Sunday, November 7, 2010

Widgets

මට එපා වෙලා

බ්ලොග් ලියන්න ගියාමත් වෙලාවකට එපා වෙනව. ඇයි අප්ප, අපි ලියනව, කියවන කට්ටිය නිකං පොඩි හරි කොමෙන්ට් එකක් දාල යන්නෙ නෑ නෙ. කොහොමත් ඉතින් බ්ලොග් 1000ක් කියන්නෙ ලේසි ගාණක් නෙමෙයිනෙ නේද!!! ඔක්කොම කියව්න්නයි, කොමෙන්ට් කර්න්නයි ගියාම ඉතින් කෙල වෙලා තියෙයි. :)
ඒත් ඉතින් ඔය බ්ලොග් 1000න් කීයක් හරියකට වැඩ කරනවද කවුද දන්නෙ. ම්ට නම් හිතෙන්නෙ ඔය තියෙන ඔක්කොම බ්ලොග් වලින් අඩුම ගාණේ මාසෙකට එක පෝස්ට් එකක් හරි ලියන බ්ලොග් ඇත්තෙ 500කටත් අඩුවෙන් වෙන්න ඇති. කියන්න බෑ ඉතින්. සමහරවිට අපේ කාලිංග සහෝදරය නම් හරියටම දන්නව ඇති.

මම හිතුවෙ මේ වෙබ් සයිට් වල ට්‍රැෆික් වැඩිකරගන්න කියල දෙන ලිපි මාලාව ජනප්‍රිය වෙයි කියල. කොහෙද එහෙමත් නෑ වගේ. පළවෙනිම ලිපිය ඇරුනම් අනිත්ව නිකං පාළු අම්බලම් වගේ. :(
මොනා කරන්නද, කට්ටියට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුවට වැඩක් නැද්ද මන්ද. වෙන මාතෘකාවක් හොයාගන්න ඕනෙ ලියන්න. කස්ටියට අදහස් තියේ නම් කියන්න, පුළුවන් දෙයක් නම් ලියන්න බැරියයි.

අනිත් එක, මමම හදපු ටෙම්ප්ලේට් දාගෙන ඉඳල දැන් ඇති වෙලා වගේ. ඉතින් වෙන ටෙම්ප්ලේට් එකක් හොයාගෙන දාගන්න හිතුව. හොඳ එකක් හොයාගන්න ඕනෙ.

25 comments:

  1. කමෙන්ට් නැති එක ගැන ගනන් ගන්න එපා සහෝදරයා. ඔහොම තමයි. මටත්.... ඔයා බ්ලොග් එක දිගටම කරන්නකෝ... වටින ලිපි තියෙනවා.

    කට්ටිය වැඩිපුර කැමති දේවල් ගැන දාන්න. විශේෂයෙන් චිත්‍රපටි වගේ... ම‍ම දාපු චිත්‍රපටි වලටනම් හොඳ ප්‍රතිචාර තියෙනවා...

    ReplyDelete
  2. :) ඔව් කොමෙන්ට් නැති උනාට ලියන එක නවත්තනේ නෑ. නමුත් පුංචි කලකිරීමක් ඇති වෙලා තිබුනෙ ඒකයි මෙහෙම ලිව්වෙ.
    චිත්‍රපටි වගේ දේවල් ගැන ලියන්න නම් මට හිතෙන්නෙ නෑ මල්ලි. :)
    ඒත් වෙන හොඳ මාතෘකා කිහිපයක් හොයාගන්න ඕනෙ. තාක්ෂණික හා පරිගණක පැත්තටමනෙ මගෙ හිත යන්නෙ.

    ReplyDelete
  3. කොයි අර තොටගමුවේ හාමුදුරුවන්ගේ කතා වල ඉතුරු ටික. ඒ එක කතාවක් මහා සිංහලයේ බළල් වංශ කතාවටත් සම්බන්ධ වුණා.

    --> මහා සිංහලයේ බළල් වංශ කතාව

    ReplyDelete
  4. අයියෙ පිස්සුද ඔයා නවතින්නෙ නැතිව දිගටම ලියන්න.. කමෙන්ට් ගැන හිතන්න එපා.. දන්නවද සමහර දවසට මගෙ සයිට් එකට 700ක් විතර ආවත් එක කමෙන්ට් එකක්වත් නෑ :( අපේ අය ඇවිත් කියවල හැරිය යනව.. ඒ උනාට සුද්දො නම් ඇවිත් රූප බලල ස්පෑම් කමෙන්ට් දාල යනව... ඒව ඉතිං පබ්ලිශ් කරන්න පුලුවන් යැ.. (දවසට ස්පෑම් 15 කට වඩා අනිවාර්යෙන් මගෙ බ්ලොග් එකට ලැබෙනව. අපෙ අයගෙ කමෙන්ට් බොහොම කලාතුරකින් ලැබෙන්නෙ )

    ඔයාගෙ ට්‍රෑෆික් ලිපි පෙල මම කියෙවුව ගොඩක් වැදගත් ඔයා ඒක ඉවරකරන්න..

    ගනන්ගන්න එපා ඔයා දිගටම ලියන්න

    ReplyDelete
  5. ගනන් ගන්න එපා.. අපි නම් සැලෙන්නෑ :D

    ReplyDelete
  6. පිස්සුද අයියේ,අපිට වැරදුනාම හෙල්ප් එකක් දෙන්න ඉන්නෙත් ඔයා,මේක නවත්වන්න එපා...

    මේ තීම් එකේ කතවටනම් මමත් එකග වෙනව.තීම එක වෙනස්කලානම් හොදයි වගෙ:)
    දිගටම ලියන්න සුභපැතුම්!

    ReplyDelete
  7. @Chanaka: හොඳ අදහසක්, ඒකෙන්වත් එකක් ලියල බලමුකො එහෙනම්. :) ස්තුතියි මතක් කිවීමට.
    @Geeth: අය්යෝ මල්ලි බය වෙන්නෙපා. මේක කවදාවත් ලියන එක නවතින්නෙ නෑ. :) ස්පෑම් කොමෙන්ට්ස් මටත් ආව. මම ඒ ලිපි කිහිපයක් වෙනස් කලා එතකොට ස්පෑම් එක එක නැවතුනා. Forum, Keys, etc, ඔය වගේ වචන තියෙන ලිපි වලට තමා ස්පෑම් එන්නෙ. ඔයාගෙ බ්ලොග් එකේ එහෙම වචන තියෙනවනෙ. :)

    ReplyDelete
  8. @lasindu: ස්තුතියි මල්ලි, මම එච්චර ඩයල් එකක්ද!!! :D :D :D
    තීම් එක නම් වෙනස් කරන්න ඕනෙ තමා, මේක මම හදපු තීම් එකක්නෙ. :)

    @කණියා: පිස්සුද මල්ලි අපි නම් සැලෙයි. :)

    ReplyDelete
  9. නැත්තං..හොද තීම් එකක් දාන්න,මේ තීම් එකත් ටිකක් කම්මැලි පාටයි,මමත් අද පොඩි පහේ තීම් එකක් හැදුව ඔයා හොද එකක් හොයල දාන්න

    ReplyDelete
  10. :)
    මම හොයන්නෙ සරළ නමුත් ලස්සන ටෙම්ප්ලේට් එකක්. මේ ටෙම්ප්ලේට් එක ටිකක් බර වැඩී. එකක් හම්බ උනා, තව ටිකක් බලන්න ඕනෙ.

    ReplyDelete
  11. කමෙන්ට් එකක් නැති වුනහම දුකයි තමා මහන්සියෙන් දාන ලිපියට....
    කමෙන්ට් එකක් දාන්නෑ කියන එකෙන් බ්ලොග් ‍පෝස්ට් කියවන්නේ නෑ කියන එක නම් හිතන්න එපා....
    දිගටම ලියන්න සහෝ....
    ලියන්නාට කමෙන්ට් ලැබේ....
    අහල නැද්ද පරණ කියමනක් ඕක...
    දිගටම ලියන්න සහෝ...සුභ පතනවා.....
    දැන් කමෙන්ට් ලැබෙයි ඉදිරියට....

    ReplyDelete
  12. Template එකේ පාටවල් පොඩ්ඩක් එහා මෙහා කරල බලන්න. Specially , this luminous green colour

    ReplyDelete
  13. සොරි මචෝ මමත් මෙහාට ආවා ගියා වැඩිය කමෙන්ට් කලෙත් නෑ. මේ බ්ලොග් එකේ තියන ඒවා නම් එලකිරි

    අද ඉඳලා කමෙන්ට් කරලා යන්නම් බොරුවට හරි

    ජයවේවා !!

    ReplyDelete
  14. @Chanaka: ඔව් ඒ පාට නම් අවුල් තමා, මම සම්පූර්ණයෙන්ම වෙන තීම් එකක් දානවා. දැන් කිහිපයක් බෑව. හැබැයි පස්සෙ තේරුනේ, ටිකක් මහන්සි උනා නම් ඒ තීම්ස් උනත් මටම හදාගන්න තිබ්බනෙ කියල.

    @හසියා: ඔව් ඔව්, කොමෙන්ට් නැති උනාට එන කට්ටියෙ එච්චර අඩුවක් නම් නෑ. :)
    කොහොමත් මම ලියන එක නම් අත අරින්නෙ නෑ.
    ස්තුතියි.

    @හිස් අහස: :) හරි හරි. නිකමට හරි කොමෙන්ට් එකක් දකිනකොට සතුටුයි බන්.

    ReplyDelete
  15. මාධවය,
    මම උඔව දැනගෙන දැන් අවුරුද්දකට කිට්ටු වෙනවා. මේ වැඩේනං නවත්වන්න එපා. දිගමට කරගෙන යන්න.

    කමෙන්ට් ගැන කියනවනං කව්රුත් කැමතියි ඒවට. මොකද මහන්සියනේ ලියන ලිපිය අපිම කියවලා ලබන තෘප්තිය ඈරුනම කමෙන්ට් නැත්තං කණගාටුයි තමා. කමෙන්ට් දෙන්නැත්තං කරන්න දෙයක් නැ. දිගටම ලියනවා ඈරෙන්න.

    කමෙන්ට් නොදෙන්නෙ ලිපිය හොද නැති හින්දාම නෙමේ. ඒකට කියවන්නාගේ කාර්යබහුලකම වගේ වෙනත් කරුණු ගොඩක් බලපානවා

    ReplyDelete
  16. ඒක තමා, කොමෙන්ට් එකක් තියෙනවා දකිනකොට මාරම සතුටක් දැනෙනවා. පෝස්ට් එකක් ලිව්වට පස්සෙ සැරෙන් සැරේට මේල් චෙක් කරනවා කොමෙන්ට් තියේද කියල බලන්න.
    නෑ සහෝ, මම මේක නවත්තන්නේ නෑ කවදාවත්, මේක මගෙ ලේවලටම දැන් ගිහිල්ල ඉවරයි. :)

    ReplyDelete
  17. අයියා ගනම් ගන්න එපා මගේ බ්ලොගයට දවසට 240 විතර එනවා එත් කවුරැවත් කොමෙන්ට් දාන්නේ නැ. එත් අයියනම් දානවා එක හොදයි.

    ReplyDelete
  18. මටත් ඔන්න ඕක හින්දමයි බ්ලොග් කිරිල්ල එප වෙල තීයෙන්නේ.ඒත් ඕක නවත්වන්න එපා.දිගටම කරන්න.

    ReplyDelete
  19. මේකනෙ මල්ලි. මමත් බලන්නෙ බ්ලොග්ස් ටිකයි, වැඩිපුරම බලන්නෙ තාක්ෂණික ලිපි තමයි, බලන ඒවායින් හුඟකට මම අදහස් දානව, නමුත් සමහර බ්ලොග් ලෝඩ් වෙන්න වෙලා යනකොට මම ඒවගේ ඒවට අදහස් දාන එක අඩුයි. මොකද මගෙ මැෂින් එකත් පට්ට ස්පීට්. ඒ පේජ් එකක් ලෝඩ් වෙනකොට හැට පැයක් යනවා. :(
    ඔයාගෙ එකෙත් හොඳ ලිපි ඔයා ලියනවා, ඉතින් මම අදහසක් දාල යන්නමතක කරන්නෙ නෑ. :)

    අනිත් එක, මම හරිම කැමතියි, popup comment box දාල තියෙන අඩවි වලට. :) මම හිතන්නෙ ඒකට හැමෝම වගේ කැමති ඇති. :)

    ReplyDelete
  20. ඒක නෙමෙයි, මේ තීම් එක කොහොමද?
    බුද්ධි වෙනකම් දැක්කෙ පරණ ටෙම්ප්ලේට් එකනෙ. :)

    ReplyDelete
  21. අහා මාධව මල්ලි දැක්ක කල්.. මටත් ඔයා උදව් කරානෙ අපිට අමතක නෑ ඒව. ඒත් මමනම් ටිකක් bc මේ දවස්වල.

    කමෙන්ට් අඩු උනා‍ට බලන කට්ටිය අඩු නැතුව ඇති නේද?

    අද නෙමේ ඔයාට ලියපුවා වැදගත් වෙන්නේ අනාගතයේදී :D ඒක විශ්වාසයි. ඒක නිසා බ්ලොග් අත්හරින්න එපා..

    ReplyDelete
  22. අපි ලියන බ්ලොග් වලටත් ලෙසියෙන් කොමෙන්ට් එන්නේ නෑ යාලුවා.....ඒත් අපි ලියන එක නවත්තන්න නරකයි......ඔයා දිගටම ලියන්න....මේකේ වටින කරුනු ගොඩාක් තියෙනවා......

    ReplyDelete
  23. @Sankalpana: ඔව් ඔව්. කට්ටියගෙ නම් එහෙමට අඩුවක් නෑ. අනාගතේ වෙනුවෙන් මේ ලිපි ප්‍රයෝජනවත් වෙනවා නම් සතුටුයි.

    @අඳුරෙන් එළියට: ඔව් ඔව්, අනිතු හුඟක් අයටත් මට මේ තියෙන හිතේ අමාරුව නම් ඇති. :)
    ඒත් ලියන එක නවතින්නෙ නම් නෑ.

    ආ, අමතක උනානෙ. අපේ හීරෝ සහෝදරයත් කොමෙන්ට් එකක් දාල ගිහිල්ල තිබුනෙ. ඒක ටිකක් දාන්න අමාරු නිසයි නොදා හිටියෙ. :)

    ReplyDelete
  24. Comments නැ නැ කියල ඇඩුවට ඔය තියෙන්නේ ගමකට Comments

    ReplyDelete
  25. මේ වගේ ලිපි තමා එහෙනම් හැමදාම ලියන්න වෙන්නෙ.
    http://mysinhalablog.blogspot.com/2010/02/blog-post_16.html
    මේකත් බලන්නකො. ඕකත් මේ වගේම අඳෝනාවක්. ඒකටත් ගමකට කොමෙන්ට් තියෙනව. :)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.