Monday, January 10, 2011

Widgets

මගේ නොමිලේ ලබාදෙන E BOOK එක ලබා ගත්තාද?

ඊයෙ හවස මම මගෙ "ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කෙසේද" කියන ලිපි මාලාව පොතක් වශයෙන් පළ කළා.

එය අවශ්‍ය අය කුමක් කළ යුතුද යන්නත් කිව්ව. 
දැක්කෙ නැති අය ඉන්නව නම් මෙතනින් ගිහිල්ල ඒ ලිපිය බලන්න.

එක් අයෙක් මට කියල තිබුනා එයාගෙ Feedburner Subscription Confirmation Email එක ස්පෑම් ෆෝල්ඩරයට ගිහිල්ල තිබුනා කියල. මටත් හේතුවක් හිතාගන්න බෑ. ඔබටත් මේල් ඒක ආවෙ නැත්තම් පොඩ්ඩක් ස්පෑම් ෆෝල්ඩරය බලන්න. ඊට පස්සෙ මම, පොත භාගත කළ හැකි ලිපිනය පැය24ක් ඇතුලත එවනවා. ඒකත් ආවෙ නැත්තම් ස්පෑම් වලට ගිහිල්ලද කියල බලන්න. ඒ මේල් මම එව්වෙ madhawa86[at]gmail[dot]com කියන ලිපිනයෙන්. කෝකටත් ඒක ඔයාලගෙ contacts වලට එකතු කරගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නෑ අනාගතයට.

පොත කියවල හොඳ නරක කිව්වොත් නම් මම හුඟක්ම කැමතියි.  පොතේ අවුල් තියෙනව නම් ඒව හදල අලුත් සංස්කරණයක් නිකුත් කරන්නත් පුළුවන්නෙ. අනිත් එක බැරි වෙලාවත් මට හිතුනොත් තවත් පොතක් ලියන්න, කට්ටියගෙ ප්‍රතිචාර හොදයි නම් එහෙම.


UPDATE: 
කොන්දේසි රහිතයි. මෙතනින් ගිහිල්ල බාගන්න. 

මගේ ෆීඩ් එකට එකතු වෙන්න මෙතනින් පුළුවන්.


0 comments:

Post a Comment

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.