ඔන්න ඉතින් කට්ටිය කියපු නිසා, ඔන්න, තොටගමුවේ හාමුදුරුවන්ගේ තවත් කතා කිහිපයක් තව ලියන්න හිතුවා.
ඉතින් මේ වෙනකොට මම තොටගමුවේ හාමුදුරුවන්ගේ කතා 7ක් කියලා තිබෙනවා.
වක දෙක හා විදාගම හිමි
සිනිඳු සේළය
ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම (කොටස් 1, 2)
ජම්මෙද? පුරුද්දද?
සෘද්ධි තෛලය (කොටස් 1, 2)
තොටගමුව නොව අපගමුව
තොටගමුවේ හාමුදුරුවො යක්ෂයො පන්නපු හැටි
ඔන්න මම මේ වෙනකොට ලියල තියෙන කතා ටික. කියවපු නැති අය කියවල බලන්නකෝ.
ඉතින් අද මේ යළි ආරම්භක ලිපිය විදිහට, තොටගමුවේ හාමුදුරුවො ගැන පොඩ්ඩක් ලියන්න හිතුව, කතා ඊළඟ ලිපියේ සිට.
තොටගමුවේ රාහුල හාමුදුරුවො, සිංහල සාහිත්‍ය වංශයට වගේම ලංකාවේ බුද්ධ ශාසනයට පායපු තාරකාවක් වගේ යතිවරයානන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ සාහිත්‍ය විතරක් නෙමෙයි, නක්ෂත්‍ර, ගුප්ත විද්‍යා ශාස්ත්‍ර වලත් කෙල පැමිණියෙක්.
දෙමටානේ කුමාරයා, (තොටගමුවේ හාමුදුරුවො පොඩිකාලෙ) ඉපදුනේ, 1408දී දෙමටාන ගමේදි කීරවැල්ලේ කුමරියට හා වික්‍රමබාහු කුමාරයාට දාව. පසුකාලීනව, දෙමටානේ කුමාරයා සයවන පරාක්‍රමබාහු රජතුමාගේ පුත් තනතුරේ හැදී වැඩුනා. 1425දී විදාගම මෛත්‍රී හිමියන් අතින් මහණ බවට එලඹියා. ("වක දෙක" කතාව කියෙව්වොත් මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්.)
තොටගමුවේ හාමුදුරුවන්, කිසිදා නොමැකෙන මතකයකුත්, ඉතා ඉහළ භාෂා ඥාණයකිනුත්, කවීත්වයකුත් තිබුනු හිමි නමක්. භාෂා 6ක් කතා කිරීමේ හැකියාව උන්වහන්සේට තිබුනා. සැළලිහිණි සංදේශය, පරෙවි සංදේශය, කාව්‍යශේකරය, පංචසිකා ප්‍රදීපය, උන්වහන්සේ ලියපු කෘති කිහිපයක්.
1491දී උන්වහන්සේ වසර 83ක් ආයු වළඳා, ඉඳුරුගිරිලෙන ඉදිකළ සයනයක් මත වැතිර, තමන් වහන්සේ අපවත් වීමෙන් පසු, සිරුර දින දස ලක්ෂයක් පුරාවට නරක් නොවී පවතින්නට, "සිද්ධාලෝක රසය" නම් ඖෂධය වළඳා අපවත් උනා.
ශ්‍රී රාහුල හිමියන්ගේ සිරුර තවමත් නරක් නොවී ඉඳුරුගිරිලෙනෙහි පවතින බව ජනප්‍රවාදයේ කියැවෙනවා. උන්වහන්සේට රක්ෂා කළ යක්ෂයින් උන්වහන්සේගේ සිරුර ආරක්ෂා කරන බව පැවසෙනවා.
එහෙනම් අපි පස්සෙ රාහුල හාමුදුරුවන්ගේ කතාවකින් හමුවෙමුකෝ.
“DSLR රහස්” photography & Cinematography
1 week ago

6:00 AM
Unknown
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




මචෝ මම ඒ කතා ඔක්කොම ටික කියෙව්වා අද, මට තිබ්බ වැඩ ඔක්කොම පැත්තක දාලා. කියලා වැඩක් නෑ.. සුපිරි. මමත් දෙක තුනක් අපේ තාත්තගෙන් අහලා තියෙනවා. ඒවා හියට මතක නෑ. කොහොම වුනත් නියමයි සහෝ...
ReplyDeleteඔව්. මේ කතා හරිම රසවත්. තව කතා කිහිපයක් දාන්නම්කො.
ReplyDeleteඔවු ඔවු අනිත්වත් දාන්න
ReplyDeleteඅයියෝ කතාව තව ටිකක් දිගට දාන්ඩ :D
ReplyDelete