Monday, February 15, 2010

ලෝකය වටා සිටින ව්‍යවසායකයන් සමඟ සම්බන්ධ වන්න



දවස් කිහිපයක් තිස්සෙ මට සෙම්ප්‍රතිශ්‍යා උණ, තාම සනීපයක් නෑ, ඒත් ඉතින් පොඩ්ඩක් මේ පැත්තත් බලන්න එපැයි.
ලෝකය වටා සිටින ව්‍යවසායකයන් (entrepreneurs) සමඟ සම්බන්ධ වන්න කැමති නම් මෙන්න ගැළපෙන වෙබ් අඩවියක්. මේකත් ටිකක් ට්විටරය වගේමයි. හැබැයි මේකෙ ඉන්නෙ පට්ට ඩයල්ස්. ලෝකෙ ලොකු ලොකු කස්ටිය මේකෙ ඉන්නව, ඔයාල කරන දේවල් සම්බන්ධයෙන් උපදෙස් ගන්න, අළුත් අළුත් අදහස්, නව නිර්මාණාත්මක අදහස්, ලබා ගන්න පුළුවන් මේ හරහා. ප්‍රශ්න අහන්න, ප්‍රශ්න වලට උත්තර දෙන්න, ඔය වගේ වැඩ කරන්න පුළුවන් මේ වෙබ් අඩවිය හරහා.










මේ තියෙන්නෙ මගෙ පිටුව.






ගිහිල්ලම බලන්නකෝ.
http://sprouter.com/

http://sprouter.com/madhawa

Saturday, February 13, 2010

Skysa - ඔබේ වෙබ් අඩවියට/බ්ලොග් අඩවියට Social Bar එකක් ඇඩ් කරගන්න.



මේක නම් අළුත් දෙයකුත් නෙමෙයි, ඔයාල දැකල ඇති අපේ කට්ටියගෙ බ්ලොග් අඩවි හුඟක යටින් හරි උඩින් හරි ටූල් බාර් එකක් වගේ Social Bars. මේ වෙබ් අඩවියත් එහෙම සේවාවක් ලබා දෙන අඩවියක්.




පේනව නේද යටින්ම තියෙන බාර් එක? අන්න ඒ වගේ එකක් තමා ඔයාලටත් ලැබෙන්නෙ.
‍
මේකෙ තියෙන අංග වලින් සමහරක් තමයි, Announcements, Chat Room, Comments, Facebook Fan Page, Flickr Photo Gallery, Friends IM App, Map and Directions (Google), RSS Feed, Search, Share (By Addthis), Translate. තව දේවල් තියෙනව.


මෙන්න වෙබ් අඩවිය, ගිහිල්ලම බලන්නකො.
http://www.skysa.com/
ඒකෙ තියෙන features මෙන්න මෙතනට ගිහිල්ල බලන්න.
http://www.skysa.com/features.htm

Sunday, February 7, 2010

විභාග ඉවරයි - යළි බ්ලොග්කරණයට...

විභාග වැඩ ඔක්කොම ඉවරයි, දැන් ඉතින් ටික කලයක් ටිකක් නිදහසේ හිටියැකි. ඒ අතරෙ බ්ලොග් එකටත් ලිපි ටිකක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නව, විශේෂ ලිපි ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනව web 2.0 තාක්ෂණය භාවිතා වන වෙබ් අඩවි ටිකක් ගැනත් කියන්න හිතාන ඉන්නව.
එහෙනම් ඉදිරියට මගෙ ලිපි පෙළක් බලාපොරොත්තු වන්න.

Wednesday, January 27, 2010

Google Docs, File Storage මාධ්‍යක් ලෙස භාවිතා කරන්න

Google Logo

GDrive ගැන අහල නැති අය නම් මේකෙන් හුඟක් සතුටු වෙයි.
Google Docs වල වැඩි දියුණු කිරීමක් වෙලා තිබෙනව, දැන් Google Docs වලට ඕනෑම ෆයිල් ජාතියක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ෆයිල් එකක විශාලත්වය 250MB වලට යටත්ව, 1GB දක්වා ඉඩ ප්‍රමාණයක් මේ සඳහා ඔබට ගූගල් විසින් ලබා දෙනව. එක පැත්තකින් පෙන් එකක් අරන් යනවට වඩා මේක හරිම ලේසි වැඩක්නෙ, නේද?
ඔබට ඒ ඉඩ ප්‍රමාණය මදි නම්, වසරකට 1GB වලට ඩොලර් 0.25 බැගින් ගෙවල වැඩි ඉඩ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්.
Chrome OS එකත් එක්කම ගූගල් විසින් යම් ආකාරයේ Cloud Storage විසඳුමක් ලබා දීමේ ආරම්භයක් ලෙස මෙම අවස්ථාව හිතන්න පුළුවන්.



Monday, January 25, 2010

කොටස් වෙළඳපළ ආයෝජනයට බිය විය යුතුද?



උත්තරය හරිම සරළයි, නෑ. කිසිම විදිහකින් බියවිය යුතු නෑ.


සමහරු මේ වැඩේට බය වෙන්න හේතු වෙන දේවල් කිහිපයක් තිබෙනව. එයාල මෙන්න මෙහෙම හිතන අය.
  1. මේක කරන්න පූළුවන් ලොකු ලොකු සල්ලි කාරයන්ට විතරයි.
  2. මේව කරන්න ගිහින් මගෙ අතේ තියෙන තුට්ටුවත් නැති වෙයි.
  3. කොටස් වෙළඳපළ තියෙන්නෙ කොළඹ ලොකු බිල්ඩිමක, මම වගේ පොඩි එකෙක්ට ඒ වගේ තැනකට යන්න බෑ. එතනට යන්න පුළුවන් ලොකු ලොකු බිස්නස් කාරයො විතරයි.
  4. මම ඉන්නෙ කොළඹ නෙමෙයි ඒක නිසා මේක මට බෑ.
  5. මම ඉංග්‍රීසි දන්නෙ නෑ, ඒ නිසා මට මේව තේරෙන්නෙ නෑ.
  6. මට ගිණුම්, ආර්ථික විද්‍යාව, මේ වගේ දේවල් ගැන කිසිම දැනුමක් නෑ.
ඔන්න ඕව තමා සාමාන්‍ය කෙනෙක්ට කොටස් වෙළඳපළ ආයෝජනය සම්බන්ධයෙන් තියෙන බයට හේතු වෙන දේවල්, තව දේවලුත් ඇති, මට දැනට මතක් උනේ මෙච්චරයි. 
හරි, බලමු මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක්.
  1. අතේ තියෙන ඕනෙම ගාණනින් මේ වැඩේ පටන් ගන්න පුළුවන්.
  2. එහෙම නැති වෙන්නෙ නෑ, මොකද ඔයාට උපදෙස් දෙන්න ගොඩක් අය ඉන්නව, එයාල ඔයාව අමරුවෙ දාන්නෙ නෑ.
  3. හය්යෝ, බිල්ඩිම ලොකු උනාට, නම ලොකු උනාට (ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිව්වන මහලෙනෙ කොළඹ කොටස් වෙළඳපළ තියෙන්නෙ.) ඕනෙම කෙනෙක්ට එතනට යන්න තහනමක් නෑ.
  4. කොළඹ කොටස් වෙළඳපළේ ශාඛා 5ක් ලංකාව වටේ තියෙනව, තැරැව්කාර ආයතන වලත් ශාඛා කොළඹින් පිටත් තියෙනව. ඔයාලට එයාල මාර්ගයෙන් අවශ්‍ය විස්තර ලබාගන්න පුළුවන්.
  5. ඉංග්‍රීසි වල ප්‍රශ්නය එන්නෙ CDS ගිණුම ආරම්භ කරන්න ගියාම පුරවන්න තියෙන පෝරම සියල්ල ඉංග්‍රීසියෙන් තිබීම නිසා ඇතිවන ප්‍රශ්නය විතරයි. ඒක උනත් එච්චරම ප්‍රශ්නයක් නෙමේ, තැරැව්කාර ආයතනයෙන් ඒකටත් උදව් ගන්න පුළුවන්. නැත්තම් ඉංග්‍රීසි දන්න යාළුවෙක් ලවා පුරවගන්නකො. ඊට පස්සෙ කරන ඕනෙම දෙයක් සිංහලෙන් හෝ දෙමළෙන් කරන්න පුළුවන්.
  6. ඒව ගැන එහෙම විශේෂ දැනුමක් ඕනෙ නෑ, ටික කාලයක් යනකොට කොටස් වෙළඳපළ ගැන ඔබට ටික ටික තේරේවි. අර කිව්ව වගේ දේවල් වලින් යම් වාසියක් වෙනව, නමුත් ඒව දන්නෙ නෑ කියල ලාභ ලබන්න ඒක බාධාවක් නෙමෙයි.
ඔයා හුඟක්ම බය නම්, පොඩි හරි අවදානමක් ගන්න බය නම්, ඒකක භාර වගේ දෙයක් හරහා කොටස් වෙළඳපළට එකතු වෙන්න, ඒ ගැන දැනගන්න http://www.utasl.lk යන්න. 


මෙන්න මේක මට අද හම්බ වෙච්ච වෙබ් සයිට් එකක්, සමහරවිට ඔයාලට මේකෙනුත් උදව්වක් ගන්න පුළුවන් වෙයි, ගිහිල්ලම බලන්නකො. http://www.marketprices.lk/


පැරණි ලිපි කියවන්න.






Sunday, January 24, 2010

Avast වයිරස් ගාඩ් එක Google Pack එකට එකතු වෙයි

සතියක් විතර පරණ තොරතුරක්. ගූගල් පැක් එකත් සමඟ Avast Free Antivirus මෘදුකාංගයත් දැන් ගූගල් මගින් දෙනව. තාම Czech, French, German, Italian, Polish, Portuguese, Russian, හා Spanish කියන භාෂා 8 එක්ක විතරයි දෙන්නෙ. ට්‍රයි කරල බලන්නකො ඒ භාෂාවකින් පැක් එක බාල. 
මේකෙන් වැඩිපුරම බලාපොරොත්තු වෙන්නෙ Avast වලට තියෙන තැන ටිකක් උස්සල දෙන එකයි, තව පරිගණක කිහිපයක හරි මේ නිසා ඒක ස්ථාපනය වේවිනෙ.




අසාමාන්‍ය දෙයක් තමයි Avast නැතුව Spyware Doctor with Anti-Virus එක ගූගල් පැක් එක ඉංග්‍රීසි වලින් ඕනෙ කෙනෙක්ට දෙන එක. 

Saturday, January 23, 2010

කාලෙකට පස්සෙ

ඔන්න කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව, මාසෙකින් විතර පෝස්ට් එකක් දාන්න බැරි උනානෙ. මේ විභාග ඉවර වෙන්නෙම නෑ නෙ. මට විභාග ඉවර වෙන්නෙ පෙබරවාරි 6. පහුගිය ටිකේ ඒවට ලෑස්ති වෙනව මිසක් අඩු ගානෙ හරියකට සින්ඩිය පැත්තෙවත් යන්න බැරි උනා.
ඡන්දෙ නිසා සතියක නිවඩුවක් සෙට් උනා, ඒ උනාට ඊළඟට තියෙන ඒවටත් ලෑස්ති වෙන්න එපැයි. පුළුවන් උනොත් හෙට වගේ පෝස්ට් එකක් දාන්න ඕනෙ. මගෙ මේ බ්ලොග් එකේ හා Photography බ්ලොග් එකේ පාඨකයො (මේක නම් එච්චර වැදගත් නෑනෙ, Photography එක තමා වැදගත්ම) මා එක්ක තරහ නැතුවැතිනෙ නේද?
කොහොම හරි මේ වැඩ අස්සෙත් පොඩි වැඩක් කළා, මේ දවස් වල ජනාධිපතිවරණ උණුසුමනෙ, හැදුව Poll එකක් (පෙරෙයිද හැදුවෙ). ඔයාලත් ගිහිල්ල පොඩ්ඩක් බලල, vote එකක් දාල යන්නකො.
මෙන්න ලින්ක් එක.
http://madhawa.lkwebhost.com/index.php/cast-your-vote


ඕක දාල තියෙන මගෙ සයිට් එක නම් තාම Under Construction, ඒව ගැන හිතන්නෙ නැතුව vote එකක් දාන්නකෝ.
එහෙනම් දැනට්ංඅ අති, මම ගිහිල්ල එන්නම්.

Friday, January 1, 2010

සුභ නව වසරකට ආසිරි!!!




මාගේ සියළුම පාඨකයන්ටත්, සියළුම සිංහල බ්ලොග්කරුවන්ටත්, සියළුම ලක් වාසීන්ටත්, සියළු ලෝ වැසියන්ටත් තම සිතුම් පැතුම් ඉටුවන, සාර්ථකත්වයේ වසරක් වේවා, මේ නව වසර....