Saturday, September 8, 2012

Widgets

Book Fair එකත් අත ලඟ...


හ්ම්ම්. පොත් ප්‍රදර්ශනේකුත් එනවලු ඉතින්. ගිය පාර නම් අපි සෙට් එකක් එකතු වෙලා ගියානෙ. මේ පාර තාම කිසිම සද්දයක් නෑ වගෙයි. කෝ මේ අපේ කට්ටිය හැබෑට??? අර ලක්මිණි සොයුරිය මුහුණු පොතේ පටන් ගත්තු ත්‍රෙඩ් එක නම් තාම දුවනව, ඒත් බැරි බර ගාතෙ. කාගෙන්වත් හරි හෙල්ප් එකක් නෑ. :( මේ පෝස්ට් එක ලියනකොට කමෙන්ට්ස් 20000ට 29යි අඩු වෙලා තිබ්බෙ. 
ගිය පාර නම් මම යන්න ඉස්සෙල්ල පෝස්ට් දෙකක් ලියල ගිහිල්ල ඇවිල්ලත් පෝස්ට් එකක් ලිව්ව. ඒවායින් ගොඩක් අය ප්‍රයෝජනත් අරගෙන තිබුන. ඒ ලිපි දෙකට දාල තිබුණු කමෙන්ට් හරහා තවත් පොත් ගැනත් දැනගත්ත. 

ගිය පාර මතකයෙන්

ඉතින් මේ පාරත් හිතුන දැන්මම පෝස්ට් එකක් ලියන්න. ලියන්න කිව්වට එක පාරටම මොනවද ලියන්න යන්නෙ කියල අදහසක් එන්නෙ නෑ, කොහොමහරි, මේ පාර, අතේ සල්ලි ටිකක් වැඩිපුර තියෙනව. ඉතින් පොත් ටිකක් වැඩිපුර ගන්න පුළුවන් වෙයි කියල හිතනව. (ගිය පාර නම් අපේ සමහරු පොත් අරගෙන වැඩි වෙලා උස්සන් යන්න ගිහිල්ල කොන්දෙ අමාරුත් හදාගත්තද මන්ද.) 
ගිය පාර හිතාගෙන හිටි පොත් කිහිපයක් හොයා ගන්න නම් බැරි උනා. (චින්ගීස්ගෙ පොත් කිහිපයක්). සමහරවිට මේ පාර හොයාගන්න පුළුවන් වේවි. බෞද්ධ පොත් ටිකකුත් ගන්න හිතන් ගියාට ඒක එතරම්ම සාර්ථක උනේ නෑ. අනිත් එක ඡායාරූපකරණය සම්බන්ධ පොත්. එහෙම ඒවත් එකක් දෙකක් හම්බුනා, ඒත් ඒව ගන්න ගියා නම් වෙන පොත් ගන්න වෙන්නෙ නෑ. ඉන්ද්‍රනාථ මහත්මයගෙ පොත් තියේවිද දන්නෙ නෑ. මම කොපියක් පරිස්සම් කරල අරන් තියන්න කිව්ව. එතුමට මතකද දන්නෙ නෑ. :) 
ආ... ගිය පාර ගත්තනෙ, "ඈ හෙවත් අයේෂා" පොත. මේ පාර ඒකෙ ඉතිරි කොටස් ටික හොයල ගන්න ඕනෙ. තවත් ඒ වගේ හොඳ පරිවර්තන ටිකක් ගන්න අදහසක් තිබෙනවා. ගිය පාර ගත්තෙම චින්ගීස්, පව්ලෝ, වගේ අයගෙ පොත්නෙ. මේ පාර ටිකක් වෙනසක් කරන්නත් හිතෙනව. බලමුකො. ඉංගිරිසි පොතක් දෙකක් ගන්නත් ආසාව තියෙනව. කියවල තේරෙයිද මංද. 
ආ. ආතර් සී. ක්ලාක් මහත්මයගෙ "අවසන් සිද්ධාන්තය" පොත ගිය පාර ගත්තනෙ. ඊට පස්සෙ වෙලාවක (ඔය කිව්වට ඊට මාස 5,6කටත් පස්සෙද කොහෙද) සරසවි පොත් හලට ගිය වෙලාවක, එතුමාගෙ තව පොතක් ගත්ත. "රාමා හමුව". එතුමගෙ තවත් පොතක් දෙකක් ගන්න ඕනෙ. S & T Group එකේ ස්ටෝල් එක කළේ මගෙ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් නිසා වැඩි ඩිස්කවුන්ට් එකකුත් හම්බුනා (හ්ම්ම්, යාලුව මොකාද කියල දැන් මතක නෑනෙ. මේ පාර ඒ කියන්නෙ වැඩි ඩිස්කවුන්ට් නෑ. :( )
එරිච් සේගල් ගෙ The Love Story (පරි: ප්‍රදීප් කුමාර බාලසූරිය) පොත ලෝකෙම ප්‍රසිද්ධ උනු ආදර අන්දරයක් ගැන පරිවර්තනයක්. හැබැයි පොත නම් ගොඩක් පොඩී. අර්නස්ට් හෙමිංග්වේගෙ "මහල්ලා සහ මුහුද" (පරි: ප්‍රාම් දෙල්දෙණිය) ගොඩක් ප්‍රසිද්ධ පොතක්. 
හොයා ගන්නව නම් හොයාගන්න මේන්න මේ පොත. ආර්. ඊ. රාස්ප්ගෙ "මැංචෝසන් චාරිකා" (අනු: ඩී. බී කුරුප්පු). බඩ පැලෙනකම් හිනා උනෑකි. මම මේ පොත හොයල හොයල හොයා ගත්තෙ මරදානෙ ගොඩගේ පොත් මැදුරෙන්. කෝල් කරල පොත බුක් කලා. :) තිබ්බ අන්තිමම කොපියද මන්ද. 
ඉතින් ඔයාලගෙ අදහසුත් කියනවද. ඒ කිව්වෙ ගන්න ගොඳ පොත් පිළිබඳ අදහස්. සරසවි පොත් හලේ වෙබ් අඩවියත් ටිකක් බලල යන එක හොඳයි. සෙනඟ අස්සෙ පොත් තෝරන්න ඒක යම්ම හරි පහසුවක් වෙයි. ඇයි අපේ මිත්‍රයෙක් පවත්වාගෙන යන SinhalaBooks.lk වෙබ් අඩවිය. ඒකත් බලන්න ඕනෙ. 

මම යන්න හිතන් ඉන්නෙ ඉරිදා (23). ඔයාල යන්නෙ කවදද? 

8 comments:

  1. මමත් 22 එන්න බලන්නම්, 25 යන්නත් හිතක් තියෙනවා.... (අයියා එක්ක) බලමු. නිසුපා චිත්‍රපටි වගයකුත් ඉල්ලලා තියෙනවා!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මම මේ වාරේ ෂර්ලොක් හෝම්ස් කලෙක්ශන් එකේ ඉතුරු වෙලා තියන් පොත් තුන ගන්ඩ ඉන්නේ...

    ආහ් ඒ වගේම භද්‍රජි මහින්ද ජයතිලකගේ පොත් වගයකුත් ගන්ඩ ඉන්නේ !!!

    කවද්ද අයියා යන්නේ ? මාත් සෙනසුරාද එන්ඩ හිතන් ඉන්නේ...

    ReplyDelete
  4. තවම යන දවස ගැන අදහසක් නැහැ..... බලමුකෝ අයියා. පුලුවන් වුණොත් හම්බෙමු :)

    ReplyDelete
  5. මට මඤ්ඤං වෙලාද මන්ද. ආපහු වැරදිලා. 23 ඉරිදා ගැන තමා මම කියන්නෙ.

    ReplyDelete
  6. ඈ හෙවත් අයේශා කියන්නෙ ඒ series එකේ පලවෙනි කතාවද?මටත් ඒක ගන්න ඕනේ ඒකයි .

    ReplyDelete
  7. @Ano: ඔව්. ඒක තමයි පළමු කොටස. ඒ පොතත් කොටස් දෙකකට තියෙන්නෙ. :)

    ReplyDelete
  8. මමත් එහෙනම් 23 වෙනිදට එන්නම්.

    කාටහරි ලේසියෙන්ම $20 ක් හොයා ගන්න ඕනෙ නම් මේක බලන්න.
    bestemoneymaking.blogspot.com

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.