Monday, November 2, 2020

Widgets

Memento Database භාවිත කර පුද්ගලික පුස්තකාලයේ පොත් සූචිගත කරගනිමු


මම මීට පෙර ලිපියක කතා කළා මගෙ පුද්ගලික පුස්තකාලය නිර්මාණය උනේ කොහොමද කියල හා එහි පොත් සූචිගත කරන්න ගත්තු උත්සාහයන්. මෙතනින් ඒ ලිපිය බලන්න ඔයාලට පුළුවන්.

ඒ ලිපිය ඉංග්‍රීසියෙන් ලිව්ව එකක් නිසා පොඩ්ඩක් ආපහු ඒ ගැන මම කියන්නම්. මම පොත් සූචිගත කරන්න ගත්තු උත්සාහයන් මොනවද කියල.

මුල්ම කාලෙ, ඒ කියන්නෙ මම 9 වසරෙ වගේ ඉන්නකොට තමා පුස්තකාලයක් කියන අදහස එක්ක මම දෙයක් කරන්න ආරම්භ කළේ. එතකොට මම කලේ CR පොතක් අරගෙන පිළිවෙලට අංක යොදමින් පොත් වලට විස්තර වගුවකට එකතු කළ එක. පොතේ නම, කතුවරයා, ප්‍රකාශකයා, මුද්‍රණ වර්ෂය, මුද්‍රණ වාරය, මිල, මිලට ගත් දිනය, පිටු ගණන වගේ දේවල් තමා ඒ වගුවේ ඇතුළත් උනේ. මේවාට අමතරව මම තව එක් දෙයක් එකතු කළා, Category number එකක්. 

මම ඒ වර්ගීකරණය කළේ, History, Literature, Science, General Knowledge, Religion කියන ප්‍රවර්ග වලට. ඒකට වෙනමම අංකයක් දාගෙන ගියා. උදා: බෞද්ධ පොතක් නම් 123 කියල ප්‍රධාන සූචිගත අංකයට අමතරව RL005 කියල වගේ Category Index Number එකක් දැම්ම. 

අවුරුදු කිහිපයකට ඉස්සෙල්ල මට ඕනෙ උනා මේක Digitalize කරන්න. ඉතින් මම කළේ, Google Sheet එකක මගෙ ඩේට බේස් එක හදාගත්තු එක. ඒත් ඒකෙ විවිධ ප්‍රශ්න තිබ්බ. ඒකත් අසාර්ථක උනු තැන මම MS Excel වලට මාරු උනා OneDrive එකෙන් Cloud Sync කරල. ඕක මම ගිය සැප්තැම්බර් වෙනකම්ම කරගෙන ගියා. 

ඕව කරන අතරතුරේ මම PC Software, Android Mobile Software, Cloud based platforms විවිධ ඒව ට්‍රයි නොකර හිටියෙ නෑ. ඒත් එකක්වත් මට හරි ගියෙ නෑ. මොකාක් හරි මට අවශ්‍ය දෙයක් නෑ. 

එහෙම ට්‍රයි කරපු android apps වලින් මට හොඳම කියන්න පුළුවන් 3 තමයි මේ. 

  1. My Library
  2. Handy Library
  3. Liblib

ගිය සැප්තැම්බර් වල ආපහු අවශ්‍යතාව පැනනැඟුන. ඉතින් ආපහු මුල ඉඳල හොයාගෙන යනකොට "Memento Database" කියන ඇප් එක හම්බුනා. ඒක මට ඕනෙ විදිහට customize කරගෙන මම දැන් දිගටම භාවිතා කරනව. මේක තෝරාගන්න මට හේතු උනු ප්‍රධානම කරුණ තමයි, දැනටමත් මම පොත් ලැයිස්තුවක් excel sheet එකකට එකතු කර තිබීම හා එය කෙලින්ම මෙම ඇප් එකට import කිරීමේ හැකියාව. 

ඒ ගැන දැන් කතා කරන්නම්.

https://mementodatabase.com/
Add caption

මෙන්න ලින්ක් එක. https://mementodatabase.com/

මේකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේකෙ paid version එකක් තියෙනව. Free version එකෙන් වැඩේ ගොඩ දාගන්නෙ කොහොමද කියල මම කියන්නම්.

Google Play Store/Apple App Store එකට ගිහිල්ල මොබයිල් ඇප් එක දාගන්න ෆෝන් එකට, උඩ වෙබ් අඩවියට ගිහිල්ල PC app එක ඩවුන්ලෝඩ් කරල දාගන්න පරිගණකයට. (දෙකෙන් එකක් ඇති, අවශ්‍යතාව අනුව තමා ඉතින්.)

Add New Library කියන එකට ගිහිල්ල Collections කියන එක තෝරන්න. ඒකෙන් Books කියන එක තෝරන්න. 


ඊට පස්සෙ Books Database එකක් හදන්න form එකක් එනව. ඒකට ඕනෙ කරන විස්තර හා ඔයාගෙ අවශ්‍යතා ඇතුළු කරල උඩ වම් පැත්තෙ තියෙන Tick Mark එක ක්ලික් කළාම ඔයාගෙ library එක create වෙනව. ඔයාට ඇතුළත් කළ යුතු data fields වෙනස් කර ගැනීමේ හැකියාවකුතු තියෙනව, Fields Tab එක හරහා. මම Index Number, Category Number කියල දෙකක් එකතු කරගත්ත. 


ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ පොත් එකතු කරන්න. 


ඔයාලට මම උඩදි කිව්වනෙ මම මේ ඇප් එක තෝරාගන්න ප්‍රධානම උනු හේතුව. මගෙ ලභ දැනටමත් මගෙ පොත් එකතුවේ තොරතුරු excel sheet එකක තියෙන එක.

මේ ඇප් එක අපේ Google Drive එකට sync කරන්න පුළුවන්. ඉතින් මම කළේ මගෙ Google account එක මේ ඇප් එකට link කරල, එක පොතක විස්තර මේ ඇප් එක හරහාම ඇතුළත් කරල ඒ තොරතුරු Google drive එකත් එක්ක sync කළ එක. එතකොට මගෙ G drive එකේ Google Sheet එකක් create වෙලා අදාල තොරතුරු ඔක්කොම එකතු වෙනව. 

ඊට පස්සෙ මම කළේ, මගෙ ගාව තියෙන excel sheet එකේ data ටික ඔක්කොම අලුත් ෆෝමැට් එකට ගැළපෙන විදිහට සකසල ගෙඩිය පිටින්ම copy and paste කළ එක Google sheet එකට. 

ඊට පස්සෙ ඇප් එක ඕපන් කරල sync කළ ගමන්, ඔක්කොම ෆෝන් එකේ. විනාඩි කිහිපයකින් ඔක්කොම අලුත් සිස්ටම් එකට move කරගන්න මට පුළුවන් උනා, මෙන්න මේ වගේ.

ඉතින් මගෙ පොත් වලට එක library එකකුයි, මගෙ පුතාගෙ පොත් වලට තව library එකකුයි මම මේ ඇප් එකේ create කළා. (free version එකේ database 3යි හදන්න දෙන්නෙ උපරිම). පුතාගෙ එකට නම් පොත් විස්තර තවම එකතු කළේ නෑ මොකද ඒකෙ දැනට database එකක් නැති නිසා.

හරි. දැන් තියෙන්නෙ අඩු පාඩු හදන්න. 

ප්‍රධානම දේ පොතේ කවරය. 

මේ ඇප් එකේ free version එකේ මුළු Cloud Storage capacity එක දෙන්නෙ 50MB. ඒකෙ තමයි මුලින්ම book covers සහ database data සේව් වෙන්නෙ. ඒ ප්‍රමාණයම තමා Google drive එකෙනුත් ගන්නෙ. 

පොත් වල කවර ෆොටෝ අරගෙන මේකට නිකම්ම අප්ලෝඩ් කළොත් පොත් 50කවත් කවර දාන්න බැරි වෙනවනෙ. 

ඉතින් මම කළේ, මුලින්ම පොත් වල කවර වල ෆොටෝ ෆෝන් එකේ කැමරාවෙන් අරගෙන default photo editing tool එකෙන් ගානට crop කරගත්තු එක. ඊට පස්සෙ මම ෆෝන් එකට දාගත්ත "Lit Photo" කියල android app එකක්. වෙනත් සුදුසු එකක් උනත් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. මේ ඇප් එකෙන් ගත්තු ඔක්කොම ෆොටෝ වල එක පාරම size/quality reduce කරන්න පුළුවන්. 

Compress Photos option එකට ගිහිල්ල, ඔක්කොම ෆොටෝ ටික සිලෙක්ට් කරල, Size 30KB වගේ දීල photos ඔක්කොම කම්ප්‍රෙස් කළා. 


ඊට පස්සෙ අන්න ඒ ෆොටෝ ටික ඇප් එකට අප්ලෝඩ් කළා. 

නිකං ගණන් හදල බලන්නකො. 50MB/30KB = පොත් 1700ක වගේ ෆොටෝ දාන්න පුළුවන්. ඊටත් වඩා පොත් තියෙන, පොත් එකතුවක් හදාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, තවත් ෆයිල් සයිස් එක අඩු කරන්න. 

ඒව අප්ලෝඩ් කළාට පස්සෙ ඇප් එකේ පෙනුම මේ වගේ. 



මේ ඇප් එකේ තව ගොඩක් පහසුකම් තියෙනව. හොයල බලන්න, කරල බලන්න. 

මේකෙ මම තවත් කැමති ඔප්ෂන් එකක් තමයි, පොතක සියළු විස්තර ඕනෙ කෙනෙක් එක්ක පහසුවෙන්ම ශෙයා කරන්න පුළුවන් පහසුකම. (email, viber, whatsapp, sms, etc හරහා)


ඔයාගෙ පුස්තකාලය තුළ පොතක් තියෙනවද කියල හොයාගන්න ඕනෙ නම් පොතේ නම, කතුවරයා, වෙනත් තොරතුරු හරහා search කරන්න පුළුවන්. නැතිනම් අතේ තියෙන පොතක නම් ඇප් එකෙන් bar code එක ස්කෑන් කරල බලන්නත් පුළුවන්. 

පොතක් කවුරුහරි ඉල්ලගත්තොත්, ඒක මේකෙ ඇතුළත් කරන්න පුළුවන් වගේම, reminder එකක් set කිරීමේ හැකියාවත් තියෙනව. 

මේ ඇප් එකේ තියෙන දුර්වලකමක් දැන් කියන්නම්. මේ ඇප් එකට තොරතුරු එකතු කරන්න පුළුවන් උනාට Bar Code එක ස්කෑන් කරල, 95%ක්ම වගේ සිංහල පොතුත්, 5%ක් වගේ ඉංග්‍රීසි පොතුත්, ඒ search කරන Books database වල නෑ. සිංහල පොත් නම් හුඟක් ඒවයෙ නෑ. ඒත් මම ඒක අමතක කළේ අනිකුත් ගොඩක් පහසුකම් මට ලැබුණු නිසා. 

දැන් මගෙ පුස්තකාලෙ පොත් වල විස්තර මට ඕනෙ වෙලාවක ඕනෙ තැනක ඉඳන් බලන්න පුළුවන්. (ගෙදර ලැප්ටොප් එකේදි PC App එකෙන්, On the Go Mobile App එකෙන්, මොකක් හරි පරිගණයකකින් Google Drive එකේ තියෙන Google Sheet එකෙන්.)

එහෙනම්, ඔයාලත් ඔයාලගෙ පොත් එකතුව ලැයිස්තුගත කරන්න හොඳ ක්‍රමයක් තාමත් හොය හොය ඉන්න කෙනෙක් නම්, මේක ගැනත් සළකල බලන්න ආරාධනා කරනව. 

මම මේක රෙකමෙන්ඩ් කරන්නෙ මගෙ අවශ්‍යතා ගොඩක් මේක සපුරපු නිසා. (ප්‍රධානම දේ excel sheet එක importing හැකියාව හා cross platform compatibility)

Happy Reading..... Good Luck. 

1 comment:

  1. It's really worthy article. Thank you for sharing your knowledge with everyone.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.