඉතිහාසය නම් ඊට වඩා ගොඩාක් වැඩියි. )මම එනකොට මට මතක හැටියට සිංහල බ්ලොග් සිංඩිකේටරයේ තිබ්බෙ බ්ලොග් 300කට අඩු ප්‍රමාණයක්, දැන්........................... දහසකටත් වඩා වැඩියි.ලංකාවෙ සිංහල ලියන්නන්ගේ ප්‍රමාණය ඉතාම ඉහළ ගිහිල්ල. කියවන්නන් ගානත් හිතාගන්න පුළුවන්නෙ සිංඩිකේටරයට හිට්ස් මිලියනයකටත් වඩා ඇවිල්ල කියල කිව්වම.ඉතින් ඒ ලියන්නන් ප්‍රමාණය මේ වෙනකොට ලිපි ලක්ෂයක්වත් ලියල...

Wednesday, November 10, 2010

[තොටගමුවේ හිමිගේ කතා] පුන් සඳයි දසවකයි

ඔන්න ඉතින් තොටගමුවේ හාමුදුරුවන්ගේ තවත් කතාවක් එක්ක මම ආව.  (මුලින් ලියපු කතා වල ලිස්ට් එකක් මෙන්න මෙතන තියෙනවා.) ඔය කාලෙ රජව හිටපු හයවන පැරකුම් රජ්ජුරුවො එක්ක පොඩි නෝක්කාඩුවක් ගිහිල්ල, රාහුල හාමුදුරුවො, තොටගමුවේ විහාරය අත ඇරල ඇල්පිටිය ඉඳුරුව ගල් ලෙනෙහි කාලයක් වාසය කළා. (ඉඳුරුව ගල් ලෙන ගැන මීට ඉස්සෙල්ල ලිපියකත් කිව්ව මතක ඇතිනෙ?) ඉතින් මේ කාලෙ, රාහුල හාමුදුරුවන්ට තමුන්ගේ ගුරු හිමියන්, ඒ කියන්නෙ විදාගම හාමුදුරුවන්ව දැකගන්න අවස්ථාවක් ලැබුනේ නෑ. ඒත් දුර හිටියත් තමුන්ගේ ගුරු හිමියන්ට සළකන්න රාහුල හාමුදුරුවො භක්තිවන්ත උනා. විදාගම හාමුදුරුවො මීකිරි...

Tuesday, November 9, 2010

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] යළි ආවා, යළි ආවා - තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද

ඔන්න ඉතින් කට්ටිය කියපු නිසා, ඔන්න, තොටගමුවේ හාමුදුරුවන්ගේ තවත් කතා කිහිපයක් තව ලියන්න හිතුවා. ඉතින් මේ වෙනකොට මම තොටගමුවේ හාමුදුරුවන්ගේ කතා 7ක් කියලා තිබෙනවා. වක දෙක හා විදාගම හිමි සිනිඳු සේළය ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම (කොටස් 1, 2) ජම්මෙද? පුරුද්දද? සෘද්ධි තෛලය (කොටස් 1, 2) තොටගමුව නොව අපගමුව තොටගමුවේ හාමුදුරුවො යක්ෂයො පන්නපු හැටි ඔන්න මම මේ වෙනකොට ලියල තියෙන කතා ටික. කියවපු නැති අය කියවල බලන්නකෝ. ඉතින් අද මේ යළි ආරම්භක ලිපිය විදිහට, තොටගමුවේ...

Monday, November 8, 2010

විශ්වාසය ගැන පොඩි කතාවක් [Repost]

පොඩි ගෑණු ළමයෙකුයි, පිරිමි ළමයෙකුයි සෙල්ලම් කර කර හිටිය. ගෑණු ළමය ලඟ ලොසින්ජර ටිකක් තිබ්බ, පිරිමි ළමය ලඟ ලස්සන වීදුරු බෝල ටිකක් තිබ්බ. පිරිමි ළමය කිව්ව, එයා ලඟ තියෙන ඔක්කොම වීදුරු බෝල ටික, ලොසින්ජර වලට හුවමාරු කරමු කියල. ගෑණු ළමය කැමති උනා. පිරිමි ළමය තමුන් ලඟ තිබ්බ ලස්සනම වීදුරු බෝලෙ තියාගෙන ඉතුරු ටික ගෑණු ළමයට දුන්න. ගෑණු ළමය පොරොන්දුවෙ හැටියට ඔක්කොම ලොසින්ජර ටික දුන්න. එදා රෑ, ගෑණු ළමය හොඳට නිදාගත්ත, ඒත් පිරිමි ළමයට නින්ද ගියෙ නෑ. එයා කල්පනා කලේ...

Sunday, November 7, 2010

මට එපා වෙලා

බ්ලොග් ලියන්න ගියාමත් වෙලාවකට එපා වෙනව. ඇයි අප්ප, අපි ලියනව, කියවන කට්ටිය නිකං පොඩි හරි කොමෙන්ට් එකක් දාල යන්නෙ නෑ නෙ. කොහොමත් ඉතින් බ්ලොග් 1000ක් කියන්නෙ ලේසි ගාණක් නෙමෙයිනෙ නේද!!! ඔක්කොම කියව්න්නයි, කොමෙන්ට් කර්න්නයි ගියාම ඉතින් කෙල වෙලා තියෙයි. :)ඒත් ඉතින් ඔය බ්ලොග් 1000න් කීයක් හරියකට වැඩ කරනවද කවුද දන්නෙ. ම්ට නම් හිතෙන්නෙ ඔය තියෙන ඔක්කොම බ්ලොග් වලින් අඩුම ගාණේ මාසෙකට එක පෝස්ට් එකක් හරි ලියන බ්ලොග් ඇත්තෙ 500කටත් අඩුවෙන් වෙන්න ඇති. කියන්න බෑ ඉතින්. සමහරවිට අපේ කාලිංග සහෝදරය නම් හරියටම දන්නව ඇති.මම හිතුවෙ මේ වෙබ් සයිට් වල ට්‍රැෆික් වැඩිකරගන්න...

Saturday, November 6, 2010

"Madhawaගේ සිංහල Blogs" අඩවියටත් මුහුණු පොතේ රසික පිටුවක්

හැමෝම හදන එකේ මටත් හිතුන මේ මගෙ බ්ලොග් එකට මුහුණු පොතේ රසික පිටුවක්, නැත්තම් Fan Page එකක් හදන්න. (මගෙ අනිත් බ්ලොග් දෙක; "රූසර" හා "Guide To CSE" වලට නම් රසික පිටු තියෙනවා, මේකට නැති උනාට. )ඉතින් ඒකටම කියල Logo එකකුත් හදල (ඔය උඩින්මතියෙන්නෙ ඒක තමයි), හැදුව ඔන්න Fan Page එකක්.ආරාධනා කරනවා ඔබ හැමටම, මගේ රසික පිටුවේ රසිකයෙක් වෙන්න කියල.ඔබගේ මිතුරන්ටද ආරාධනා කරන ලෙසත් ඉල්ලා සිටිනවා.මෙන්න තියෙනවා ලින්ක් එක.http://www.facebook.com/pages/Madhawa-Blogs/...

Friday, November 5, 2010

ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද? - 6

පළමු ලිපියට මෙතනින් යන්න.දෙවන ලිපියට මෙතනින් යන්න.තෙවන ලිපියට මෙතනින් යන්න.සිව්වන ලිපියට මෙතනින් යන්න.පස්වන ලිපියට මෙතනින් යන්න. Mobile65. ඔබගේ වෙබ් අඩවියේ Mobile Version එකක් හදන්න. මේ කාලෙ හුඟක් අය තමුන්ගෙ මොබයිල් ෆෝන් එකෙන් නෙට් යන හින්ද මේකත් වැදගත් දෙයක්. ඔයාගෙ වෙබ් අඩවිය මොබයිල් ෆෝන් බ්‍රවුසරයෙනුත් හොඳින් කියවන්න පුළුවන් විදිහට එකක් හදන්න. ඔබ භාවිතා කරන්නෙ wordpress නම් wptouch හරහා ස්වයංක්‍රීයවම...

Monday, November 1, 2010

"Guide to CSE" වෙබ් අඩවිය සම්බන්ධ සමීක්ෂණයක්

"Guide To CSE"වෙබ් අඩවියේ වැඩි දියුණුකිරීම් කිහිපයක් සඳහා, සහ කියවන්නන්ට ඉහළ සේවාවක් ලබා දෙනු වස් අඩවිය පිළිබඳව අදහස් විමසමින් කුඩා සමීක්ෂණයක් පවත්වන්න තීරණය කළා.ඔබ සැමට ආරාධනා කරනවා, මීට සහභාගි වන ලෙස හා, මිතුරන්ටත් මේ ගැන පවසමින් වැඩි තොරතුරු ප්‍රමාණයක් එක් රැස් කිරීමට සහය වන ලෙස.ස්තුතියි.<p><p><p><p&...

Friday, October 22, 2010

ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද? - 5

පළමු ලිපියට මෙතනින් යන්න.දෙවන ලිපියට මෙතනින් යන්න.තෙවන ලිපියට මෙතනින් යන්න.සිව්වන ලිපියට මෙතනින් යන්න.වෙබ් අඩවිය optimize කරගන්න 51. ඔබගේ 404 error පිටු නිවැරශිව සකසා ගන්න. මිනිස්සු කොහොම ඔයාගෙ වෙබ් අඩවියට ආවත් එයාලට සමහර වෙලාවට 404 error එකැන්න ඉඩ තිබෙනව. ඔවුන් ඔබගේ වෙබ් අඩවියේ ලින්ක් එක වැරදියට ටයිප් කරල වෙන්න පුළුවන්, නැතිනම් ඔබට ලින්ක් එකක් දාපු කවුරු හෝ ලින්ක් එක වැරදියට දාල වෙන්න පුළුවන්. ඉතින්...

Friday, October 15, 2010

3D Stereograms (ත්‍රිමාණ සැඟවුනු රූප)

ඔබ දැකල ඇති පොඩි පොඩි බුද්ධ රූප පිරිච්චි ලොකු රූපයක සැඟවුණු බුද්ධ රූපයක් සහිත රූපය. ඔබ ඒකෙ සැඟවිලා තියෙන රූපය දැකලත් ඇති, සමහරු ගොඩාක් උත්සාහ කරල දකින්න ඇති, තවත් සමහරුන්ට තාම ඒක දැකගන්න බැරි වෙලා ඇති. වයසක ආච්චිල සීයල නම් කියන්නෙ ඒක දකින්න පිං කරල තියෙන්න ඕනෙ කියල. නමුත් මම කියන්නෙ, ඒක දකින්න ඒක දිහා බලන්න ඕනෙ ක්‍රමයක් තිබෙනව, විද්‍යානුකූලව ඒ ආකාරයට බැලුවොත් ඒක දකින්න පුළුවන් කියලයි. ඉතින් ඔබ උත්සාහ කළේ කොහොමද? ඒක දිහා ඇස් රිදෙනකම්ම බලා හිටියද?...