Saturday, September 10, 2011

Widgets

ඊයෙ ගොඩක් විශේෂ දවසක්

ඊයෙ, 2011 සැප්තැම්බර් 9 වනදා. ගොඩාක් විශේෂ දවසක් මට. මට විතරක් නෙමෙයි තවත් එක පුද්ගලයෙකුට. අද විශේෂයක් වෙන්න හේතු උනේ, 2009 සැප්තැම්බර් 9 වනදා විශේෂ දෙයක් සිද්ධ උනු නිසා. මගෙ ජීවිතේ උනු ගොඩක්ම ලස්සන දෙයක්. මම හොය හොයා උන්නු දෙයක් මට හම්බ උනු දවසක්. :) 

ඒ සිදුවීම සිද්ධ වෙලා ඊයෙට හරියටම වසර දෙකක් උනා. ඊයෙ මේ ගැන ලියන්න හිටියත් වෙලාවක් හම්බ උනේ නෑ. ඉතින් ඔය කියන දේ උනේ 2009 අවුරුද්දෙ 9 වෙනි මාසෙ 9 වෙනිද උදේ 9 වෙනි පැයේදි (හරියටම කිව්වොත් 08:30 ට. ) 
මොකද්ද කියල හිතාගන්න පුළුවන්නෙ? 


බලන්නකො, ක්ලික් එකක් දාල ලොකු කරල.
විස්තර කියන්න යන්නෙ නෑ, ඔයාල අදහස් දක්වල යන්නකො...

19 comments:

  1. godak lassanai.. next month eke eka matath galapenawa

    ReplyDelete
  2. හප්පේ අපටනම් තව කල් තියෙනවා.... ඒත් එක දෙයක් කියන්නම් සහෝදරයා කෙල්ලෙකුට කවදාවත් බොරුවට ආදරය කරන්න එපා මොකද උන් හැමදාම හදවතින් එකම එක කොල්ලටයි ආදරය කරන්නේ.....[ හැබැයි බොරුවට ආදරය කරන එවුනුත් ඕන තරම් ඉන්නවා].......

    ..::ජයවේවා::.

    ReplyDelete
  3. හ්ම්ම්. එහෙම කතාවක් කිව්වෙ ඇයි? හිතෙනවද මෙහෙම ලියන මම එහෙමයි කියල? :(

    එහෙම අය නම් ඕනෙ තරම් මේ ලෝකෙ ඇති, ඒත් මේ කොල්ල එහෙම නෙමෙයි. :)

    ReplyDelete
  4. සැබැ ආදර වන්තයින් දිනනවා................. සුභ පැතුම්!!!!

    ReplyDelete
  5. ඔව්. අපිත් දිනනවා.
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  6. සුභ අනාගතයකට සුභ පැතුම් දෙන්නටම :) ජය මංගල ගාථා කියන දවස ළඟදීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  7. මේ ලිපිය කියෙව්වම ගොඩක් දේවල් මතක් උනා සහෝ.
    2007 සැප්ත්ම්බර් මාසේ ඉදන් මගේ ජිවිතෙත් සැප්තැම්බර් මාසේ විශේෂ මාසයක්.ජිවිතේට සතුට ගෙනාවා වගේම පස්සේ කාලේක ජිවිකේට කදුලු ගෙනාවෙත් ඒ මාසේම තමා.

    ReplyDelete
  8. අයියෝ..මට කලින්ම සුභ පතන්න බැරි වුනානෙ මාධව. අවුරුදු දෙකක් වුනාද අප්පා..කාලය ගිය ඉක්මන නේද..මට තාම මතකයි මං ඔයාට උපදෙස් දුන්න හැටි..:)))

    ReplyDelete
  9. බොහෝ කල් යෙහෙන් කල් ගෙවන්නට...

    ඔන්න අපේ මාධව මලයට සහ ඔයාගේ ආදරවන්තියට අපේ සුභ පැතුම්... !!!

    ReplyDelete
  10. @Yohan: බොහොම ස්තුතියි මල්ලියා.

    @deeps: බොහොම ස්තුතියි. මාත් බලා ඉන්නෙ ඒ දවස එනකම් තමා. :)

    @Lahiru: අහ්. මොකද්ද උනේ කියල මම අහන්නෙ නෑ. නමුත් ඔබ වෙනුවෙන් මමත් කණගාටු වෙනවා. නමුත් ප්‍රශ්න, ගැටළු විසදගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියන්නයි ඕනෙ.

    @නිසුපා: ඔව් අවුරුදු දෙකක්. මටත් මතකයි තාමත් ඔයා කිව්ව දේවල්. :) ස්තුතියි එදා වෙනුවෙන්. :)

    @නදුන් උයන: බොහොම ස්තුතියි.

    ReplyDelete
  11. සුබ පැතුම් අයියා

    ReplyDelete
  12. ස්තුතියි මල්ලි..

    ReplyDelete
  13. ඔන්න එහෙනම් මාත් සුභපැතුවා.....!!!!!!!!!!

    ReplyDelete
  14. බොහොමත්ම ස්තුතියි..

    ReplyDelete
  15. බොහොම ස්තුතියි.

    ReplyDelete
  16. සුභ පැතුම් මාධව සහෝ!!!!

    ReplyDelete
  17. ඔබටත් ස්තුතියි..

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.