Sunday, November 29, 2009

පින්නවල සාමා

මේ කියන්න යන්නෙ සෙනෙරක් (සෙනෙර කියන්නෙ අලියගෙ ගෑණු සතා හොඳේ) ගැන. මෙයාගෙ නම "සාමා", ඉන්නෙ පින්නවල අලි අනාථාගාරයේ. මෙයාව එක්ක ඇවිල්ල තියෙන්නෙ ලංකාවෙ උතුරු කරයෙන්. යුද්ධයෙන් අනාථ වෙච්ච තවත් අසරණයෙක්. බිම් බෝම්බයකට කකුල තියල ඉස්සරහ දකුණු කකුලෙන් කොටසක් ඉවත් කරන්න වෙලා (අඟල් 6ක පමණ කොටසක්). දෑන් ඇය ඇවිදින්නෙ පාද 3කින්. දැන් ඇයට වයස අවුරුදු 15කට වැඩියි. (මට හරිම වයස දැනගන්න බැරි උනා) ඇවිදින එක කොච්චර අමාරු උනත් ඇය කැමති නෑ එක තැනට වෙලා ඉන්නවත් ඇයව රංචුවෙන් ඉවත් කරල තියෙනවටත්, බැරි බැරි ගානෙ හරි රංචුව එක්ක එහෙ මෙහෙ යනව. (නාන්නත් යනව.)...

Sunday, November 22, 2009

Chrome OS අද හෙටම එනවා

පසුගිය නොවැම්බර් 17 වනදා ගූගල් මගින් Chrome OS සම්බන්ධව විශේෂ සම්මන්ත්‍රනයල් තිබ්බලු, Chrome OS සම්බන්ධ Demos හා එහි අඩංගු විවිධ දේ සම්බන්ධව විස්තර කරන. එය ලබන අවුරුද්ද මුලදී එළි දැක්වීමට බලාපොරොත්තු වෙන බවත් එහිදී සාකච්ඡා වී තිබෙනව.ඒත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබිල තිබෙනව (මට නෙමෙයි හොඳේ, TechCrunch එකේ කට්ටියට), තව සතියක් පමණ ඇතුළත Google Chrome OS එළි දැක්වෙන වග.Chrome OS එක open source, සරළ, වේගවත්, වඩා ආරක්ෂිත හා සැහැල්ලු OS...

Friday, November 20, 2009

මැක් වලටත් දැන් ගූගල් ක්‍රෝම්

2008 සැප්තැම්බර් ඉඳල හැමෝම ක්‍රෝම් පාවිච්චි කරද්දි මැක් පරිශීලකයින්ට හිතෙන්න ඇතිනෙ අනේ අපිට කෝ ක්‍රෝම් කියල. ඔන්න ඔයාලටත් ක්‍රෝම් ලැබෙන්නයි යන්නෙ. මැක් වෙනුවෙන් ක්‍රෝම් වල බීටා සංස්කරණයක් ඉදිරි දෙසැම්බර් මාසෙදි නිකුත් aකරන්න යනවලු.කොහොම හරි මාස තුනක් විතර යයිලු ඒකෙ බීටා කියන කෑල්ල නැති වෙන්න, ඒ කියන්නෙ 2010 පෙබරවාරි වගේ වෙනකොට මැක් කස්ටියට ක්‍රෝම් එනව මුල්ම සංස්කරණය විදිහට.මේව හරියටම හරි දවස් නෙමෙයි, නමුත් මේ කාලය තුළ මේව සිද්ද වෙන්න පුළුවන්.මෙන්න...

Friday, November 13, 2009

ට්විටරය දැන් තවත් දියුණුයි

දැනට ට්විටරය පාවිච්චි කරන්න පුළුවන්, ඉංග්‍රීසි හා ජපන් භාෂාවෙන් පමණයි, නමුත් එය ප්‍රංශ, ඉතාලි, ජර්මන් හා ස්පාඤ්ඤ භාෂා වලිනුත් භාවිතා කළ හැකි ලෙස සකසන්නට එහි නිර්මාපකයන් වෙහෙසෙනවා.ඔයාලටත් කෑමති නම් සහභාගි වෙන්න පුළුවන්.  ඔවුන් කුඩා ස්වේච්ඡා කණ්ඩායම් වලට ආරාධනා කරනව, ඔවුන් සමඟ එකතු වෙන්න කියල, පරිවර්තන කටයුතු සඳහා.මේකෙන් ට්විටරය සමඟ සසම්බන්ධ වන පිරිස ඉතා විශාල ලෙස ඉහළ යාවි යෑයි එහි නිර්මාපකයන් බලාපොරොත්තු වෙනව...

Tuesday, November 10, 2009

Google Wave - සරළව

ගූගල් සමාගම Google Wave ගිණුම් කස්ටියට බෙදුව මතක ඈතිනෙ, අපේ මේ බ්ලොගෝලයේ කිහිපොඅ දෙනෙක්ටත් ලැබුන කියල ආරංචියි, මට නම් ලැබුනෙ නෑ. :(ඒකටත් වාසනාව ඕනෙ, හම්බ වෙච්චි අයට පුළුවන් තවත් අයට මේකට ඈරයුම් කරන්න, නමුත් ඒ අයටත් එක පාරටම දෙන්නෙ නෑ, ගූගල් කට්ටිය කැමති නම් විතරයි දුන්නෙ.කොයික කෙසේ වෙතත් ඒ ගිණුම් ලබා ගත්තු හුඟක් අයට google wave ගැන හරි හැටි දැනුමක් නෑලු. ඉතින් මිනිස්සුන්ට දැන ගන්න ඕනෙලු මේක කොහොමද වැඩ කරන්නෙ කියල.බලන්නකො මෙන්න මෙ විඩියෝ එක, ඒකෙ තියෙනව...

Saturday, November 7, 2009

ඔන්ලයින් වර්ඩ් ප්‍රොසෙසරයකින් බ්ලොග් ලිපියක් ලියුවෙමි.

මේක මම ලියන්නෙ www.zoho.com වල තියෙන zoho writer එකෙන්, මේක online word processor එකක්, google writer එක වගේ (හැබැයි ඊට වඩා දියුණුයි), මෙතනින්ම බ්ලොග් එකකට පෝස්ට් කරන්න පුළුවන්. මෙතන තියෙන WIZWIG editor එකේ ගොඩාක් options තියෙනව, සාමාන්‍ය blog editor එකට වඩා.මේ තියෙන්නෙ zoho writer එකේ පෙනුම. මේ වගේ සංකේත, සමීකරණ දාන්නත් පුළුවන්. මේ වගේ smilies දාන්නත් පුළුවන්.තව හුඟක් දේවල් දාන්න පුළුවන්, වගු, ඉරි, headers, footers, page numbers,...

Friday, November 6, 2009

මමත් දැම්ම මගෙ බ්ලොග් එකට E-Newsletter එකක්

ඔන්න මම මගෙ බ්ලොග් එකට e-newsletter එකක් දැම්ම, එන කට්ටිය ඒකට subscribe වෙන්න හොදේ. කරදරකාර මේල් නම් එවන්නෙ නෑ, වැදගත් මේල් තමයි එවන්නෙ. හැමදාම එවන්නෙත් නෑ, කාලෙන් කාලෙට තමා එවන්නෙ.මේක දැම්මෙ Google Friend Connect එකෙන්. බලන්නකො ගිහින්. එතන පහළින්ම මෙන්න මේ වගෙ එකක් තියෙනව, එතනින් තමයි මේක දා ගන්නෙ.ඔයාලත් දාල බලන...

කොටස් වෙළඳ පළ ගැන වැඩිපුරම ඈසෙන ප්‍රශ්න

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන යම්ම හෝ සිතිවිල්ලක් ඈති සෑම කෙනෙක්ම අසන පළමු ප්‍රශ්නය,මම කොටස් මිලදී ගත්තොත් මට හැම වෙලේම ලාභ ලැබෙනවද?අපොයි නෑ.කුමන ආකාරයක ආයෝජන ක්‍රමයක් උනත් ඒකෙ අවදානමක් තිබෙනව. අවදානම වැඩි වෙන තරමට ඒකෙන් ලැබෙන ලාභය වැඩියි. නමුත් ඉතින් හැමෝම එහෙම අවදානමක් ගන්න කැමති නෑනෙ, නේද?ඒක නිසා තමයි, ඔබට ගැළපෙන ආයෝජන ක්‍රමය ඔබ තෝරා ගත යුත්තේ.ඒ සඳහා මෙන්න මේ දේවල් ගැන සොයා බැලිය යුතුයි.එමගින් ලැබෙන ලාභයඔබ දරන්නට කැමති අවදානමේ ප්‍රමාණයඔබගේ ආයෝජනය යළි...

ගූගල් තුළ ඈති ඔබේ තොරතුරු එක වහලක් යටට

ගූගල් විසින් Google Dashboard කියල එකක් දියත් කරල තියෙනව. එමගින් ඔබ පාවිච්චි කරල සියළුම ගූගල් නිෂ්පාදන පිළිබඳ සියළු තොරතුරු, ලින්ක්, ඒවා කළමණාකරනය කරගැනීමට පහසුකම් සළසල තිබෙනව. Gmail, Calendar, Docs, Web History, Orkut, YouTube, Picasa, Talk, Reader, Alerts, Latitude, Friend Connect, Health, Profile, Contacts, Tasks, and Web History මෙන්න මේ ටික තමා දෑනට Googla Dashboard එකේ තියෙන්නෙ, Google Analytics, Checkout, App Engine, Bookmarks, Base, Groups, Sites, Knol, Local Business Center, Maps, Merchant Center, News, Notebook, Webmaster...

ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ අලුත්ම බීටා සංස්කරණය bookmark sync පහසුකම සමඟින්

ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ අලුත්ම බීටා සංස්කරණය bookmark sync පහසුකම සමඟින් නිකුත් සර තිබෙනවා."For those of you who use several computers -- for example, a laptop at work and a desktop at home -- you've asked for a way to keep your Google Chrome bookmarks in sync across multiple computers," explains Google. "Today's new beta release allows you to do just that! You can keep your Google Chrome bookmarks synchronized and up-to-date across the multiple computers you use, without needing to manually recreate your bookmarks every time you...

Monday, November 2, 2009

මෙ ජීවිතය බේරා ගනිමු

මේ අපේ කැම්පස් එකේ අපිට යට බැච් එකක කොල්ලෙක්, නම අසංක. ඔහුට වකුගඩු ආබාධයක් තිබෙනව, පොඩ්ඩක් උදව් කරමු නේද? මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකේ වැඩි විස්තර තියෙනව, පොඩ්ඩක් කියවල, පොඩි උදව්වක් දෙන්න පුළුවන් නම් ලොකු පිනක් වේවි. මම මේක දාන්න ටිකක් කල් ගියා, ඒ සම්බන්ධයෙන් සමාව අවසර.මෙන්න ලින්ක් එක.http://madhawablogs.blogspot.com/2009/10/help-to-save-valuable-life.h...