Sunday, February 8, 2015

Widgets

අලුත් බජට් එක හා ත්‍රීවීල්/බස් ගාස්තු


ඔන්න ඉතින් අලුත් බජට් එකෙන් පෙට්‍රල් ඩීසල් මිල අඩු උනාලුනෙ.
ඒ නිසා කට්ටිය කතා වෙලා ත්‍රීවීල් ගාස්තු අඩු කළා. බස් ගාස්තු අඩු කළා. 

මාර කේස් එක කියන්නෙ දැන් කොන්දොස්තරලයි ත්‍රීවීල් කට්ටියයි කියන විදිහට ඉස්සර තිබ්බ ගාස්තු ඉස්සර තිබ්බ ගාස්තු වලට වඩා වැඩියිලු.
තේරුනේ නැද්ද මන්ද. 

මගෙ ගෙදර කට්ටියට උනු සත්‍ය උදාහරණ දෙකක් ගන්නම්.

  1. බජට් එකට ඉස්සෙල්ල අපේ ගෙදර ඉඳල බස් එකේ කොට්ටාවට යන්න ටිකට් එක රු.34යි. (ඒ කියන්නෙ ඉතින් 35යිනෙ, මොකද ඉතුරු රුපියල ඉතින් උන්ගෙ සාක්කුවටනෙ) බජට් එකෙන් පස්සෙ ඒ දුර යන්න ටිකට් එක රු.35යිලු!!! එතකොට ඉස්සෙල්ල ගාස්තුව??? ඒක රු.37යිලු. 37 දැන් 35ට අඩු වෙලාලු. 
  2. ඉස්සර පාදුක්කෙ ඉඳල අපේ ගෙදරට ත්‍රීවීල් ගාස්තුව රු.100යි. බජට් එකෙන් පස්සෙ ඒක රු.100-120 අතර ගාණක් වෙලා. එතකොට ඇහුවම "ඉස්සෙල්ල රු.100යිනෙ දැන් අඩු නැද්ද?" කියල. උන් කියනවලු කොහෙද 100ට ගියේ කියල. දැන් 100 කියන එකා කියනවලු ඉස්සර 120යි කියල. දැන් 120යි කියන එකා කියනවලු ඉස්සර 140යි කියල. තව ඌ ගණං හදන්නත් එනවලු. 


මොකාටද ඉතින් මේව කියන්නෙ.

එතකොට බජට් එකෙන් අපිට ඩබල් පාඩු, ත්‍රීවීල්/බස් කාරයින්ට "ඩබල් වාසි".

අනේ කාලේ වනේ වාසේ කිව්වලු. :D 

8 comments:

  1. I had the same experience with some three wheel guys..Duka thama :(

    ReplyDelete
  2. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. මෙහෙමත් රටක්

    ReplyDelete
  3.  මම කියන්නේ ඔක්කොම නවත්තලා ත්‍රිවිල් එකක් පාරට දැමිමනං හරි

    ReplyDelete
  4. ඉස්සර නම් බෝඩිමේ ඉඳන් ඔෆිස් එකට 200/-
    දැන් 150/-

    මෙහේ ගාස්තු නම් අඩු කරලා.

    ReplyDelete
    Replies
    1. සමහරු අඩු කරල, සමහරු අඩු කරල නෑ.
      සමහරු හරියට අඩු කරල, සමහරු බාගෙට අඩු කරල.
      මම අද ගමනක් ගියා. යන්න 15යි, එන්න 18යි බස් ගාස්තු. (ඉස්සර 20යි)

      Delete
  5. සංශෝධනය වෙච්ච ගාස්තු සටහන් කරපු පත්‍රිකා බස් වල ප්‍රදර්ශනය කරන්නෙ නෑ වගේ මේ පාර. ඒවා කරන්නෙ ගාණ වැඩි වුණහම විතරයිනෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. ඔව්. හැබැයි මම එකම එක බස් එකක දැක්ක දාල තියෙනව. හැබැයි පරණ එකක්ද දන්නෙ නෑ. :(

      Delete
  6. සහතික ඇත්ත.ඊයේ සීනි කිලෝ එකක් ගන්න කඩේ ගියා.බිලට 110ක් දාලා.ඉස්සරත් 110යි.දැනුත් 110යි ඇයි රුපියල් දහයක් අඩුවුනා නේද ඇහුවාම කියනවා නෑ නෑ ඉස්සෙල්ලා 120යි.ජන්දෙන් පස්සේ 110යි කියලා.මොනවා කරන්නද ඉතින්. රුපියල් දහයක සීනි අයින් කරගන්න කියලා 100ක සීනි ගෙනාවා.යහපාලනය සහ යක්කුපාලන කියන්නේ ඕං ඕවට

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.