Tuesday, October 4, 2011

Widgets

Energy Saving ගැන ඔබ නොදත් දේ

මේ බලශක්ති අර්බුදෙත් එක්ක දැන් එන එකක් නෙව මේ එන'ජි සේවිං කියන්නෙ.
ඉතින් කොහොමද මේ බල ශක්තිය අපතේ යන්නෙ? කොහොමද මේ බල ශක්තිය ඉතුරු කරන්නෙ?



ලයිට් ඕෆ් කරල, අනවශ්‍ය උපකරණ ඕෆ් කරල, කාර්යක්ෂම විදුලි පහන් එහෙම භාවිතා කරල, ඒව මේව කරල තමා ඉති නම් කරන්නෙ. ඉතින් මේ ගැන ඔබ නොදන්නා පොඩි දේවල් ටිකක් කියන්න හිතුන. මේක කියවල පොඩ්ඩක් හිතල බලන්න, ඔයාල කරන්න පුළුවන් උපරිමයෙන් බලශක්තිය ඉතිරි කරනවාද කියල. මේ තොරතුරු වලින් කොටසක් මම උපුටා ගත්තෙ Sri Lanka Engineering Newspaper එකේ ඉංජිනේරු එස්. ශ්‍රීපද්මනාබන් මහතා ලියල තිබුණු ලිපියකින්. (ඒ ලිපිය ඉංගිරිසියෙන් තිබ්බෙ)
ඉතින් ආපහු එමු.
ඔයාල භාවිතා කරන උපකරණ භාවිතයේ නැති වෙලාවට කොහොමද තියන්නෙ? ප්ලග් එකට ගහල එතනින් ඔන් කරල, උපකරණේ ඕෆ් කරල? නැතිනම් standby mode එකේ?
ඔයාල දන්නවද සාමාන්‍යයෙන් උපකරණයක් standby mode එකේ තියෙනකොට ඒක වොට් 1-2ක සිට වොට් 20-40 අතර ශක්තියක් වැය කරනව කියල???
සාමාන්‍ය නිවෙසක විදුලියෙන් 10-15%ක අතර ප්‍රමාණයක් වැය වන්නේ මෙන්න මේ standby load එකට කියල ඔබ දන්නවද???
මෙහෙම විදුලිය වැය කරන තවත් උපකරණ තමා, බැටරි චාජර්, ජංගම දුරකතන චාජර්, ලැප්ටොප්/දුරකතන/TV/VCR/මොඩම්/ප්‍රින්ටර් වැනි උපකරණ වල power adapters, microwave උඳුන්, රෙදි සෝදන යන්ත්‍ර, වියළන වැනි උපකරණ, හා තවත් ගොඩාක් උපකරණ.
ඔබ දන්නවාද, සමහරක් රෙදි සෝදන යන්ත්‍ර, ක්‍රියාකාරිත්වයේදි භාවිතා කරනවාට වටා ශක්තියක් standby mode එකේදී භාවිත කරනවා කියල???

උදා:
LCD TV එකක standby load එක වොට් 0.3 ක් පමණ
ප්‍රින්ටරයක් ඕෆ් වෙලා තියෙනකොට වොට් 8ක් පමණත්, ඕන් වෙලා තියෙනකොට වොට් 12ක් පමණත්, ප්‍රින්ට් කරනකොට වොට් 20ක් පමණ වැය කරනවා.
පරිගණකයක්, ඕෆ් වෙලා තියෙනකොට වොට් 9ක්, Sleep mode එකේ තියෙනකොට වොට් 20-90 ප්‍රමාණයක්, ක්‍රියාකරද්දී වොට් 400ක් පමණ භාවිතා කරනවා.
රූපවාහිනී, ගුවන්විදුලි යන්ත්‍ර, DVD Players වගේ ඒව standby mode එකේදි අවම වශයෙන් වොට් 10ක්වත් භාවිතා කරනවා. 
සමහරක් ජංගම දුරකතන චාජර, මුළුමනින්ම චාජ් වෙලා ඉවර උනත් වොට් 10ක් පමණ වැය කරනවා.
මේව දල අගයන් විතරයි. මේ ඉලක්කම්, උපකරණය, Brand එක, Model එක, රට අනුව වෙනස් වෙනවා.

Energy Star Label එක තියෙන උපකරණ තියෙනව නේද?
අන්න ඒව සාමාන්‍යයෙන් standby mode එකේදි වොට් 5ක් පමණ වැය කරනවා. අනෙකුත් උපකරණ වලට සාපේක්ෂව මේ උපකරණ මගින් අපතේ යන ශක්තිය ටිකක් අඩුයි. 
තවත් එකක්, මෙහෙම standby mode එකේ උපකරණයක් තියෙනකොට ඒක යම් තාපයක් නිකුත් කරනවා. වායුසමීකරණය කරල එහෙම තියෙනව නම් අර තාපය නිසා AC මැෂින් එකේ ලෝඩ් එකත් වැඩි වෙලා එතනින් තවත් විදුලිය අපතේ යාමක් වෙනවා.
වායුසමීකරණ ගැන කියන්න තව කාරණයක් තිබෙනවා. වායුසමීකරණය කරන ලද ස්ථාන වලදී තාපය නිපදවන උපකරණ තැබීම හැකිතාක් අවම කළ යුතුයි.
උදා: ඡායාපිටපත් යන්ත්‍ර, ශීතකරණ (ඒත් සමහරක් අවස්ථා වලදි නම් මේක ප්‍රායෝගික නෑ.)
ඔබ නිවසේ Dimmers භාවිතා කරනවාද? ඒකෙනුත් ලොකු ප්‍රයෝජනයක් නම් නෑ. මොකද ආලෝකය 25%ක් දක්වා අඩු කළොත්, ඒකෙන් විදුලිය ඉතිරි වන්නේ, 50%ක් වගේ අගයක් 75%ක් නෙමෙයි.
මේ අනුව හිතා බලනකොට ඔබ බලශක්තිය ඉතිරි කරන්න හිතාගෙන උපකරණයක් ඕෆ් කළාට ඒක ප්ලග් එකට ගහල ස්විච් එක දාල තියනව නම් ඒකෙනුත් ගොඩක් ලොකු ශක්තියක් අපතේ යනවා නේද?
සරළව හිතමු.
ඔයාල ෆෝන් එක චාජ් වෙන්න ගහල නිදා ගන්නව. ෆෝන් එකක් චාජ් වෙන්න යන්නෙ පැය දෙකයි නම් ඉතිරි පැය 4,5 ක කාලයක්වත් ශක්තිය අපතේ යැවීමක් ඔබ කරනව නේද???
පරිගණකය ඕෆ් කරන්නෙ නැතිව Sleep කරල යනව වැඩකට යනකොට. කෙතරම් විදුලියක් අහක යනවාද???
TV එක රිමෝට් එකෙන් ඕෆ් කරල ගියාට සමහරක් විට ඒක රෑ පුරාම standby mode එකේ තියෙනව නේද???
ඉතින් මේ වගේ කෙතරම් දේවල් තිබෙනවාද, ඔබ මෙහෙම කෙතරම් විදුලියක් අපතේ යවනවාද???

ඉතින් හොඳම විසඳුම වෙන්නෙ අදාල උපකරණයට ලැබෙන සම්පූර්ණ විදුලියම බිත්තියේ Socket Outlet එකෙන්ම ඕෆ් කරල දාන එක තමයි. අන්න එතකොට ඔබ විදුලිය ඉතිරි කළා වෙනවා.

අනිත් එක, මේ කරන එක බලශක්ති අර්බුධයට විතරක් නෙමෙයි, හරිතාගාර වායු නිදහස් වීම අවම වීම හරහා පරිසරය රැක ගැනීමටත් හේතු වෙනවා. 


මඳක් හිතල බලන්න.

9 comments:

  1. වැදගත් ලිපියක් මචං....

    ReplyDelete
  2. අපේ ගෙදර ටීවි එකත් ස්ටෑන්ඩ් බයි මොඩ් එකේ තියෙනවා. ඒකත් පවර් එක නාස්ති වෙන්න පුලුවන්. වැඩගත් ලිපියක්.

    ReplyDelete
  3. වටින ලිපියක්..මේ කතාව මම කලින් දැනගෙන හිටියත් වැඩිය හිතට ගත්තේ නැහැනේ..දැන්නම් කරලා බලන්න ඕන..

    ReplyDelete
  4. අදනේ දන්නේ මේ සීන් එක ගැන..ගොඩාක් ස්තූතිය්

    ReplyDelete
  5. වැදගත් ලිපියක් අයියෙ.. ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි

    ReplyDelete
  6. ඔව්, ඔයාල හරියට හිතනව නම් ශක්තිය ඉතිරි කරන්න, පොඩ්ඩක් ඔයාලගෙ ක්‍රියාකාරකම් වල පොඩි වෙනසක් කළොත් වැයවන විදුලි ප්‍රමාණය 10%කින් අඩු කරගන්න පුළුවන්නෙ.

    ReplyDelete
  7. කාලීන මාතෘකාවක් ගැන බොහොම පැහැදිලිව ලියල තියෙනවා. ඉතාම වැදගත් ලිපියක් සහෝදරයා....

    -Uditha Senaratne

    ReplyDelete
  8. මොකද උදිත ඈනෝ? ලොග් වෙන්න කම්මෑලි හිතුනද?

    ReplyDelete
  9. බලශක්තිය ඉතුරු කරනවා කියන්නේ සල්ලි ඉතුරු කරන එක.. වැදගත් ලිපියක් :)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.