Tuesday, December 25, 2012

2013 ඔබගේ හොඳම වසර කරගන්න

මේක ඇවිල්ල වැදි බණක්. ඒ උනාට මටයි ඔයාලටයි ඔක්කොටම වටිනව. 2013 අවුරුද්දෙ ඔයාගෙ බ්ලොග්කරණය දියුණු කරගන්න ඕනෙද? 2012 අවුරුද්දෙ ඔයාගෙ බ්ලොග්කරණය ගැන පැහැදීමක් නැද්ද? ඉතින් 2013 අවුරුද්ද හොඳ එකක් කරගන්න උපදෙස් ටිකක් මෙන්න. (අන්න ඒ ටික තමා වැදි බණ) විවෘත මනසකින් යුක්තව වැඩ කරන්න. එකම දේ නැවත නැවත කරමින්, නමුත් වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන එක සාර්ථක වෙන දෙයක් නෙමෙයි. අයින්ස්ටයිනුත් මෙහෙම කියල තියෙනවලු. මේක ඉතින් බ්ලොග් ලියන එකටත් පොදුයි....

Thursday, December 13, 2012

Cylon Linux ස්ථාපනය කරමු

මගෙ මුල් ලිපියෙන් මම කිව්වනෙ Cylon Linux ගැන පොඩි විස්තරයක්. ඒකෙ හැඩහුරුකම් ඒව මේව ගැන. ඉතින් අද කියන්න හදන්නෙ Cylon Linux මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ ස්ථාපනය කරගන්නා ආකාරයයි. ඉතාම පහසුවෙන් මෙය ස්ථාපනය කර ගත හැකියි.  මෙම මෙහෙයුම් පද්ධතිය සමඟ වැඩ කිරීමට, එහි නිර්මාපකයින් 1.7GHz ප්‍රොසෙසරයක් හා 1GB රැම් මතකයක් නිර්දේශ කරනවා. හාඩ් ඩිස්ක් එකෙහි 8.6GB ඉඩකුත් ඕනෙ. වෙනමම Primary Partition එකක් හදන්න. ගැළපෙන Swap මතකයක් සඳහා තවත් පොඩි කොටසක් වෙන් කරන්න....

Friday, December 7, 2012

Cylon Linux සමඟ වරුවක්

හුඟක් අය දන්නව ඇති මේ දවස් වල ලංකාවෙ අපේ දක්ෂයො ටිකක් එකතු වෙලා ලිනක්ස් OS එකක් රිලීස් කරල තිබෙනව. ඒක තමයි Cylon Linux. උබුන්ටු පාදක කරගෙන තමා මේක නිර්මාණය කරල තිබෙන්නෙ. ඉතින් මමත් ඉතින් මේක භාගත කරගෙන දාල බැලුව. ටොරන්ට් එකක් හරහා තමයි භාගත කරගන්න තිබෙන්නෙ. 2.5GB වෙනම ISO Image එක. පැය 6ක් වගේ කාලයකින් මට නම් භාගත කරගන්න පුළුවන් උනා. මේ තියෙනෙ ඒ ඕඑස් එකට අදාල තාක්ෂණික දත්ත. Package Management : Debian Packager with APT Desktop...