Monday, January 30, 2012

Widgets

අලුත් අවුරුද්ද, අලුත් ජොබ් එක, ISO, උපන්දින, තවත් දේ.

අලුත් අවුරුද්ද ගැන නම් කතා කරන්න හොඳටම පරක්කු වැඩී, ඒත් මොනා කොරන්ඩද, මගෙ මේ මඟුල් කබල් කොම්පියුටරේ එක්ක වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. විනාඩි 5ක වැඩක් කරන්න පැය බාගයක් යනව. පෝස්ට් එකක් ලියන්න ඕනෙ කියල හැමදාම හිතනව, ඒත් මේක දාගත්තම එපා වෙනව, ෆිල්ම් එකක් බලල නිකා ඉන්නව. මේ ලියන්නෙත් නෝට්පෑඩ් එකේ, මේකෙන් කොපි පේස්ට් කරල ගන්නව. 

ඉතින් අලුත් අවුරුද්ද කට්ටියට හොඳ ඇති කියල හිතනව. මට නම් පොඩි පොඩි වෙනස්කම් ටිකක් උනා, ඒත් එච්චර දේවල් නෙමෙයි. 2012, ලෝක විනාසෙ වෙනවයි කියන අවුරුද්දනෙ. මමත් එක දවසක් ලෝක විනාසෙ ගැන ලිපියක් ලිව්ව, කට්ටිය කියෙව්වද දන්නෙ නෑ. ඒක හැබැයි ටිකක් වෙන්ඩ scientific එකක් හොඳේ. 

පරණ අවුරුද්දෙ අන්තිම මාසෙ 9 වෙනිද, මම ජොබ් එක කරමින් උන් මාග ඉංජිනේරු ආයතනයෙන් ඉවත් වෙලා දෙසැම්බර් 12 වනදා අලුත් තැනක ජොබ් එකට ගියා. පෝස්ට් එක නම් එකමයි, Quality Assurance Executive, තැන Lanka Walltiles PLC. මීපේ තිබෙන ලංකා වෝල් ටයිල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ. 
 යාම් ඊම් නම් හරිම පහසුයි. ගෙදර ඉඳන් 1.2km වගේ. මම එතනම Training හිටපු නිසා මට කිසිම කරදරයක් නැතිව වැඩ ටික නම් අල්ලගන්න පුළුවන් උනා. ඒත් තව මදි. ශිෆ්ට් එකට වැඩ කීවට, ශිෆ්ට් එකට නොවන වෙලාවලුත් තිබෙනව. (6.00 - 14.00 හා 14.00 - 22.00 ශිෆ්ට් දෙක පමණයි.) එතනත් අවුලක්, හිටපු QA executive කෙනෙක් යනව. (ගිය සිකුරාද ඉඳල එයා නිවාඩු දාල නැවතුනා.) තව එක්කෙනෙක්ව ගත්ත ජනවාරි වල. ඒත් ඒ මනුස්සය ටයිල් ගැන කිසිම දෙයක් දන්න කෙනෙක් නෙමෙයි. ඉතින් අද ඉඳල මම හා අලුත් එකා එක ශිෆ්ට් එකේ ඉන්නව, ලොකු ප්‍රශ්න ආවෙ නැති උනොත් එච්චරයි. ඌත් පුරුදු වෙලා, තව supervisor කෙනෙකුත් වැඩට අලුතින් ආවම, මම ශිෆ්ට් එකෙන් නිදහස් වෙනව. එතකොට මගෙ වැඩ වෙන්නෙ ISO වැඩ. (ඒ කිව්වෙ, ෆැක්ටරි එක ISO 9001 හා ISO 14001 තත්ව සහතික ලබාගෙන තිබෙනවා, ඒව පවත්වාගෙන යාමට අදාල වැඩ). කොහොම හරි වැඩේ කරගන්න පුළුවන් වෙයි. :)
 
ඒ අස්සෙ කොම්පැනියෙන් මාව යැව්ව ට්‍රේනිං එකකටත් "ISO 9001 and Internal Auditing". බලන්න වෙන කොම්පැනි ඕවට කට්ටිය යවන්නෙ ඒ මනුස්සය permanant එහෙම උනාට පස්සෙ. මේකට ගිහිල්ල මාසයයි යැව්ව ට්‍රේනිං එකකට. :) මේක ගිය සතියෙ SLSI එකේ තිබුනෙ. ඒකෙන් කැම්පස් එකේ Total Quality Management විෂයට ඉගෙනගත්තු අමතක වෙලා ගිය ගොඩක් දේවල් මතක් කරගන්නත්, අලුතින් ගොඩක් දේවල් ඉගෙනගන්නත් පුළුවන් උනා. මමත් දැන් Certified, ISO 9001 Internal Auditor කෙනෙක්. :) හැබැයි එහෙම උනා කියල එක පාරම audit කරන්න යන්න බෑ, observer කෙනෙක් විදිහට audit කිහිපයකට සහභාගි උනාට පස්සෙ තමා මටම audit කිරීමේ හැකියාව ලැබෙන්නෙ.
Quality Mangement පැත්තෙන් ඉස්සරහට යන්න ඕනෙ නම් ඔයාලටත්, SLSI  එකේ තිබෙනව ඉතාම හොඳ පාඨමාලා ටිකක්. එක් දින පාඨමාලා, තෙදින, සතියක, සති කිහිපයක, මාස 6ක ඩිප්ලෝමා පාඨමාලාව. මිල ගණං නම් හරියටම මතක නෑ. 3750, 8500, 11500, 50000 වගේ අවට ගණං තමා පිළිවෙලින්.
 
ඊළඟට, වෝල්ටයිල් එකේ ISO 14001 External Audit (Survelence Audit) එකත් තිබුනෙ ගිය සතියෙ. ඒකටත් මහන්සි උනා. SLSI එකෙන් කට්ටිය ඇවිල්ල Audit කරල බලනව, අපි හරි විදිහට ISO 14001 ක්‍රියාත්මක කරනවද කියල. (ISO 14001 - Environmental Management System - පරිසර කළමණාකරණ පද්ධතිය) ඒකෙත් අවුලක් උනේ නෑ. Minor Nonconformities 3ක් ආව. ඒව හරිගස්සල එයාලට කියන්න ඕනෙ මාස 2ක් ඇතුළත.

ඉතින් මේ හැම වැඩක්ම නිසා ගිය සතිය නම් මාරම බිසී සතියක් උනා.
ඊලඟට, මගෙ උපන්දිනේ පසුගිය 27 වෙනිදට වැටිල තිබුනලුනෙ. :) මට දැන් එතකොට වයස 26ක්ලු. හ්ම්ම්. ටික ටික නාකි වෙනව නේද අපි? :( ඇයි මගෙ හොඳම මිතුරියකගෙ උපන්දිනයකුත් මේ ඊයෙ තිබ්බනෙ. අපේ නිපුසා හෙට්ටිවට්ටගෙ. ;) අන්න එයාටත් සුභ උපන්දිනයක් පතනවා. (මම කතා කොළා, මෙන්න මෙයා කළුතර බෝධිය වඳින්න යනවලු, කොහෙන් ගියාද දන්නෙ නෑ, සිග්නල් තිබුනෙම නෑ. :( සාමාන්‍යයෙන් නම් හොරණ හරහා ගියොත් සිග්නල් නැති තැන් නම් තියෙන්න විදිහක් නෑ. :D )

මම කරගෙන ආපු "Photography සිංහලෙන්" වෙබ් අඩවිය තාක්ෂණික ප්‍රශ්න ටිකක් නිසා වසා දැමුනා. නමුත් අලුත්ම අදහස් ටිකක් හා, අලුත්ම දේවල් ටිකක් එක්ක, අලුත්ම අඩවියක් මේ දවස් වල හදමින් ඉන්නව PhotographyLK නමින්. ඒකෙත් වැඩ ගොඩක් තියෙනව. මාර්තු මාසෙ වගේ දියත් කරන්න තමයි අදහස් කරගෙන ඉන්නෙ.

වැදගත්ම දෙයක් කියන්න තියාගත්ත අන්තිමට. මගෙ ආදරවන්තිය මාළිගාගෙ Research Project එක ගැන ගිය සතියෙ විදුසර (25 වනදා) පත්‍රයේ පිටු බාගයක ලිපියක් ගියා. (පත්තරේ තියෙනව නම් බලන්න, අන්තිම පිටුවෙ (පිට පැත්තෙ) පහළ ලිපිය) ඒ ගැන හරිම සතුටුයි.  ලොකු ජයක් ඒක. එයා ඒක International Journal එකකටත් යවල තියෙන්නෙ, ගිය සතියෙ corrections කරන්න ඕනෙ කරන තැන් කියල ආපහු එවල තිබුන, ඒකත් බොහෝවිට පළ වන්නට ඉඩ තිබෙනවා. ඒත් මේකටත් වඩා විදුසර පත්‍රයේ ලිපියයි වැදගත්, මොකද සාමාන්‍ය මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් ඒකනෙ.
ඒගොල්ලන්ගෙ Convocation එකත් ලබන සතියට යෙදිල තියෙනව. (පෙබරවාරි 7) ඒ දවස තවත් විශේෂයි, එයාගෙ උපන්දිනේ. ලස්සන උපන්දින තෑග්ගක් වගේ. <3

ඔන්න ඕව ගැන තමා බ්ලොගෝලය පැත්තෙ මම ආපු නැති කාලෙ මට සිද්ද වෙච්ච විශේෂ දේවල්. මම ආපු නැති කාලේ එක එක දේවල් මේ පැත්තෙන් වෙලා තිබ්බ කියල වටින් ගොඩින් ආරංචි ආව. බලන්න ඕනෙ ටිකක් වටේ ඇවිදල. කොහෙද, වෙලාව තිබ්බත්, මේ මඟුල් මැසිම එක්ක වැඩ කරන්න හරිම අමාරුයිනෙ.
ඉතින් දැනට නවතින්නම්.
බ්ලොගෝලයේ ඉන්න සියළුම සහෝදර සහෝදරියන්ට ජයග්‍රාහී නව වසරක් ප්‍රර්ථනා කරනව. (පරක්කු උනු එක ගැන සමාවෙන්ට. )

8 comments:

  1. ටිකක් පරක්කු උනත් සුභම සුභ උපන් දිනයක් සමග සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  2. වෘත්තීය වසයෙන් පරිණත වෙන්න ඕනෑම සුදුසු කමයි ඔය 'Hard Skills" ටික මුලදිම ලබාගෑනීම...
    ඊට පස්සේ කාළෙක ඉතිරි 'Soft Skills' ටික සම්පූර්ණ වුණහම ආයේ ඉතින් කොන්ද කෙළින් තියාන වැඩ කල හෑකි...
    සතුටුයි බොහොම මෙහෙම තමන්ට ලෑබ්ච්ච අධ්‍යාපනයෙන් වෑඩක් ගන්න තැනකට සම්බන්ධ වෙන්න ලෑබීම ගෑන මල්ලිට...
    "අනාගතය සරුවේවා" ඉත සිතින්ම සුභ පතමි...

    ReplyDelete
  3. සුබ උපන්දිනයක් වේවා මාධව අයියා !!

    ඉස්සර ඔය ඩුවල් කෝර් කෝටු ඩූ තිබ්බේ නැති කාලවලදිත් අපට පෙන්ටියම් ෆෝ නිකන් කෝටු ඩූ එකක් වගේ. හික්ස් :)

    ReplyDelete
  4. මෙන්න මෙයාට දැනුයි අලුත් අවුරුද්ද ලබලා තියෙන්නෙ.හී හී කමක් නෑ....සුභ අලුත් අවුරුද්දක් වේවා.

    තැන්කූ උපන්දිනේට සුභ පැතුවට.හොරණ පැත්තෙන් තමා හලෝ ගියේ.මක් කරන්නද නෝ සිග්නල්නේ. :(

    ReplyDelete
  5. @රෙප් මහත්තයා: බොහොම ස්තුතියි.

    @තිස්ස දොඩන්ගොඩ: අනිවා ඒක නම් හරියටම හරි, ස්තුතියි සුභ පැතුමට.

    @මධුරංග: ස්තුතියි මල්ලි. මගෙ මැසිම දැන් මල්ලි P3 එකක ස්පීඩ් එක තියෙන්නෙ.

    @නිසුපා: ඔව් අනේ. :( පස්සෙ කතා කරන්නම් කීවට කෝ රීං කළේ නෑනෙ.

    ReplyDelete
  6. සුබ උපන්දිනයක් වේවා අයියා !!

    ඔහොම යං, ඉස්සර නම් P3 කිව්වම ඇස් උඩ යන සයිස්, ඒත් දැන්! කාලය මැවු වෙනසක අරුමෙ!

    ReplyDelete
  7. @ලහිරු: බොහොම ස්තුතියි මල්ලි. හ්ම්ම්. :(

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.