Sunday, November 14, 2010

Widgets

200වන ලිපිය හා තවත් දේ

මුලින්ම, මේ ලිපිය මෙහෙම ලියන්න හිතුවෙ, මේ මගේ සිංහල බ්ලොග් අඩවියේ 200 වන ලිපිය වීමයි.
ඉතින් අපේ කට්ටිය එක්ක මමත් වසරකට වැඩි කාලයක් මේ සිංහල බ්ලොග් අවකාශයේ හිටියා නෙව. (ඉංග්‍රීසි බ්ලොග් ඉතිහාසය නම් ඊට වඩා ගොඩාක් වැඩියි. )
මම එනකොට මට මතක හැටියට සිංහල බ්ලොග් සිංඩිකේටරයේ තිබ්බෙ බ්ලොග් 300කට අඩු ප්‍රමාණයක්, දැන්........................... දහසකටත් වඩා වැඩියි.


ලංකාවෙ සිංහල ලියන්නන්ගේ ප්‍රමාණය ඉතාම ඉහළ ගිහිල්ල. කියවන්නන් ගානත් හිතාගන්න පුළුවන්නෙ සිංඩිකේටරයට හිට්ස් මිලියනයකටත් වඩා ඇවිල්ල කියල කිව්වම.
ඉතින් ඒ ලියන්නන් ප්‍රමාණය මේ වෙනකොට ලිපි ලක්ෂයක්වත් ලියල ඇති. මමත් මේ බ්ලොග් අඩවියෙන් ඒ ලිපි කන්දරාවට පොඩි හරි දායකත්වයක් දීල තියෙනවනෙ.


"අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය ඉහළ නැංවීම" කියන, සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ අරමුණට මමත් යම් තරමකින් දායක වෙලා තිබෙනවා කියන සතුට මටත් තිබෙනවා. මගෙ අනිත් බ්ලොග් අඩවි දෙකත් අමතක කරන්න බෑ. ( "Photography සිංහලෙන්" හා "Guide To CSE" ) Photography අඩවියේ වැඩ නම් මේ දවස් වල ටිකක් නැවතිලා තිබෙන්නේ, නමුත් කොටස් වෙළඳපළ ගැන අඩවියනම් ක්‍රියාත්මකයි.
ඉතින් මේ ආපු ගමනේ තවත් බ්ලොග් කරුවන් හඳුනා ගත්තා. ඉතා වටිනා දැනුම් සම්භාරයක් එකතු කරගත්තා....


ඉල්ලා සිටිනවා අනෙකුත් සහෝදර බ්ලොග් කරුවන්ගෙන්, අදත් අනාගතයටත් හැමෝටම ප්‍රයෝජනවත් වෙන ලිපි ලියමින් අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය ඉහළ නැංවීමේ ක්‍රියාවලියට ධනාත්මකව දායක වන ලෙස. අන්තර්ජාලය තුළ සිංහලය නඟා සිටුවීමට එකතු වන ලෙස.

8 comments:

  1. නියමයි සහෝදරයා! මගෙන් සුබම සුබ පැතුම් අයියට..... අයියගෙ බ්ලොග් එකට මම එන්න ගත්තෙ මට කමෙන්ට් දාන්න පටන්ගත්ත දවසෙ ඉඳන්.... පෝස්ට් එකක් දැම්ම ගමන් මම බ්ලොග් එකට එනවා. අපි නොදන්න දේ ගැන වැදගත් ලිපි තියෙනවා...

    "අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය ඉහළ නැංවීම" කියල අරමුණ තිබුනට සමහරු ඒක කරන්නෑ කියල තේරෙනවා. සමහරු ගෙඩි පිටින් ‍පෝස්ට් කොපි කරනවා. ඒවා තමන්ගේ කියල බ්ලොග් වලට දානවා. ඒවා කරල නම් අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය වැඩි කරන්න ලැබෙන්නෙ නෑ. අන්තර්ජාලය තුළ සිංහල බ්ලොග් අඩවි ගනන නම් වැඩි වේවි...

    කොහොම වුනත් අයිය කරන දේ ගැන මම ආඩම්බර වෙනවා! දිගටම බ්ලොග් එක කරන්න සුබ පතනව ආයෙත්...!

    ReplyDelete
  2. ස්තුතියි මල්ලි, ඔයා හැමදාම මාත් එක්ක එකතු වෙලා ඉන්න එකට.
    ඔව්, සමහරු නම් කිසිම තේරුමක් නැති දේවල් කරනව, සමහරු වෙන අයගෙ ලිපි කොපි කරමින් තමුන්ගෙ අඩවි වල දාගන්නව. සමහරු මේ අපි කරන වැඩ වලට නරක විදිහට බැණ වදිනවා, ඒත් ඉතින් අපි හරි දේ කරනවා නම් ඒකයි වටින්නෙ.
    ඔයත් ඒ දේ කරන්න උත්සාහ කරනවා, මමත් ඒකටම තමා උත්සාහ කරන්නෙ.

    ReplyDelete
  3. සුබපැතුම් මගෙනුත්.. කොහෙද.. මම තාම 100ක් වත් ලියලා නෑනෙ :D

    ReplyDelete
  4. ලිව්ව ලිපි ගණන නෙමෙයිනෙ මල්ලි වැදගත් වෙන්නෙ, ලියල තියෙන දේවල් වල ප්‍රයෝජනවත් භාවයනෙ. මගෙ මේ ලිපි 200ත් කිසිම වැඩක් නැති ලිපි කීයක් ඇත්ද. :( ඔයා ඒ අතින් හොඳයි.
    ඔයාටත් සුභ පැතුම්!!!

    ReplyDelete
  5. සුභ පැතුම් අයියා.

    ReplyDelete
  6. ස්තුතියි මල්ලි. :)

    ReplyDelete
  7. ඇත්තටම මචෝ, අපිට ස්කෝලේදී කියල දුන්නා තව අවුරුදු ගානකින් සිංහලත් මළ භාෂාවක් වෙනවා කියලා. ඒත් දැන් හිතෙනවා ඒක බොරු කියලා. මේ වගේ සිංහලෙන් බ්ලොග් ලියන අය ඉන්නකම් සිංහල මැරෙන එකක් නෑ.

    ජයවේවා මචෝ... තව තවත් සිංහලෙන් ප්‍රයෝජනවත් වින​ෙදොත්මක දේවල් ලියන්න ශක්තිය ​ධෛර්‍යය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...!

    ReplyDelete
  8. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්, අපි සිංහලයො වශයෙන් මොකුත්ම නොකර හිටියොත්. නමුත් අපි සිංහල භාෂාව නඟා සිටුවන්න, ඒක ලෝකය තුළ පිළිගත් භාෂාවක් කරන්න උත්සාහ කළොත් ක්‍රියා කළොත් සිංහල භාෂාව කවදාවත්ම මල භාෂාවක් වෙන්නෙ නෑ.
    ස්තුතියි අදහසට.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.