Thursday, January 13, 2011

Widgets

හීතලට බ්ලොග් ලියවිල්ලත් අඩු වෙලාද???

පුදුම හීතලක් නේද? වෙවුලනවා. අවුරුදු 61කටද කොහෙද පස්සෙ කොළඹට වාර්තා උනු අඩුම උෂ්ණත්වයලුනෙ. සෙල්සියස් අංශක 18ක්. එලියටවත් බහින්න හිතෙන්නෙ නෑ.මේ රෑ ගේට්ටුව වහන්න කියල එලියට බැස්ස, හම්මෝ, මට මතක් උනා අපි සිරීපාදෙ ගිය ගමනක්. ඒකත් ගියේ සීසන් එක පටන් ගත්තුම කාලෙ, දැන් අවුරුදු 2කට ඉස්සෙල්ල ජනේරුවක. එදා තිබ්බ සීතල මීට වැඩි වෙන්න ඇති, නමුත් ඒව මතක් උනා මේ හීතලට.
ඉන්නම බැරි තැන ඇඳුම් කබඩ් එකේ අස්සෙක තිබ්බ දැන් අඳින්නෙ නැති අත් දිග ටී ෂර්ට් එකක් අරන් ඇඳ ගත්ත, ඒකෙ මොන මඟුලක් තිබිලද මන්ද අතක් මුල සිට අගටම කසන්න ගත්ත. ගලවල හොඳට ගසල දාල ආපහු ඇඳගත්ත ඕනෙ එකක් වෙන්න කියල, තාමත් ටික ටික කහනව. :D

හෙට උදෙන්ම ගමනක් යන්නත් තියෙනව, උදේටවත් ටිකක් අව්වක් වැටුනොත් හොඳයි.
ඒකම නෙමෙයි කියන්න හිතුවෙ, තවත් දැක්ක දෙයක්. මේ හීතලටද මන්ද, මේ දවස් ටිකේ ලියවිලා තියෙන බ්ලොග් ලිපි නම් හරිම අඩුයි. වෙනදට මම ලිපියක් රෑ දැම්මම පස්සෙ දවසෙ රෑ වෙනකොට ඒක සිංඩියෙ 2වෙනි පිටුවටත් ගිහිල්ල. නමුත් අද ඒක තවමත් මුල් පිටුවෙ. ඊයෙත් ලිපි හරිම අඩුයි. වෙනද තරම් මට කියවන්න ආස දේ ගැන ලියවෙන ලිපි ටිකක් අඩු වෙලත් වගේ. මම වැඩිපුර කියවන බ්ලොග් ලියන බ්ලොග්කරුවන් ලියන එක අඩු කරලවත්ද???
කෙසේ වෙතත් හොඳ දේ ලියන්නත් කියවන්නත් මම කැමතියි, ඉතින් ලියවිල්ල නවත්තල එහෙම ඉන්නවා නම් මගෙ බ්ලොග් මිතුරන් ආරාධනා කරනවා, යළිත් ලියන්නට.
බ්ලොග් 1000කට වඩා තිබෙන සිංඩියක් මීට වඩා ක්‍රියාකාරී විය යුතුයි නේද?
එහෙනම් මම ගියා....

5 comments:

  1. බ්ලොග් ලියවිල්ල අඩු තමා අනික net slow na aka nisda dana naha kahuruvat Post dala natha :( mata syndi karnvath bari vanna net slow syndi Tika davskta Vahanna Inna net slow nisa a patha yanna baha apita

    ReplyDelete
  2. කොහොම හරි කමක් නෑ, උඹ ආයෙත් ආපු එකනම් ලොකු දෙයක් මචං.

    ReplyDelete
  3. @Ano: අනේ මන්ද.

    @Prassanna: ආයෙත් අහල. :)

    ReplyDelete
  4. අපිට නම් මේ දවස්වල වැඩ නිසා එච්චර මොකුත් ලියන්න වුණේ නැහැ අයියා. අනික දැන් සීතලක් තිබ්බද කියලවත් හිතාගන්න බැරි තරමට පායනවානේ

    ReplyDelete
  5. ඔව් එහෙම එක එක හේතු තියෙන්න ඇති. නමුත් ඒ බ්ලොග් ලියවිල්ල aඅඩු එක තාමත් ට්ක ට්ක තියෙනව පේනව.
    කොහොම හරි, එදා ලංකාවට අවුරුදු 60කට පස්සෙ වැඩිපුරම සීතල උනු දවස කියල මම පස්සෙනෙ දැනගත්තෙ. :)
    දැන් නම් පායනව තමා කරවෙන්න, ඒත් ඔන්න අද වැස්ස. :D

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.