Sunday, October 9, 2011

Widgets

මම, Techno හා Mobitel Virtual Marketing


ඔන්න ඉතින් මම අද ගියා Techno 2011 බලන්න. තනියම නෙමෙයි, උදිත එක්ක ගියේ. නිසුපට එන්න වෙන්නෙ නෑ කීවනෙ. ඒ අස්සෙ අර ෂානු කියල එක්කෙනෙක් 11ට එනව කියල, සද්දයක්වත් නෑ. අන්තිමට මේ හවස කියනව වැඩ ටිකක් තිබ්බ කියල. අර නීනු කියන එක්කෙනා හෙට තියෙනවද අහනව. ඒත් ඉතින් අදින් ප්‍රදර්ශනේ ඉවරයි නෙව. අපේ තව බ්ලොග් ලියන්නො ආවද දන්නේ නෑ, මොකද කට්ටිය හොරෙන්ද කොහෙදනෙ යන්නෙ. :)
පහුගිය වසර 4ක්ම මම ඕකෙ වැඩ කළා IESL එකේ JIY එක වෙනුවෙන්, ඕගනයිසිං වැඩ වලට. මේ පාර ඒකට සම්බන්ධ උනේ නෑ.
ඉතින් කියන්නම්කො විස්තරේ. රු.20යි ටිකට් එක, ප්‍රදර්ශනේ පටන්ගත්තෙ 9ට. අපි 9ටම ගියා, ඒත් කට්ටිය ඇවිල්ල උන්නෙ නෑ නෙ සමහර ප්‍රදර්ශන කුටි වල. ඉතින් ටිකක් ඇවිද්ද, අපේ කැම්පස් එකේ අපේ බැචෙක් සෙට් උනා, මිනිහ එක්ක කතා කළා, අය්ය කෙනෙක් මුණගැහුන, එයත් එක්කත් කතා කළා. ඊට පස්සෙ ඉතින් වටේ බලාගෙන යන්න පටන් ගත්ත.
ගොඩාක් මැදිරි තිබ්බ, නමුත් පසුගිය අවුරුදු වලට වඩා ටිකක් අඩු ගතියකුයි දැනුනෙ. ඒත් ගොඩක් ඒව තිබ්බ. ඉගෙන ගන්නත් ගොඩාක් ඒව තිබ්බ. නමුත් ඉතින් තිබ්බ ගොඩාක් ඒව වඩා වැදගත් වෙන්නෙ නම් industry එකේම ඉන්න කට්ටියටම තමා. ඒ නැතත් අනිත් අයටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තිබුණ.
අපේ කැම්පස් එකේ අපේ ඉංජිනේරු පීඨයෙනුත් ප්‍රදර්ශන කුටියක් තිබ්බ, ඊට අමතරව රුහුණ, පේරා ඉංජිනේරු පීඨ වල හා විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශන කුටි එහෙමත් තිබ්බ. මේ පාරත් රොබෝ තරඟාවලිය නම් තිබුන, ඒත් අපිට බලන්න හම්බුනේ නෑ. 
කොහොම හරි මටයි උදිතටයි නම් අල්ලලම ගියේ, මොබිටෙල් එකේ Virtual Marketing කියන සිද්ධිය. ඒ විදිහට ඉදිරියේදී මාරම වෙනසක් වෙයි වෙළඳ භාණ්ඩ අලෙවියේ. 
ඔයාල දන්නවද QR Code එක ගැන? මේ පහළ තියෙන්නෙ. QR Code කියන්නෙ පරන Bar Code වල අලුත් version එකනෙ. Bar Code එකකට වඩා මේකෙ දාන්න පුළුවන් තොරතුරු ප්‍රමාණය ගොඩාක් වැඩී. 


අන්න ඒව එක්කයි, මේ Virtual Marketing එක්ක හටං කොරන්න තිබ්බ පොඩි ගේම් එකකට සහභාගි වෙලා මොබිටෙල් එකෙන් ටී ෂර්ට් එකකුත් මම දින්න. (දින්න වෙනත් අය ගත්ත ක්‍රිකට් කිට් එකක් එහෙම, මම කීව කැප් එකක් දෙන්න කියල, එතන හිටිය ගෑණු ළමයගෙ කණේ අවුලක්ද කොහෙද දුන්නෙ ටීෂර්ට් එකක්.) මේ පහළ තියෙන්නෙ ඒක. (එයාල කුටියෙ එහෙ මෙහෙ තියල තිබුනු QR Codes ටික හොයගෙන ඒව QR Reader එකකින් කියවල ඒවයෙ තියෙන ලින්ක් වලට ගිහිල්ල Checkin කරන්න තිබ්බෙ. QR Reader එකක් ෆෝන් එකට දාගන්න වෙනව.(ෆෝන් එක Nok S60v5, BB, Android වෙන්න ඕනෙ. ඒකට Foursquare ඇප් එකයි, QR Reader ඇප් එකකුයි දාගන්නත් ඕනෙ.))


හැබැයි දුක කියන්නෙ මට ඒක ලොකු වැඩී නෙව. කොහෙද මම කීව උදිතයට ඒක අරන් පල කියල, ඌ බෑ ම කීවනෙ. :( ඒ නැතත් මොබිටෙල් ප්‍රදර්ශන කුටියට ඇවිල්ල virtual marketing ගැන ඉගෙනගත්තු හැමෝටම මොනව හරි තෑග්ගක් දුන්න. සබන්, දත්බෙහෙත්, එක එක cosmetics වගේ. අපේ උදිතටත් හම්බුනා.)
කොහොම හරි මම කාලෙකට ඉස්සෙල්ල ගිණුමක් හදල අත ඇරල දාල තිබ්බ FourSquare ගිණුමත් මේක නිසා ආපහු ඇක්ටිව් උනා, ඒකෙන් කෙරෙන්නෙ මොකද්ද කියලත් හරියටම තේරුනා. ඒකත් දැන් ටිකක් පාවිච්චි කරන්න හිතුව. ඔයාලත් ගිහිල්ල බලන්නකො ඒ අඩවියට.
ඇයි අපේ ජූනියර් බැච් එකේ හිටිය ශාමික මල්ලිත් මොබිටෙල් එකේනෙ වැඩ, මිනිහ එක්කත් ටිකක් කතා කර කර හිටිය. :)
ඇයි යනකොට මෙන්න ඉන්නව අපේ කණිය මල්ලි. මිනිහ එක්කත් කතා කරල, එයා ඉන්න කොම්පැනියෙන් හදල තියෙන මැසිම ගැනත් අහල එතනින් ආව. 
ඇයි අපේ JIY 2011 කුටිය (Junior Inventor of the Year 2011). මම පහුගිය වසර 4ක්ම දුක් විඳගෙන උදව් කරල ඕගනයිසිං වලට සහභාගි වෙලා වැඩ කරපු එකනෙ. ඉතින් මේ පාර ඒකට සහභාගි උනේ නැති නිසා තමා මේ පාර ප්‍රදර්ශනේ බලන්න ගිය පුද්ගලයෙක් විදිහට එන්න පුළුවන් උනේ. 

ඊට අමතරව මෙ පාර මම හිතාගෙනමයි ගියේ අර Foot Massager එකක් ගන්නව කියල. මෙ පහළ තියෙනව වගේ එකක්. අන්න ඒකකුත් ගත්ත. උදිතත් ගත්ත. Head Massager එහෙමත් තිබුන, නමුත් මම ගිය සතියෙ ebay එකෙන් ඒව ඕඩර් කළ නිසා ගත්තෙ නෑ.


ඉතින් කොහොම හරි ඉවරයක් වෙන්න බලන්න බැරි උනා, මොකද අපිටත් ටිකක් ඇති වෙලා තිබ්බෙ, සහ උදිතට ටිකක් ඉක්මනට යන්නත් ඕනෙ කිව්වනෙ. (12ට 1ට විතර.) ඉතින් අපි හවස 3ට BMICH එකෙන් පිට වෙලා ගෙදර එන්න පිටත් උනා.

ඔන්න ඔහොමයි කතාව. 

8 comments:

  1. යන්න බැරි උනා නෙ.. :(
    හෙටත් තිබුන නම් යන්න තිබුනා.. :|
    ~~~
    “මම කාලෙකට ඉස්සෙල්ල ගිණුමක් හදල අත ඇරල දාල තිබ්බ FourSquare ගිණුමත් මේක නිසා ආපහු ඇක්ටිව් උනා,“
    හදිස්සියෙම 4Sq invitation එකක් ආවෙ ඒක තමයි එහෙනම්.. :D

    ReplyDelete
  2. ශැහ්. ඊයේ දිනයේ ආවනං හම්බුවෙන්නවත් තිබ්බ. කැළණිය විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශන කුටිය නැරඹුවද?..

    ReplyDelete
  3. @GNS: හික් හික්. ඒක තමයි. :)

    @Prabath: අනේ සමාවෙන්න ඒක කියන්න බැරි උනානෙ. ගියා තමයි.

    ඔය කීවම මතක් උනේ, වෙනදට තියෙන HNDE කුටිය මේ පාර තිබුනේ නෑ නේද?

    ReplyDelete
  4. අනේ මට යන්න බැරි වුනානෙ.මක් කරන්නද අපේ තාත්තා කිව්වනෙ බස් නැති වෙයි යන්න එපා කියලා.දුක තමයි...:(((

    ReplyDelete
  5. ඇයි හත් දෙයියනේ.... උඹ පැයක් විතර කට්ට කාල QR Codes ටික scan කරලා තැග්ගක් ගත්තහම මේ පැත්තකට වෙලා හිටපු මම කොහොමැයි ඔය තෑග්ග අරගන්නෙ. ඕක පරෙස්සම් කරල තියාගෙන ඉඳල උඹ ටිකක් මහත් වුණු දවසක අඳින්න ගනින්.............. :))))

    ReplyDelete
  6. චැහ් ! මටත් යන්න බැරිවුනානේ. Software project එකක් හිරවෙලා . මාරම දුකයි. 08,09,10 අවුරුදු තුනේම නොකඩවා බලන්න ගියා .. :(

    ReplyDelete
  7. අපිව දැක්කට මතකවත් නෑනෙ මුංට :D

    ReplyDelete
  8. අනේ දෙය්යනේ, උඹව මිස් උනා නේන්නම්. දැන්මම දාන්නම්.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.