Wednesday, November 20, 2013

Widgets

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 4 - අනාගතය

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 
ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 2 - හැකියාවන්
ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 3 - වර්තමාන තත්වය

ඉස්සෙල්ල ලිපියෙන් කතා කළානෙ ඔබ වර්තමානයේ ඉන්නා තත්වය අනුව වෘත්තිය තෝරා ගන්නා ආකාරය. අද කතා කරමු, ඔයාගෙ අනාගතය ගැන හිතල වෘත්තියක් තෝරාගන්නා ආකාරය. 

1. ඔබට පහසුවෙන්ම ලඟා විය හැකි රැකියා අවස්ථා සළකා බලන්න.
මුලින්ම බලන්න ඕනෙ ඔයාලට පහසුවෙන්ම ඇතුළු වෙන්න පුළුවන් රැකියා අවස්ථා තිබෙනවාද කියල. මේ කියන්නෙ ඕනෙ කරන සුදුසුකම් හා යම් සම්බන්ධයක් තිබෙන රැකියා අවස්ථා.
උදා: ඔබගේ දෙමාපියන්ගේ, නෑදෑයෙකුගේ, මිතුරෙකුගේ ව්‍යාපාරයක් සඳහා සේවය කිරීම, යම් සබඳකමක් මත ලබා ගන්න පුළුවන් රැකියාවක් වගේ දේවල්. 
ඔයාට ඇතුළු වෙන්න පුළුවන් තැන් සීමාසහිත වගේ නම් පහසුවෙන්ම ඉක්මනින්ම ඇතුළු වෙන්න පුළුවන් එකක් තමයි හොඳම විකල්පය.

2. ඔබගේ අනාගත මූල්‍යමය ආරක්ෂාව සළකා බලන්න.
රැකියාවක් සොයනකොට මේක අනිවාර්යයෙන්ම සළකා බලන්න අවශ්‍ය දෙයක්. අපි රැකියාවක් සොයන ප්‍රධානම අවශ්‍යතාවය මුදල්නෙ. ඉතින් අනාගතයේදී අපේ හා අපගේ පවුලේ අවශ්‍යතා සපුරන්න හැකිවන තරම් මුදලක් අපේ අතට එන ආකාරයේ රැකියාවක් අපි සොයාගන්න ඕනෙ.  
මේකෙන් අදහස් වෙන්නෙ නෑ මහ ගොඩක් මුදල් තිබෙන්න ඕනෙ කියල හෝ වෙනත් කෙනෙක්ට අවශ්‍ය තරමක් මුදල් තිබෙන්න ඕනෙ කියල. මේ කියන්නෙ ඔබගේ හා ඔබගේ පවුලේ අවශ්‍යතා සපුරාගන්න මුදල් තිබිය යුතුයි කියන එකයි.

3. ඔබගේ අනාගත රැකියා ස්ථාවරත්වය ගැන සිතන්න.
ඔබ රැකියාවක් තෝරාගන්නකොට ඔබ හිතල බලන්න ඕනෙ මේ රැකියාව හැමදාම පවතින එකක්ද කියල. ඒ කියන්නෙ, සමහර රැකියා තිබෙනව, කාලෙකට ලොකු ඉල්ලුමක් තිබෙන, කාලෙකට ඉල්ලුම ගොඩක් අඩුයි. ඉතින් ස්ථාවර රැකියාවක් කියන්නෙ හැමදාම පවත්වාගෙන යා හැකි ඉල්ලුමක් තිබෙන රැකියාවකට.
උදාහරණයකට ඔබ කතුවරයෙක් වෙනව කියල හිතමු. (Freelance Creative Writer) කාලෙකට ඔයාට ඉහටත් උඩින් වැඩ ලැබෙන්න පුළුවන්, නමුත් කාලෙකට වැඩ නැත්තටම නැති වෙන්න පුළුවන්. තවත් උදාහරණයක් ගුරුවරයෙක් සළකමු. ගුරුවරයා කියන රැකියාවට සැමදාම ඉල්ලුමක් තිබෙනවා. 

4. හොයල බලන්න.
ඔබගේ හැකියාවන හා සුදුසුකම් අනුව ඔබට යන්න පුළුවන් රැකියාවන් ගැන හිතාගන්නට ඔබට අපහසු නම්, ඔබට පුළුවන් හොයල බලන්න. අන්තර්ජාලයේ නම් හොයාගන්න පුළුවන් ඒ ඒ සුදුසුකම් අනුව ගැළපෙන රැකියාවල් වල ලැයිස්තු.


තවත් ඉඟි

  • ඔබ දැනට කරන රැකියාවට අකමැති නම් එය මාරු කරන්න. සමහරක් විට ඒ හරහා ඔබට වැඩ වැඩි වෙන්න පුළුවන්. නමුත් ඔබට උත්සාහ කරන්න පුළුවන්.
  • කාටවත්ම එක පාරම තමන්ට ගැළපෙන වෘත්තිය තෝරා ගන්න බෑ. ඒකට ටික කාලයක් යන්න පුළුවන්. ඔබටත් එහෙම වෙලා ඇති අනිවාර්යයෙන්ම, නමුත් ඒ ගැන දුක් වෙන්න එපා. ඔබට විතරක් උනු දෙයක් නෙමෙයි ඒක. ඉතින් ඒ ගැන හිතන්න එපා.
  • ඔබ කරන්න ගත්තු රැකියාව ඔබ කුඩා කාලයේ ඉඳලා ආසාවෙන් හිටිය එක නොවුනට, හීන දැක්ක එක නොවුනට කණගාටු වෙන්න එපා. ඔබට ඒ රැකියාව සාර්ථකව කරගෙන යන්න පුළුවන් නම්, ඔබගේ අවශ්‍යතා ඒ හරහා සපුරාගන්න පුළුවන් නම්, ඔබගේ හා පවුලේ අනාගතය ආරක්ෂිත නම් ඔබට ඇත්තෙන්ම හිතෙයි ඔබගේ රැකියාවෙන් ඔබ කෙතරම් සතුටු වෙනවාද කියල. 

පොඩි අනතුරු ඇඟවීම් ටිකක්


  • පහසුවෙන් ලොකු මුදලක් ලබාගන්න පුළුවන් කියන රැකියා වලින් පරිස්සම් වෙන්න, මොකද එහෙම ඒව නෑ.
  • පිරමිඩ ක්‍රම වගේ දේවල් වලට එහෙම අහුවෙන්න එපා. අන්තිමට හිරේ යන්න උනත් සිද්ද වෙන්න ඉඩ තිබෙනවා.
  • පිටරට රැකියා වලට යන්න බලනවා නම් ඔබ සොයාගන්නා රැකියාව, අදාල ආයතනය, අනෙකුත් පසුබිම් විස්තර සියල්ලම සොයල බලන්න. හරියට හොයල බලන්නෙ නැතුව ගිහිල්ල ඔබ ලොකු අමාරුවක වැටෙන්න උනත් ඉඩ තිබෙනවා. සමහරවිට මරණය පවා. 

එහෙනම් මේ කොටස් 5කින් යුක්ත ලිපිය මෙතනින් අවසානයි, තවත් මේ සම්බන්ධ ලිපි මාලාවකින් මුණගැහෙමු.


"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

13 comments:

  1. වැදගත් ලිපියක් ,, ස්තුති

    ReplyDelete
  2. පොඩිම කාලේ ඉදන් මගේ ආසාවක් තිබ්බා කෝච්චියක ඩ්‍රැයිවර් කෙනෙක් හරි ගාඩ් කෙනෙක් හරි වෙන්න. ඊට පස්සේ ආසාව තිබ්බේ ගුරුවරයෙක් වෙන්න. ඒ අදහස නම් ඉශ්ඨ කරගත්තා. මම මගේම කියලා පන්තියක් කරනවා. :)
    ගාඩ් කෙනෙක් වෙන අදහස නම් ඉශ්ඨ කරගන්න බැරි උනා. ඒකට මැත්ස් කරපු අය ගන්නේ කියලා ඇහුවම යටපත් වෙලා තියෙන ආශාව ඉස්මතු උනා. බලමුකෝ ඉදිරියේදි... :)

    ReplyDelete
  3. වැදගත් ලිපි මාලාවක්.. ඔක්කොම කියෙව්වා. සමහර ඒවට කොමෙන්ට් දාන්න බැරි උනා ලැබ් එකේ මැශිමෙන් ආපු නිසා...

    කොහොම උනත් මට ඕන මගේම ආයතනයක් පටන් ගන්න.. ඒත් පටන්ගන්නෙ කොහෙන්ද කියල හිතාගන්න බෑ :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහසට.

      හුඟක් අයගෙ ඔය බලාපොරොත්තුව තියෙනව. මටත්.
      බැරි නෑ. පොඩි තැනකින් / අලුත්ම අදහසකින් පටන් ගන්න ඔනෙ.

      Delete
  4. ආ ඉතාම වැදගත් ලිපි මාලවක් කියලා හිතෙනවා. මම හිතන ඉතාම වැදගත් දේ තමයි අවසන් වශයෙන් අපිට් අසතුටෙන් කරන්න පුලුවන් ‍රැකියාවක් වෙන්න ඕනා කියන එක. ඒකට ඉතාම වැදගත් හේතුවක් තියන්වා. ඒක තමයි එහෙම වුනේ නෙත්නම් ජීවිත කාලෙම දුකින් ඉන්න වෙන්නේ.

    එවගේ දේවල් නිසා අවසනෙට අපි නිකන් ලෙඩ වෙන එක විතරයි වෙන්නෙ. ඔයාගේ ලිපි කියාවලා මටත් ආසා හිතුනා මෙකේ තියන සෞඛය පැත්ත ගැනත් ලියන්න. තවම මගේ සයිට් එක අලුත් එක නිසා එකෙ හදන්න දේවල් ටිකක් තියන්වා ඒක ඉවර වුන ගමන්ම ලියන්නම්කො ඒ ගැන

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. අවසානයේ අපි කිසියම්ම ආකාරයකින් හෝ සතුටු වෙනවා නම් අපි තෝරාගත් වෘත්තියෙන් ඒකයි අවශ්‍ය වෙන්නෙ.
      බොහොම ස්තුතියි අදහසට.

      ඉතින් ඇයි නොලියන්නෙ? සුභ පතනව සාර්ථක ලිපි මාලාවකට. :)

      Delete
  5. වැදගත් ලිපි පෙලක් අයියේ. ස්තූතියි
    පොඩි කාලේ නම් ආසාව තිබ්බේ ඉංජිනේරැවෙක් වෙන්න. දැන්නම් කැමති පරිගණක කෙෂත්‍රයේ රැකියාවකට. වැඩියෙන්ම කැමති මගේම යමක් (ආයතනයක් වගේ) පටන් ගන්න. :D බලමුකෝ......

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවද මමත් මුලින් ආසාවෙන් හිටියෙ පරිගණක ක්ෂේත්‍රයට. තාමත් ආසයි. නමුත් පස්සෙ හිතල බැලුවම, මට ඕනෙ උනේ නෑ පරිගණක ක්ෂේත්‍රය මගේ වෘත්තිය කරගන්න. මට ඕනෙ දේ, මම ආසාවෙන් හිටි දේ කරන්න නම් ඉංජිනේරු ක්ෂේත්‍රය තෝරාගත යුතුයි කියල මට හිතුන, ඉතින් මම තෝරාගත්ත ඒක. :)
      ඊට වඩා මම ඇත්තෙන්ම බැලුවොත් පරිගණක ක්ෂේත්‍රයට කැමතියි. නමුත් ඒක නෙමෙයි මගේ වෘත්තීය අවශ්‍යතාවය උනේ. පරිගණකයක් ඉස්සරහට වෙලා කොට කොටා ඉන්න, මොනිටරයක් දිහා දවසම බලාගෙන ඉන්නව කියන එක නෙමෙයි මගෙ අවශ්‍යතාවය උනේ, අලුත් නිර්මාණ කිරීම, අලුත් දේවල් සොයා බැලීම, නිර්මාණය කිරීම, විවිධ පරීක්ෂණ කිරීම. ඉතින් 100%ම නොවුනත් මම දැන් ඒ හැම දෙයක්ම කරනවා.

      තමන්ගෙම දෙයක් පටන් ගන්න එක හුඟක් අයගෙ සිහිනයක්. මගෙත්. මමත් ඒ සම්බන්ධයෙන් මේ දවස් වල පොඩි පොඩි දේවල් සැලසුම් කරමින් ඉන්නෙ.
      ඔයාටත් බැරි නෑ, නමුත් ගොඩක් හිතල බලල, හොයල බලල, හරි දේ තෝරාගන්න.

      Delete
    2. "මොනිටරයක් දිහා දවසම බලාගෙන ඉන්නව කියන එක නෙමෙයි මගෙ අවශ්‍යතාවය" මමත් එකගයි. නමුත් computer side එකෙනුත් අලුත් දේවල් කරන්න පුළුවන්නේ....
      මේ දවස් වල සැලසුම් කරන දේ සාර්ථක වෙන්න කියලා සුභ පතනවා !!!!

      Delete
    3. පුළුවන්. අනිවාර්යයෙන්ම. මමත් එහෙම දේකුත් මේ දවස් වල කරමින් ඉන්නෙ. අලුත්ම ආරක වෙබ් අඩවියක් නිර්මාණය කරමින් ඉන්නෙ.
      මම ඒ ප්‍රකාශයෙන් අදහස් කළේ, භෞතිකව පවතින නව නිර්මාණයක්, නව අදහසක් කරන්න ඕනෙ කියන එකයි. :)

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.