Sunday, November 29, 2009

Widgets

පින්නවල සාමා


මේ කියන්න යන්නෙ සෙනෙරක් (සෙනෙර කියන්නෙ අලියගෙ ගෑණු සතා හොඳේ) ගැන. මෙයාගෙ නම "සාමා", ඉන්නෙ පින්නවල අලි අනාථාගාරයේ. 
මෙයාව එක්ක ඇවිල්ල තියෙන්නෙ ලංකාවෙ උතුරු කරයෙන්. යුද්ධයෙන් අනාථ වෙච්ච තවත් අසරණයෙක්. බිම් බෝම්බයකට කකුල තියල ඉස්සරහ දකුණු කකුලෙන් කොටසක් ඉවත් කරන්න වෙලා (අඟල් 6ක පමණ කොටසක්). දෑන් ඇය ඇවිදින්නෙ පාද 3කින්. 
දැන් ඇයට වයස අවුරුදු 15කට වැඩියි. (මට හරිම වයස දැනගන්න බැරි උනා) 
ඇවිදින එක කොච්චර අමාරු උනත් ඇය කැමති නෑ එක තැනට වෙලා ඉන්නවත් ඇයව රංචුවෙන් ඉවත් කරල තියෙනවටත්, බැරි බැරි ගානෙ හරි රංචුව එක්ක එහෙ මෙහෙ යනව. (නාන්නත් යනව.) ඔබට පේනවනම් මෙම ඡායාරූප වල, මේ කකුලෙ ප්‍රශ්නෙ හින්ද එයාගෙ අනිත් ඉදිරි පාදයත් කොඳු ඇට නාරටියත් දැනටම ඇද් වෙලා තියෙන්නෙ, ඒ නිසා ඉදිරියෙදි ඇයට තවත් ප්‍රශ්න එන්න ඉඩ තියෙනව.


ඇය වෙනුවෙන්ම වෙබ් අඩවියක් පවා සාදා තිබෙනවා, ඇයට බොරු කකුලක් බද්ධ කිරීම සඳහා ආධාර එකතු කිරීමට.
http://www.luckysama.de/index_e.html
(මෙම ඡායාරූපය ගත්තේ ඊයෙ (28 සෙනසුරාද.) මම, මගෙ අක්කා සහ එයාගෙ යාළුවො 3න් දෙනෙක් සමඟ පින්නවල අලි අනාථාගාරය බලන්න ගිය වෙලාවෙ. ඊට පස්සෙ නුවර ගිහින් අද හවස තමයි ගෙදර ආවෙ. ඉක්මනට නිදා ගන්න හිතුවත් මේක ගැන ලියලම නිදා ගන්න හිතුන.)

1 comment:

  1. මං හිතන්නේ දැං මෙයාට බොරු කකුලක් දාන්න ප්‍රමාද වැඩියි කියලා. මොකද කකුල් 3න් ඇවිදලා දැන් මෙයා පුරුදු වෙලා. ඒ වගේම මෙයාගෙ අස්ථි පවා ඒ විදියට විකෘති වෙලා හැඩගැහිලා. ඒ නිසා අලුත් කකුලක් දැම්මොත් මෙයා ඒකට පුරුදු වෙයිද කියලා සැකයි.

    මම කලින් අහල තිබ්බා ඔහොම කතාවක්. ඔය විදියට අනතුරකින් කකුලක් අහිමි උන අලි පැටියෙකුට ජපානයෙන් ආධාරයක් විදියට බොරු කකුලක් තෑගි කරලා තිබුනා. නමුත් මෙච්චරකල් කකුල් 3න් ඇවිදපු පැටියා අර කකුල සවි කලාම ඇවිදින එක සම්පූර්ණයෙන්ම නතර කලාලු. ඒ පාර ආපහු ඒක ගලවලා.

    මොනව උනත් පවු අහිංසක සතා. යුද්ධයෙදි හැමවිටම සිදුවෙනවා වගේ නොකල වැරැද්දකට වන්දි ගෙවනවා.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.