Monday, November 8, 2010

Widgets

විශ්වාසය ගැන පොඩි කතාවක් [Repost]

පොඩි ගෑණු ළමයෙකුයි, පිරිමි ළමයෙකුයි සෙල්ලම් කර කර හිටිය. ගෑණු ළමය ලඟ ලොසින්ජර ටිකක් තිබ්බ, පිරිමි ළමය ලඟ ලස්සන වීදුරු බෝල ටිකක් තිබ්බ. පිරිමි ළමය කිව්ව, එයා ලඟ තියෙන ඔක්කොම වීදුරු බෝල ටික, ලොසින්ජර වලට හුවමාරු කරමු කියල. ගෑණු ළමය කැමති උනා.

පිරිමි ළමය තමුන් ලඟ තිබ්බ ලස්සනම වීදුරු බෝලෙ තියාගෙන ඉතුරු ටික ගෑණු ළමයට දුන්න. ගෑණු ළමය පොරොන්දුවෙ හැටියට ඔක්කොම ලොසින්ජර ටික දුන්න.
එදා රෑ, ගෑණු ළමය හොඳට නිදාගත්ත, ඒත් පිරිමි ළමයට නින්ද ගියෙ නෑ. එයා කල්පනා කලේ තමුන් කලා වගෙ ගෑණු ලමයත් ලොසින්ජර හැංගුවද කියල.

ගත යුතු දේ:
යම් සම්බන්ධයකදි 100% ක් විශ්වාසය දුන්නෙ නැත්තම් ඔබ හැම වෙලේම ඉන්නෙ සැකයෙන්, අනිත් පුද්ගලයා එයාගෙ 100% ඔබට දීලද කියල. මේක ආදරය, සේව්‍ය-සේවක, වගේ හැම සබඳතාවයකටම හරියනව. ඔබ හැම වෙලේම ඔබේ 100% දුන්නොත් තමයි ඔබට නිවී සැනසිල්ලෙ නිදාගන්න පුලුවන්

11 comments:

  1. හ්ම්....සහතික ඇත්ත‍‍‍‍...
    අද අපේ රටේ පවුල් ජීවිත වගේම ප්‍රේම සබදතා බිදවැටීමට මුලිකම හේතුව ඕකයි....
    කෙනෙක්ගේ හිතේ තියෙන විශ්වසය බිද වැටුනොත් ඒක ආයේ ගොඩනගන එක තරම් අමාරු දෙයක් මේ ලොකේ නෑ....

    පොඩි ලිපියක් වුනත් ගතයුතු ආදර්ශය වැදගත‍‍්‍‍‍...

    ම්ම්ම්ම්ම් බ්ලොග් තීම් එකත් හොදයි....

    ReplyDelete
  2. හ්ම්... ඇත්ත තමා...

    ReplyDelete
  3. මාද අසා ඇති කතාවකි... මතකය අලුත් කරාට තුති ....

    ReplyDelete
  4. ඔව්, විශ්වාසය කියන්නෙ ආදරයේ නම් මූලිකම දෙයක්.
    අතිත් අවස්ථා වලත් විශ්වාසය ඉතාම වැදගත්.

    ReplyDelete
  5. Niyama katawak....

    ReplyDelete
  6. ඇත්තටම ‍මේක හොඳ ආදර්ශ කතාවක්.

    ReplyDelete
  7. වටිනා කියන කතාවක් අයියා. විශ්වාසය කියන දේ ගැන මට හිතුණු දෙයක් තමා අපි මුදල් උපයනවාටත් වඩා වටිනා උපයා ගැනීමක් තමා විශ්වාසය උපයා ගැනීම කියන එක. අනික් අය අපි කෙරෙහි විශ්වාසයක් තියලා තියනවා කියන්නේ අපි ඒ පුද්ගලයාගෙන් කිසියම් විශ්වාසයක් උපයා ගෙන තිබීමක්.

    එත්කොට ඒ උපයාගත් විශ්වාසය රැකගන්න කටයුතු කරන්න ඕනේ කියලයි මට හිතිලා තියෙන්නේ. අළුත් පෝස්ට් එකක් ලියන්න හොඳ මාතෘකාවක් ඔයා දුන්නා............ ස්තුතියි

    ReplyDelete
  8. අනිවාර්යයෙන්ම මල්ලි. කෙනෙක්ගෙ විශ්වාසයක් දිනාගන්නවා කියන්නෙ හුඟාක් වටිනා දෙයක්.

    අදහසක් ලැබුනා නම් ලියන්න හොඳ ලිපියක්. :)

    ReplyDelete
  9. http://aagiyakatha.blogspot.com/2010/11/blog-post_12.html

    ReplyDelete
  10. ඔබගේ ලිපිය කියෙව්වා. අදහසකුත් දැම්මා.
    වටිනා අදහසක්. ස්තුතියි මගෙ ලිපිය ගැනත් කිව්වට.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.